නිදහස ඇති ද?
Posted on 14 October 2012.
Rating: 7.0/7 (1 vote cast)
යුද්ධයෙන් වසර තුනකට පසුව අපට අසන්නට ලැබෙන ජනප්‍රිය තර්කයක් වන්නේ මොනවා නැතත් දැන් නිදහසේ ඇවිද යන්නට පුලුවන් බවයි. ඇත්තටම දැන් නිදහසේ ඇවිදින්නට පුලුවන් ඇයි කියන අයට කරන්නට බැරි වැඩෙත් නිදහසේ ඇවිදීමයි. අපේ රටේ හයිවේ හදපුවහම වැඩිපුරම සතුටු වන්නේ පයින් යන මිනිස්සු. විශාල සුපර් මාකට් හදපුවහම සතුටු වන්නේ පොලෙන් බඩු ගන්න මිනිස්සු. බේබ්ලා කාර් පදිනකොට සන්තොෂ වෙන්නේ බයිසිකලක්වැත් නැති අයයි. අපි ඒ තරම්ම නිවට ජාතියක් නෙවීද? දැන් යුද්ධයෙන් වසර තුනකට පස්සේ මේ නිදහසේ ඇවිද යන්න පුලුවන් කියන මිනිස්සුන්ට මොනවද ලැබිලා තියෙන්නේ. තමන්ගේ මාසික ආදායම ඉහළ ගිහින් තියෙනවද? තමන්ගේ බත් පතට වැඩිපුර පෝෂ්‍යදායි ආහාර එකතු වෙලා තියෙනවද? දරුවන්ගේ අධ්‍යපනය ගුණාත්මකව වර්ධනය වෙලා තියෙනවද?
කොළඹ නගරය මල් වවලා ලස්සණ කලාම ඒකේ ආතල් එක ගන්නේ පයින් යන මිනිස්සු නෙවී. වාහන වල යන අයයි. අපි දන්න කොනෙක් ඉන්නවා.මිනිහා වැඩ කරන්නේ ලංකාවේ දුප්පත්කම නැති කිරීම සදහා පිහිටවපු ආයතනයකයි. දවස තිසේසෙම ඒ.සී කාමරයකට වෙලා ඉන්න මේ යාළුවා හවසට වැඩ ඉවර වෙලා කොට කලිසමක් ඇදගෙන ග්‍රෙගරි පාරේ ඉදන් බම්බල පිටියට පයින් යනවා. ඒයා එහෙමයි තමන් දුප්පත්කම නැති කරනවා කියන එක එන්ජෝයි කරන්නේ.
ලංකාවේ බහුතරයක් මිනිස්සු කැමති විනෝදයටයි. ඒ කියන්නේ වෙිදනාවකින් සතුටු වෙන්නයි. අපේ බහුතරයක් මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ විනෝදය කියන කාරණයත් එක්කයි. දැන් ප්‍රභාකරන් මරලා තමන් නිදහසේ ඉන්නවා කියලා පුරසාරම් දොඩන මිනිස්සුන්ට කොළඹ නගරයේ සල්ෆර් ප්‍රතිශතය ඉහළ ගිහින් තියෙන බව වැට හෙන්නේ නෑ. සිගරට් එකක් රුපියල් 25ක් දීලා බොන කිසිම කෙනෙක් ඇයි රුපියල් 3ක් විතර නිෂ්පාදන වියදමක් යන සිගරට් එකක් 25ට දෙන්නේ කියලා අහන් නෑ. හැමෝම හිතන්නේ එක්කෝ සිගරට් බීවහම මැරෙයි කියලයි. කාටවත් තේරෙන්නෑ ලංකාවේ වැඩි දෙනෙක් ලෙඩ වෙන්නේ සිගරට් දුම නිසා නෙවෙයි වාහන දුම නිසයි කියන එක. අපේ ජීවිත පාලනය කරන්නේ අපි නෙවී වෙනත් කොනෙක් කියලා හිතන නිසා අපි හැම වෙලාවකම අපේ පැවැත්ම තහවුරු කර ගන්න බාහිර සතුරෙක් හදා ගන්නවා.
මේ නිසා දැන් ගොඩක් අය හිතන විදිහට අපිට මොනවා නැතත් නිදහසේ ඇවිදින්න පුලුවන් හැබැයි අපට නිදහසේ ඇවිදින්න දෙමළ මිනිස්සු ජීවිත 40,000 පරිත්‍යග කළා කියන එක කාටවත් මතක නැ. ඒ නිසා ඇත්තටම අපිට මොනවත් නෑ. මොනවා නැතත් කමක් නෑ. නිදහස තියෙනවනේ. අපි නිවට ජාතියක් නිසා ඒ ගැන කවුරුවත් ප්‍රශ්න අහන් නෑ. හැමෝම බලන්නේ තමන්ගේ ගැල විජජාව විතරයි. ඒ නිසා මිනිස්සු මේ කාලේ දේශපාලනය කරන සමාජ ව්‍යාපාර වලට වඩා ආශක්ත වෙන්නේ භාවනා මධ්‍යස්ථාන වලටයි.
ඒ අයට අනුව තමන් නිවරදිව භාවනා නොකළත් තමන් වෙනුවෙන් කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ භාවනා කරන නිසා ප්‍රශ්නයක් නෑ. තමන්ට විදින්න බැරි සතුටක් මාලක සිල්වා විදන නිසා මාලක එක්ක මිනිස්සු ආශක්ත වෙනවා. තමන්ට හමුදාවේ මේජර්ලාට ගහන්න බැරි නිසා කවුරුහරි ගහපුවහම අපි සතුටු වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අපි කියනවා හැබැයි මොනවා වුනත් මාලක නම් නියමෙටම ආතල් එක ගන්නවා. අපේ තාත්තලත් ඇමති කෙනෙක් නම් අපිත් ඔහොමනේ. මේ නිසා තමයි ගොඩක් අය ටිල්වින් සිල්වට වඩා මාලක සිල්වට කැමති වෙන්නේ. අපිට කරන්න බැරි වැඩ නාමල් බේබ් කරන කොට අපි සතුටු වෙනවා. රෑට කොළඹ පාරවල් වහලා රේස් පදින කොට නාමල්ට වඩා සතුටක් ගොඩක් අයට දැනෙනවා. මේකට ද අපි මොනවා නැතත් නිදහසේ ඉන්නවා කියන්නේ. ගොඩක් අය කැමති තමන් වැඩ කරන්න නෙවී.තමන් වෙනුවෙන් අනුන් වැඩ කරනවා බලන් ඉන්නයි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,