නැසියනොහැකි රුසියාවේ නූතන යුද ටැංකි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නැසියනොහැකි රුසියාවේ නූතන යුද ටැංකි

    1ca3uuH.jpg


    නැසියනොහැකිය:නූතන රුසියානු යුද ටැංකි විනිවිද යා නොහැකි කුමක්ද නිසාද


    රුසියානු යුද ටැංකි කාර්යමණ්ඩලවල නිලධාරින්ගෙ වෘත්තීය නිවාඩු දිනය වන සැප්තැම්බර් මස 11දා Zvezda ටීවී ආයතන, රුසියානු නූතන යුද ටැංකි විනාශ කිරීම ඉතා අසීරු වන්නේ ඇයි දැයි සොයාබලන ලදි.​



    ප්‍රතික්‍රියක සන්නාහය

    සිය යුද ටැංකිවල සන්නාහයේ ඝණකම සම්බන්ධව යුද ටැංකි කාර්යමණ්ඩලයන් විශ්වාසය තැබූ කාලය අතීතයට එක්ව හමාරය.මේ කාලයේ යුද ප්‍රතික්‍රියක සන්නාහයෙන් සන්නද්ධව තිබෙන්නේ cumulative,armor-piercing ආදී උණ්ඩවලින් ආරක්ෂා වීම සඳහාය.

    දෙවන ලෝක යුද සමයේදී,එනම් ප්‍රතික්‍රියක සන්නාහය පැමිණීමට බොහෝ කාලයකට පෙර දැවැන්ත යුද ටැංකිවල සන්නාහයේ ඝනකම සෙන්ටි මීටර් 25ක් පමණ විය.​


    ටී-90 සහ ටී-80 යුද ටැංකි සහ ම්ස්ටා-එස් ජංගම කාලතුවක්කු රථ,Invincible and Legendary military and patriotic programme of the Engineering Technologies 2014 international forum සඳහා අවසන් පුහුණුවීම් සිදුකල අයුරු.​

    QzvvK3D.jpg



    නූතන යුද ටැංකිවල ආරක්ෂක සන්නාහය තුනී නමුත් තවමත් ඒවා විනාශ කිරීම ලේසි පහසු නැත.ඒ සඳහා සියලුම ස්තුතිය හිමිවිය යුත්තේ නූතන ප්‍රතික්‍රියක සන්නාහයටයි.ඒවාට සන්නාහයන් බිඳගෙන යන උණ්ඩ හමුවේ නොසැලී සිටිය හැකිය.

    PtBph2Z.jpg
    යුද ටැංකියක විවිධ පැති සහ කොටස් සඳහා නිර්මාණය කල ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල්​

    රෙලික්ට් යනු රුසියාව නිපදවන ලද වඩාත් නූතනම පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයයි.මෙය ඊට පෙර රුසියාව භාවිතා කල කොන්ටැක්ට්-5 නම් පුපුරණ සුළු ප්‍රතික්‍රියක සන්නාහයට වඩා දෙගුණයක් ප්‍රතිඵලදායි බව සඳහන් වේ.රෙලික්ට් සන්නාහය 2006 වසරේදී හඳුන්වා දුන් අතර දැනට ටී-72බී,ටී-90ඒ එම් සහ නවතම අමාටා ටී-14 යුද ටැංකිවල භාවිතා කෙරේ.එය අඩු ප්‍රවේගී,ඉහළ ප්‍රවේගී මිසයිල හමුවේ සාර්ථක සන්නාහයකි.තවද shaped charges වලට එරෙහිව දෙගුණයක ආරක්ෂාවක් සපයයි.

    6dKOWGp.jpg
    ටී-72බී යුද ටැංකියක්​

    VnQpSbB.jpg
    අමාටා ටී-14 යුද ටැංකියක්​



    ප්‍රතික්‍රියක සන්නාහය සම්බන්ධ අදහස 1948 වසරේදී සෝවියට් දේශය විසින් ඉදිරිපත් කරන ලදි.

    දෙවන ලෝක යුද සමයේදී සෝවියට් දේශය භාවිතා කල දුරස්ථව පාලනය කල ටී-26 යුද ටැංකියක් සහ එය හැසිරවීම සිදුකල පුද්ගලයා සිටි ටියූ-26 යුද ටැංකියක්

    U6DQsWw.jpg



    ප්‍රතික්‍රියක සන්නාහය හඳුන්වාදීමට දිගු කලයක් මෙන්ම විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.ඊට එරෙහිව සන්නාහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරියෙක් වූ මාර්ෂල් ඇසම්ස්ප් බාබ්ඩ්සාබියන් ප්‍රබල ප්‍රතිවිරෝධයක් එල්ල කරන ලද්දේ පුපුරණ ද්‍රව්‍ය එක් ග්‍රෑමයක් හෝ යුද ටැංකිවල රැදවීමට ඉඩ නොදෙන බව පවසමින් බව කියවේ.

    නමුත් පසුකාලීනව ප්‍රතික්‍රියක සන්නාහයන්හි ඵලදායිතාවය වැටහුණේ ඒවා නිසා දහස්ගණන් යුද ටැංකි කාර්යය මණ්ඩල සාමාජිකයින් දිවි බේරාගත් බැවිනි.උතුරු කොකේසස් අරගලයේදී එක් යුද් ටැංකියකට අනුක්‍රමිකව ආර්පීජී ප්‍රහාර හයකට මුහුණදීමට සිදුවිය.එවැනි ප්‍රහාරයක් හමුවේ යුද ටැංකියක් අලුත්වැඩියා කිරීමට යවන්නට සිදුවනමුත් එහිදී ප්‍රතිකියක සන්නාහයේ විනාශ වූ ගඩොල් වෙනුවට අලුත් ඒවා යෙදීම පමණක් සිදුකරන ලදි.

    cyQEw2g.jpg
    ටී-90 යුද ටැංකියක්​

    ජෙනරල් ඇලෙස්ක්සැන්ඩර් ෂෙව්චෙන්කෝට අනුව ප්‍රතික්‍රියක සන්නාහයක් සහිත යුද ටැංකියක් එවැන්නක් රහිත යුද ටැංකියකට වඩා තුන් ගුණයක ආරක්ෂාවක් සහිතය.





    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS ! :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.


     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇහුවෙත් අදමයි ඔහොම සීන් එකක් ගැන..:shocked:
    බොහොම ස්තූතියි සහෝ..:)

    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)