නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් 
ලාස් වෙගාස් නුවර පිහිටා ඇති මැඩම් තුසාද් ඉටි ප්රතිමා කෞතුකාගාරයේ නිර්මාණය කර ඇති ඇමෙරිකානු රැප් ගායිකා නිකී මිනාජ්ගේ ඉටි පිළිමයට විශේෂ ආරක්ෂාවක් සැළසීමට කෞතුකාගාර බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ඇගේ 'ඇනකොන්ඩා' ගීතය තුල ඇය රංගනයේ නිරත වන ඉරියව්වක් අනුවයි.
රසිකයින්ගේ දැඩි ඉල්ලීම අනුව මෙම මස ආරම්භයේ මෙම ප්රතිමාව කෞතුගාරයේ පිළිම අතරට එක් කර ඇති අතර එදින සිට විශාල පිරිසක් මෙම ප්රතිමාව නැරඹීමට පැමිණ තිබේ.
කෙසේවෙතත්, ඇතැම් පුද්ගලයින් එම ප්රතිමාව සමඟ නුසුදුසු අයුරින් ඡායාරූප ගැනීම නිසා මෙලෙස එයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුවී තිබේ.
ඇතැම් රසිකයින් ප්රතිමාව සමඟ ලිංගික කටයුත්තේ යෙදෙන අයුරින්ද ඡායාරූප ගෙන ඇති අතර කෞතුකාගාරය එයට විරෝධය පළ කර තිබේ.
ඒ අනුව ප්රතිමාවේ ආරකෂාව සඳහා වැඩි සේවක පිරිසක් යොදවා ඇති මැඩම් තුසාද් කෞතුකාගාරය නිකී මිනාජ්ගේ පිළිමය වෙනත් ඉරියව්වකින් ප්රතිනිර්මාණය කිරීමටද තීරණය කර තිබේ.