නැස් රුදීන් ගේ කතා

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කුලීකාරයා



    නස් රුදීන් දවසක් කඩ පිලේදී කුලී කාරයෙකුට මෙහෙම කිව්වා තමුසෙට පුලුවන්ද මේ බඩු මල්ල මල්ල මගේ ගෙදරට ගිහින් දෙන්න ,
    පුලුවන් කොහෙද තමුන්න්නසෙගෙ ගෙදර තියෙන්නෙ කුලීකරායා යටහත් පහත්ව ඇහුවා,

    නසෘදීන් ඔහු දිහා සැක මුසු විදියට බලා මෙහෙම කිව්වා,තමුසෙ මාර මිනිහෙක්නෙ,අදමයි මන් තමුසෙව දැක්කෙ,තමුසෙ හොරෙක් වෙන්නත් පුලුවන්,එහෙම අඳුනනෙ නැති මිනිහෙකුට මන් මගෙ ගෙදර තියෙන තැන කියන්න තරම් මෝඩයෙක් නෙමෙයි
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නස් රුදීන් හා කරණවෑමියා

    නස් රුදීන් දවසක් රැවුල කපා ගන්න බාබර් කෙනෙක් (කරණවෑමියෙක් ) ලඟට ගියා,

    කරණවෑමියා රැවුල කැපුවේ මොට්ට දැලි පිහියකින්,වගේම නොසැලිකිලිමත් විදියට, මේ නිසා මූනෙ එක පැත්තක් දැලි පිහියට නොසෑහෙන්න කැපුනා,

    ඒත් බාබර් කලේ ඒ හැම තැනටම පුලුන් කැලි තියලා ලේ ගැලීම නවත්වපු එකයි,
    කොහොම හරි ඒ පැත්තේ රැවුල කපලා ඉවර වෙන කොට නස් රුදීන් ගේ මූනෙ පැත්තක්ම පුලුන් කෑලි වලින් වැහිලා ඉවරයි,

    කරණවෑමියා දැන් අනිත් පැත්තෙ රැවුලත් කපන්න සූදානම් උනා,
    එතකොටම නසෘදීන් කණ්ණාඩියෙන් මූන බලලා මෙහෙම කිව්වා ඒ ඇති යාලුවා',මන් කල්පනා කලේ එක පැත්තක පුලුන් වවන්න ,අනිත් පැත්තෙ බාර්ලි වවන්න',
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නසෘදීන් ගේ ඇඳුම

    නස් රුදීන් අලුත් ඇඳුමක් මහන්න ටේලර් කෙනෙකුට දුන්නා,එතැන හරි කලබල තැනක්

    තව සුමානයකින් එනවා, අල්ලාගෙ පිහිටෙන් ඇඳුම මහාලා තියන්නම්, ටේලර් කිව්වා,

    නස් රුදීන් සුමානෙකට පස්සෙ ගියා, තව පොඩ්ඩක් තියෙනවා, අල්ලාගෙ පිහිටෙන් හෙට ඉවර කරලා තියන්නම් ටේලර් කිව්වා,
    නස්‍රදීන් පසුවදාත් ගියා ඇඳුම ගන්න, තව පොඩ්ඩක් තියෙනවා අල්ලාගෙ පිහිටෙන් හෙට ඉවර කරතෑකි ..

    නස් රුදීන් ට ඉවසන්න බැරිම තැන මෙහෙම ඇහුවා ''හොඳයි මට කියනවා අල්ලා පැත්තකින් තිබ්බොත් තමුසෙට ඔය ඇඳුම ඉවර කරන්න කොච්චර කල් යයිද?''