නිදහස් දිනය

නිදහස


  • Total voters
    81
  • Poll closed .

aruna47

Well-known member
  • nidahasak thiyenne epai samaranna...hikzzz...ekath nikan niwadu dinayak witharai....

    :yes::yes:

    අද නිදහස සමරන්නේ මහින්දගේ බත් බැලයන්ට එකෙනුත් ගසා කන්න කියක් හරි ඉඩ දීමකට මිසක් රණවිරු තියා සාමාන්‍ය ජනයගේවත් හිත සුව පිණිස නෙම
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​

    මාත් එකගයි :රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    suddage anduwa tibunanam meeta wada uthum.
    adu gane visa ekak nethuwa ratakatawath yanna puluwan kamak tibuna.
    ape paahara ballo rata kanawa,mokakda me nidahasa,duppatha ta ma kelawana anduwaka wahalluwenawata wada hodai pita rataka wahal sewaya karana eka.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළොන්නාවට කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි "කුඩ්ඩන්" සරණං ගච්ඡාමි කියල

    කොළොන්නාවට දැන් කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නොව, කුඩ්ඩන් සරණං ගච්ඡාමි කියායි කොළොන්නාව ආනන්දාරාම විහාරාධිපති සිටිනාමළුවේ වජිරසිරි හිමියෝ පැවැසූහ.

    15120_750400898326353_1438861140_n.jpg


    ආනන්දාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ හිමියෝ මේ බව පැවැසූහ.
    වජිරසාර හිමියෝ මෙසේද කීහ.

    ‘අද වන විට නිදහස සමරනවා මිස නිදහස බුකිති විඳින්න අපට බැහැ. අද නිදහස තිබුණා කියන්න විතරයි පුළුවන්. මාධ්‍යයෙන් ඕනෑම දෙයක් කතා කරන්න බයයි. මොකද නිකං මුහුදේ ගියා වගේ වෙච්ච දෙයක් හොයාගන්න බැරිව නැති වෙනවානේ.

    වෙනදා මේ වගේ උත්සවවලට මම දේශපාලනඥයන් ගෙන්වනවා. ඒක මගේ අතින් සිදුවුණු ලොකු වරදක්. ඒ සුදු රෙද්ද යට ඉන්නේ පාතාලකාරයෝ, මිනීමරුවෝ, කුඩුකාරයෝ. මේ පන්සලේ එක ගඩොල් කැටයක් මං කුඩ්ඩකුගෙන් අරගෙන නෑ. එක දානේ වේලක් කාලා නෑ. එක කුඩ්ඩෙක්ගේ අතේ පිරිත් නූලක් බැඳලත් නෑ.
    මේ රට කැසිනෝවලට යට වෙන්න දෙන්න බෑ. රට රැකගන්න ඕනෑ. මේ සිවුර දාගෙන ඉන්න මට කොන්දක් තියෙනවා උන්ට විරුද්ධ වෙන්න. ඉස්සර වගේ වාරියපොළ හාමුදුරුවන්ගේ පෙළපතේ කවුරුත් නෑ. දැන් ඇතැම් හාමුදුරුවරු බලයට, ධනයට, කෑදරවෙලා වැල යන අතට මැස්ස ගහන කට්ටියක්. ඒ අය වාරියපොළ හාමුදුරුවන්ගේ බැජ් එකේ අය නෙවෙයි.

    ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අවාසනාවන්ත හාමුදුරුවරු පිරිසක් අද ඉන්නේ. එදා කහ සිවුර පොරවගෙන කැති පොලු අරගෙන අපි යුද්දෙට ගියේ. අද ඒ කොන්ද නැහැ. අපි අඳුරු යුගයක ඉන්නේ.
    අපි ශ්‍රී ලාංකිකයන්, වෙනත් ජාතින්ට මේ රටේ ඉඩම් ගන්න, ව්‍යාපාර කරන්න, පල්ලි හදන්න, ඇඳුම් අඳින්න බෑ. ආගමික කටයුතු කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ. අගමැති දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ වැරැද්දක් කළා. හාමුදුරුවරු කී නමක් ඒ මහතා පෝරකයට යවන්න දැඟලුවාද? මේ කොළොන්නාවේ තමයි චොප්පේ අයියලා, චූටිමල්ලිලා, කළු අජිත්ලා, මෝර සුනිල්ලා වැනි පාතාලයෝ, කුඩුකාරයෝ ඉන්නේ. මුලින්ම ලොකු කුඩ්ඩන් අල්ලන්න ඕනේ. කුඩු විකුණන පොඩි එවුන් නෙවෙයි. ඔය කෑගහන හාමුදුරුවරු ඔතනින් පහළට බැහැලා බලන්න මොකද අද වෙලා තියෙන්නේ කියලා.

    නිවන් යන්න බැරි නම් අඩුම තරමින් රටට සේවයක් කරන්න ඕනේ. කොළොන්නාවේ ප්‍රබල මන්ත්‍රි කෙනෙක්ව පස්දෙනෙක් එක්ක මහ දවාලේ මරලා දැම්මා. ඒ විත්තිකරුවන් අඩුම ගාණේ හිරගෙදර හුනුද තීන්තද ගාලා තියෙන්නේ බලන්න හිරේ ගියාද? ඒ වගේ අවාසනාවන්ත යුගයක අපි ඉන්නේ. ඒ හොරුන්ටද පිරිත් නූල් බඳින්න කියන්නේ. මං මේවා හෙළි කළා කියලා අද මිනිසුන්, හාමුදුරුවරු මේ පන්සලට එන්නෙත් නැහැ. මාව පිළිකුල් කරනවා. ඇයි මෙච්චර බය. ඇයි කුඩ්ඩන්ට යට වෙලා ඉන්නේ. ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුණත් සැපයි.

    මේ කුඩු ජාවාරම අද නැවැත්තුවේ නැත්නම් පුංචි දරුවොත් කුඩු ගහන එක නවත්වන්න බැරි වෙනවා. මේ පළාත් සභා ඡන්දයේදී කුඩුකාරයන්ට සම්බන්ධ එකෙක්ට ඡන්දේ දීලා ඒ අතින් බත් කන්න එපා. ඒ ඡන්දයෙන් නැති කරන්නේ තමන්ගේ දූ දරුවන්. ඒ එකෙක් හරි පළාත් සභාවට, පාර්ලිමේන්තුවට හරි යනවා කියන්නේ විනාශයක්.
    මම වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ පරපුරේ. මට නගරාධිපති නොතීසි එවලා ලක්‍ෂ 500ක් වන්දි ඉල්ලලා. ඔහුට මම දෙනවා වන්දි. මේ දුරාචාරයට එරෙහිව මම සටන් කරනවා.

    උපදින උපදින ආත්මයක් ගාණේ කොළොන්නාවේ ඉපදිලා, කුඩු විකුණන සර්ගේ, කොළොන්නාවේ ලොකු කුඩ්ඩෝ අල්ලගන්න මම ක්‍රියාත්මක වෙනවා’ යැයි ඒ හිමියෝ කීහ.

    Monday February 3rd 2014 -රෂිනි මෙන්ඩිස්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ට ඇත්තටම නිදහස දනේනේවද මචං.

    මන් නම් හිතන්නේ නැහැ රටේ ඉන්න අතලොස්සකට ඇරෙන්න. ගොදදෙනෙක්ට පරශ්න නැතුව නිදහසේ ඉන්නපුලුවන් කියල.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා :lol:

    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ වසරේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

    තව තියනවා මචං. ත්‍රිවිද හමුදාවම ලවා හොරු ගොඩකට උත්තමාචාර දැක්වීම, බඩු මිල ඉහල දැමීම සාධාරණ කරණය කිරීම, ඉදිරියේ එන මැති වරණ වලදි චන්ද ගැනීමට මිනිසුන් ඇන්දවීම වගේ දේවල්. සුද්දට බදු ගෙව්ව වගේම අද අපි අපේම ආන්ඩුවටත් බදු ගෙවනවා. පොඩි එකාගෙ කිරිපිටි ටිකේ ඉදලා හැම මගුලම අහස උසට ගනන් වැඩි කරනවා. බොරුවට එයාපෝට්, වරායවල්, කුළුණු, රගහලවල්, පාරවල් හද හද රටම නය ගොඩකට ඇදලා දානවා. ඉස්සරහට මේ රටේ අපිට මොන විදියට ජීවත් වෙන්න වෙයිද දන්නෙ නෑ. මෙහෙම ගියොත් ලංකාවත් තව සෝමාලියාවක් වෙනවා. මෙහෙම කියනකොට සමහරු හිතයි මම යූඇන්පී කාරයෙක් හරි ජේවිපී කාරයෙක් හරි නැත්තං සරත් මාමාගේ කෙනෙක් හරි කියලා. ඒක වැරදී මගේ කමෙන්ට් හිස්ට්‍රි එක බලන්න මම කාටවත් කඩේ ගිහින් නෑ. මමත් මහින්ද මාමාට චන්දෙ දිපු කෙනෙක්. යුද්දේ ඉවර කරපු නිසා ඒ දවස්වල නම් මම ඒ තීරණය ගැන සතුටු වුනා. දැන් රටට වෙන දේ ගැන නම් අන්තිම දුකයි. හැම අතින්ම ගසා කනවා. මෙහෙම ගියොත් අපිට අනාගතයක් නැති වෙනවා. ඒ වගේම අපේ ඉතිහාසයත් නැති වෙනවා.
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    සුද්දොන්ගෙයි දැන් රට කරවන උන්ගෙයි තියෙන්නේ හමේ වෙනස විතරයි..අනිත්වා ඔක්කොම එක සමානයි.

    suddath ochara matiya gaala nathuwa athi!:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතිමේ නිදහසට බාදා නොකල යුතුය.
    නිදහස් දිනය හා කුහක දේශපාලනය පටලවා ගැනිමකි.:confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මටත් ඔය ආණ්ඩුව ගැන කිසිම පැහැදීමක් නෑ. එන්න එන්නම රට වලපල්ලට යනව. ඒත් නිදහස මේකට ඇදල අරන් ඒක හෑල්ලු කරන එක එච්චර හරි නෑ. නිදහස් දිනයෙන් සමරන්නේ සුද්දන්ගෙන අපි නිදහස ලැබීම මිසක් අනික් ඒවා නෙමෙයි. දැන් නිදහසක් නැත්නම් අපි ඒක ලබගත්තම අපේ ළමයි එක පස්සේ කාලේදී සමරයි. ඒක නිසා සුද්දන්ගෙන් නිදහස ලබන්න දිවිදුන් අයව සිහිකරල අපි මේ නිදහස් දිනය සමරමු. දේශපාලනේ ගාවගත්තොත් මේ දවසත් ජරා වෙනවා.​
    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    48 ලබා ගත්ත ලබ්බක් නැත.....උන් දම ගිය හපය සහ....උන්ගේ පැටවූ ලංකාව විනාස කිරීම ආරම්භ කලේ 48ය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    48 ලබා ගත්ත ලබ්බක් නැත.....උන් දම ගිය හපය සහ....උන්ගේ පැටවූ ලංකාව විනාස කිරීම ආරම්භ කලේ 48ය
    :yes::yes: ම්ම්ම් ඔව් එහෙම කියන්ඩත් පුලුවන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes: ම්ම්ම් ඔව් එහෙම කියන්ඩත් පුලුවන්.

    අපේ මහ රජතුමා ඇතුලු පරිවාර යුව රජවරු තිදෙනා ප්‍රමුක පුත් කුමාරවරු ඉන්නකන් බයවෙන්න එපා

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඉදි ගස් සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් මම මේකේ සදහන් කරලා තියෙන්නේ 66 වෙනි නිදහස ගැන නැතිව 1948 දීපු නිදහස ගැන නෙම. එදා නිදහස ලබා දුන්න හැම දෙනාටම පින් ලැබෙන්න ඕන නැත්නම් අද ලංකාව සුද්දෝ තමයි පාලනය කරන්නේ. දැන් මම කතා කරන්නේ 66 වෙනි එක ගැන. මහින්ද කියන සක්කිලියා යුද්දේ මුවාවෙන් අපේ අහිංසක මිනිස්සු හුරන් කන එකද නිදහස. එතකොට 1948 කලින් සුද්දා අපේ දේවල් හුරන් කෑවා වගේම තමයි අද මහින්ද කියන හොරා IRC කාරයත් කරන්නේ. යුද්දේ දින්නා තමයි. ඒ උනාට යුද්දේ ඉස්සරහට දාලා රට කන එක හරිද? අද නිදහස් දවස කියන්නේ මහින්ද රාජපක්ෂ රට විකුණපු දවස. ශ්‍රීලංකා made in china වෙනවා :lol:

    උබ ආස ලංකාව made in USA වෙනවටද?
     
    රත්තරං;16235575 said:

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඉදි ගස් සපිරුනු ඔටුවන් විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි
    :lol::lol::lol::lol::lol:පට්ට කවියා අයියේ හිනා කාලා මැරෙනවා, ඒත් ඉතින් මේවට හිනා උනොත් තව අවුරුදු පහ හයකින් අඬන්න තමයි වෙන්නේ