නැව් කථා

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
උපුටා ගැනීමකි.

ආයුබෝ වේවා
"උඹලා මුහුදෙදි මැරුනොත් මුහුදට දානවා කියන්නේ ඇත්තද බං"
මිතුරන් මෙසේ ඇසූ අවස්ථාද නැත්තේම නැත.අපගේ ගමන් සමහරක් ඉතා දීර්ඝය.උදාහරණයක් ලෙස අපගේ ඊලග ගමන වන්නේ සවුදි අරාබියේ සිට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් වරායයි.වේගය පැයට නාවුක සැතපුම් 13 ක් වන අපගේ සාමාන්‍ය වේගයෙන් ගනන් බැලූ කල ගතවන කාලය දින 42 කි.මෙවන් ගමනක් අතරතුර හදිසි අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත.සමූහයේ ඇති නාවික සොහොයුරන්ට. සමහර විට මේ ගැන අත්දැකීම් ලැබී ඇතැයි සිතමි.

මරණයක් සිදුවුවහොත් නෞකාව ආසන්න වරායකට හරවා සිරුර ඒ රටේ සිට ලංකාවට එවීමට කටයුතු සිදුකෙරේ.ලගම වරායකට හැරෙව්වත් ඒ සදහාද දින ගනන් ගතවේනම් නෞකාවේ ආහාර ගබඩා කරන ශීත කාමරය තුල සිරුර තැන්පත් කර රැගෙන ඒම සිදුකරයි.

මා දන්නා කිහිප දෙනෙකුම නෞකාවන් තුල මියගොස් ඇත.මා සේවය කරන සමාගමේ නෞකාවක සේවයේ නිරතව සිටි යුක්රේන ජාතික ඉන්ජිනේරුවකු හර්ධයාබාධයක් නිසා මියගොස් තිබුනේ ඔහුගේ සේවා කාලය නිමවා ඊලග වරායෙන් නිවස බලා යාමට සූදානම්ව සිටියදීය.ඔහුගේ දේහය පිලිපීන වරායකදී ගොඩබිමට බාරදී යුක්රේනය බලා යවා තිබුනි.

පෝලන්ත ජාතික කපිතාන්වරයෙකු යටතේ මම එක් නෞකාවක කලක් සේවය කලෙමි.ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ ඔහු හට ලාන්කික කාර්ය මණ්ඩලය දැඩි කැමැත්තක් දැක්විය.නමුත් ඔහු දැඩි ලෙස මත්පැන් පානය කලේය.සමහර දිනවල ඔහු දින දෙක තුනක් ආහාර පවා නොගෙන බීමතින් කාලය ගත කලේය.සෙනසුරාදා දිනක දිවා ආහාරයෙන් පසු කැබින් එකට ගිය ඔහු ඉන්පසු කිසිවෙකු දැක තිබුනේ නැත.පසුදින ඉරිදා නෞකාවේ නත්තල් සාදය යෙදී තිබුනු අතර නැවේ ප්‍රධාන නිලධාරීවරයා ඒ සදහා කපිතාන්වරයා සොයා ඔහුගේ කැබින් එකට ගියත් ඔහු එහි සිට නැත.ඉන්පසු කාර්ය මණ්ඩලය නෞකාව පුරා ඔහු සොයා බැලුවත් ඔහු හමුවී නැත.ඉන්පසු නෞකාව නැවත ආ ගමන් මගේම හරවා පැය හයක් ආපසු ගමන් කර සෝදිසි කලත් මුහුදේදී හෝ ඔහු පිලිබද හෝඩුවාවක් ලැබී නැති අතර නෞකාව නැවත ගමනාන්තය වූ ජපානයට යාත්‍රා කොට තිබේ.නිගමනය වූයේ ඔහු මුහුදට පැන සියදිවි නසාගන්නට ඇති බවය.අදටත් ඔහුගේ සිරුර හමුවූයේ නැත.

කැනඩාවේ වැන්කුවර් වරායේ දී අප සහෝදර තරුණ ශ්‍රී ලාන්කික නැවියෙකු සියදිවි හානි කරගත්තේය.ඔහු සිරුර නෞකාවේ තීන්ත ගබඩාව තුල ලණුවකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.ඔහු මියයද්දී නෞකාවේ සිටි කපිතාන්වරයා මා හට පසුකලෙක වෙනත් නෞකාවකදී හමුවිය.ඔහු පෝලන්ත ජාතිකයෙකි.ඔහු මා සමග පැවසුවේ එම නාවිකයා ඔහුගේ දිවිය තුල මුණගැසුණු ඉතාමත් හොද නාවිකයෙක් බවත් ඔහුගේ මරණය තවමත් කම්පනයෙන් සිහිකරන බවත්ය.ඔහු මියයාමට ප්‍රථම ලියූ ලිපියක් තවමත් එම කපිතාන්වරයා අත ඇත.ඔහුගේ සිරුර මාසයකට පමන පසු ලංකාවට එවා තිබින.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී නෞකාවේ කන්ටේනර් සුරක්ෂිත (lashing) කරමින් සිටි වරායේ සේවකයකු නැව් තට්ටුව ( Deck)මත මියගියේ හදිසි අනතුරකිනි. කන්ටේනරයක් සහ නෞකාවේ දොඹකරයක බදට සිරවූ ඔහු මියගියේ විනාඩි පහලොවක් පමන නැව් තට්ටුව මත පන ඇදීමෙනි. ප්‍රථමාධාර දීමට ඔහු ලගට නෞකාවේ කාර්ය මණ්ඩලය ගියත් එයට වරාය සේවකයන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ එච්අයිවී සම්ප්රේක්ෂනය වේ යැයි බිය නිසා විය හැකිය.මියගිය ඔහුගේ සිරුර නැව් තට්ටුව දිගේ ඇදගෙන ගිය ඔවුන් ගිලන්රථයක් එනතුරු පැයක පමණ කාලයක් සිරුර ජැටිය මත බිම දමා තිබුනි.ඔවුන් එම සිරුරට සැලකූ ආකාරය ගැන මට දැනුනේ දැඩි කම්පනයකි.

නාවිකයන්හට අසනීප හෝ අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර සදහා කාමරයක් ( Hospital) නෞකා තුල ඇත.එය ඇදක් හෝ දෙකක් සහිත කාමරයකි.ඖෂධ ද එහි ඇත.සෑම නාවිකයෙකුටම ප්‍රථමාධාර පිලිබද පුහුණුවක් සහ සහතිකයක් ඇති අතර එය සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කලයුතුය.ඖෂධ සහ ප්‍රතිකාර පිලිබද දැනුමක් ඇති නිලධාරියෙකු නෞකාවේ ඇත.වැඩිදුර ප්‍රතිකාර ඇවැසි නම් ගොඩබිම සිටින වෙද්යවරයෙකු රේඩියෝ මගින් අමතා උපදෙස් ලබා ගනී.ගොඩබිමකට ලගාවූ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා වෙද්යවරයකු වෙත හෝ රෝහලකට යවනු ලැබේ.අසනීප උත්සන්න වී ගොඩබිමකට ලගාවීමකට පෙර මියගිය නැවියන් දෙදෙනෙකු පිලිබද මතකයේ ඇත.

බ්‍රසීලයේ විටෝරියා වරයේදී වරෙක අප නැන්ගුරම් දමා තිබුනි. එහිදී කොලබ පිහිටි අප සමාගමෙන් ලැබුනු පණිවුඩයකින් කියවුනේ අපගේ සහෝදර නැවියකුගේ මව මියගිය පුවතයි.නෞකාව වරායේ තිබූ නිසා නෞකා සමාගම විසින් ක්ෂණිකව සියලු කටයුතු පිළියෙල කර නාවිකයාව නිවස බලා යැවුවේය. නෞකාව මුහුද මැද තිබුනානම් ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.
මා ඔබට කිව්වේ නාවික දිවියේ බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩකි.

ධම්මික පෙරේරා @ Persian gulf
 
dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මං අවුරුදු 05 ක් වැඩ කළා ඉතාලියට අයිති Costa Cruise කියන සමාගමේ. එක සැරයක් මාත් එක්කම වැඩ කරපු ඉන්දියන් ජාතික අවුරුදු 24 ක් වයස කොල්ලෙක් එක පාර අතුරුදහන් වුනා. කැමරා record වල තිබුනේ රෑ 1 ට විතර බාර් එකේ ඉඳලා crew beach (staff එකේ swimming pool එක සහ අව්ව තපින ස්ථානයට) යන record එක. බාර් එකේ හිටපු අයත් අන්තිමට දැකලා තියෙනවා හොඳටම බීලා රෑ 1 ට විතර බාර් එකෙන් එලියට යනවා. එතනින් එහාට කිසිම තොරතුරක් නෑ. අපි දැන ගත්තේ උදේ 8 ට විතර. නැව ආපහු හරවගෙන ගියා රෑ 1 ට විතර තිබුන තැන වෙනකන්. පැය ගානක් අපේ 06 ක් විතර නැවත්, තව නැව් 03 කුත් ඒ හරියේ හෙව්වා. කිසිම දෙයක් දැන ගන්න වුනේ නෑ. මගේ ඒ contract එක ඉවර වෙනකන් කිසිම තොරතුරක් හම්බ වුනේ නෑ. ගෙදරට Insurance එක දුන්නා කියලා නම් ආරංචියක් ආවා.

    පව්. ඒ කොල්ලා හොඳ කොල්ලෙක්. මාත් එක්ක එකට වැඩ කලේ.

    ඒ වගේම Brazil Dancer කෙනෙක් මුහුදට පැන්න තව එකක් තියෙනවා. ඒක වෙනම දාන්නන්.
     
    :sorry::sorry:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මගේ තව contract එකකදී අපිත් කෙල පෙරාගෙන බලපු ලස්සන Brazil Dancer කෙනෙක් එක පාර අතුරුදහන් වුනා. (Brazil කෙල්ලෝ කිව්වම දන්නවනේ ඉතින් කොහොමද කියලා.) camera record අරගෙන බැලුවම තියෙන්නේ, 03 වෙනි තට්ටුවේ open balcony එකට තව දෙතුන් දෙනෙක් එක්ක ගිහින්, දාගෙන ඉන්න ඔක්කොම jewellery ගලවලා swimming pool එකකට පනිනවා වගේ ලස්සනට මුහුදට පනිනවා. එතකොට අපි cruise කලේ Mediterranean. turkey වලින් ගංජා එහෙම නැවට ගේන කතාවක් ඒ දවස් වල ගියා. හැමෝම කිව්වේ ගංජා හෝ වෙනත් මත් ද්‍රවයක් අරගෙන කියලා.

    එතකොට මේක කියෙව්වම හැමෝටම එන ප්‍රශ්නයක් තමයි එහෙම පැන්නම මොකද වෙන්නේ කියලා. මන් නම් හිතන්නේ නැව යන speed එකට propeller (නැව් පෙත්තට) එකට අදිනවා ඇති. නැත්තන් ඉතින් මෝරෙක් කයි, නැත්තන් ඉතින් සීතලේ ගල් වෙලා ගිලිලා මැරෙයි.
    ඒකටත් පැය ගානක් හෙව්වා. south American නිසා ඉන්දියන් එකාට වඩා තැනක් දුන්නා. එදාත් නැව් 04 ක් 05 ක් හෙව්වා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නැවක වැඩ කරන එකම එක යාලුවයි හිටියේ.. ඒ යාලුවත් නැති උනා අවුරුදු 27දීම..:sorry:
    නැවක වැඩ කරනවා කියලා විතරයි දැනන් හිටියේ..
    නිවාඩු ඇවිත් හිටිය එක දවසකවත් කතා කරන්න ලැබිලා නෑ..:(

    +Rep​
     
    • Like
    Reactions: MayuraAlwiz

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    උපුටා ගැනීමකි.

    ආයුබෝ වේවා
    "උඹලා මුහුදෙදි මැරුනොත් මුහුදට දානවා කියන්නේ ඇත්තද බං"
    මිතුරන් මෙසේ ඇසූ අවස්ථාද නැත්තේම නැත.අපගේ ගමන් සමහරක් ඉතා දීර්ඝය.උදාහරණයක් ලෙස අපගේ ඊලග ගමන වන්නේ සවුදි අරාබියේ සිට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් වරායයි.වේගය පැයට නාවුක සැතපුම් 13 ක් වන අපගේ සාමාන්‍ය වේගයෙන් ගනන් බැලූ කල ගතවන කාලය දින 42 කි.මෙවන් ගමනක් අතරතුර හදිසි අනතුරක් හෝ මරණයක් සිදුවුවහොත් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත.සමූහයේ ඇති නාවික සොහොයුරන්ට. සමහර විට මේ ගැන අත්දැකීම් ලැබී ඇතැයි සිතමි.

    මරණයක් සිදුවුවහොත් නෞකාව ආසන්න වරායකට හරවා සිරුර ඒ රටේ සිට ලංකාවට එවීමට කටයුතු සිදුකෙරේ.ලගම වරායකට හැරෙව්වත් ඒ සදහාද දින ගනන් ගතවේනම් නෞකාවේ ආහාර ගබඩා කරන ශීත කාමරය තුල සිරුර තැන්පත් කර රැගෙන ඒම සිදුකරයි.

    මා දන්නා කිහිප දෙනෙකුම නෞකාවන් තුල මියගොස් ඇත.මා සේවය කරන සමාගමේ නෞකාවක සේවයේ නිරතව සිටි යුක්රේන ජාතික ඉන්ජිනේරුවකු හර්ධයාබාධයක් නිසා මියගොස් තිබුනේ ඔහුගේ සේවා කාලය නිමවා ඊලග වරායෙන් නිවස බලා යාමට සූදානම්ව සිටියදීය.ඔහුගේ දේහය පිලිපීන වරායකදී ගොඩබිමට බාරදී යුක්රේනය බලා යවා තිබුනි.

    පෝලන්ත ජාතික කපිතාන්වරයෙකු යටතේ මම එක් නෞකාවක කලක් සේවය කලෙමි.ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ ඔහු හට ලාන්කික කාර්ය මණ්ඩලය දැඩි කැමැත්තක් දැක්විය.නමුත් ඔහු දැඩි ලෙස මත්පැන් පානය කලේය.සමහර දිනවල ඔහු දින දෙක තුනක් ආහාර පවා නොගෙන බීමතින් කාලය ගත කලේය.සෙනසුරාදා දිනක දිවා ආහාරයෙන් පසු කැබින් එකට ගිය ඔහු ඉන්පසු කිසිවෙකු දැක තිබුනේ නැත.පසුදින ඉරිදා නෞකාවේ නත්තල් සාදය යෙදී තිබුනු අතර නැවේ ප්‍රධාන නිලධාරීවරයා ඒ සදහා කපිතාන්වරයා සොයා ඔහුගේ කැබින් එකට ගියත් ඔහු එහි සිට නැත.ඉන්පසු කාර්ය මණ්ඩලය නෞකාව පුරා ඔහු සොයා බැලුවත් ඔහු හමුවී නැත.ඉන්පසු නෞකාව නැවත ආ ගමන් මගේම හරවා පැය හයක් ආපසු ගමන් කර සෝදිසි කලත් මුහුදේදී හෝ ඔහු පිලිබද හෝඩුවාවක් ලැබී නැති අතර නෞකාව නැවත ගමනාන්තය වූ ජපානයට යාත්‍රා කොට තිබේ.නිගමනය වූයේ ඔහු මුහුදට පැන සියදිවි නසාගන්නට ඇති බවය.අදටත් ඔහුගේ සිරුර හමුවූයේ නැත.

    කැනඩාවේ වැන්කුවර් වරායේ දී අප සහෝදර තරුණ ශ්‍රී ලාන්කික නැවියෙකු සියදිවි හානි කරගත්තේය.ඔහු සිරුර නෞකාවේ තීන්ත ගබඩාව තුල ලණුවකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.ඔහු මියයද්දී නෞකාවේ සිටි කපිතාන්වරයා මා හට පසුකලෙක වෙනත් නෞකාවකදී හමුවිය.ඔහු පෝලන්ත ජාතිකයෙකි.ඔහු මා සමග පැවසුවේ එම නාවිකයා ඔහුගේ දිවිය තුල මුණගැසුණු ඉතාමත් හොද නාවිකයෙක් බවත් ඔහුගේ මරණය තවමත් කම්පනයෙන් සිහිකරන බවත්ය.ඔහු මියයාමට ප්‍රථම ලියූ ලිපියක් තවමත් එම කපිතාන්වරයා අත ඇත.ඔහුගේ සිරුර මාසයකට පමන පසු ලංකාවට එවා තිබින.

    දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී නෞකාවේ කන්ටේනර් සුරක්ෂිත (lashing) කරමින් සිටි වරායේ සේවකයකු නැව් තට්ටුව ( Deck)මත මියගියේ හදිසි අනතුරකිනි. කන්ටේනරයක් සහ නෞකාවේ දොඹකරයක බදට සිරවූ ඔහු මියගියේ විනාඩි පහලොවක් පමන නැව් තට්ටුව මත පන ඇදීමෙනි. ප්‍රථමාධාර දීමට ඔහු ලගට නෞකාවේ කාර්ය මණ්ඩලය ගියත් එයට වරාය සේවකයන් ඉඩ ලබා දුන්නේ නැත.ඒ එච්අයිවී සම්ප්රේක්ෂනය වේ යැයි බිය නිසා විය හැකිය.මියගිය ඔහුගේ සිරුර නැව් තට්ටුව දිගේ ඇදගෙන ගිය ඔවුන් ගිලන්රථයක් එනතුරු පැයක පමණ කාලයක් සිරුර ජැටිය මත බිම දමා තිබුනි.ඔවුන් එම සිරුරට සැලකූ ආකාරය ගැන මට දැනුනේ දැඩි කම්පනයකි.

    නාවිකයන්හට අසනීප හෝ අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර සදහා කාමරයක් ( Hospital) නෞකා තුල ඇත.එය ඇදක් හෝ දෙකක් සහිත කාමරයකි.ඖෂධ ද එහි ඇත.සෑම නාවිකයෙකුටම ප්‍රථමාධාර පිලිබද පුහුණුවක් සහ සහතිකයක් ඇති අතර එය සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කලයුතුය.ඖෂධ සහ ප්‍රතිකාර පිලිබද දැනුමක් ඇති නිලධාරියෙකු නෞකාවේ ඇත.වැඩිදුර ප්‍රතිකාර ඇවැසි නම් ගොඩබිම සිටින වෙද්යවරයෙකු රේඩියෝ මගින් අමතා උපදෙස් ලබා ගනී.ගොඩබිමකට ලගාවූ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා වෙද්යවරයකු වෙත හෝ රෝහලකට යවනු ලැබේ.අසනීප උත්සන්න වී ගොඩබිමකට ලගාවීමකට පෙර මියගිය නැවියන් දෙදෙනෙකු පිලිබද මතකයේ ඇත.

    බ්‍රසීලයේ විටෝරියා වරයේදී වරෙක අප නැන්ගුරම් දමා තිබුනි. එහිදී කොලබ පිහිටි අප සමාගමෙන් ලැබුනු පණිවුඩයකින් කියවුනේ අපගේ සහෝදර නැවියකුගේ මව මියගිය පුවතයි.නෞකාව වරායේ තිබූ නිසා නෞකා සමාගම විසින් ක්ෂණිකව සියලු කටයුතු පිළියෙල කර නාවිකයාව නිවස බලා යැවුවේය. නෞකාව මුහුද මැද තිබුනානම් ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නැත.
    මා ඔබට කිව්වේ නාවික දිවියේ බොහෝ දෙනෙකු නොදන්නා පැතිකඩකි.

    ධම්මික පෙරේරා @ Persian gulf

    kiriye nawiya pennawath nea dan

    amaruma rassawak neda oka

    So sad dear.....

    thanks all