ඔව් බන් ඉස්සර මේ තුන්කුලුදුල් ලමයි සෑහෙන්න ඉස්සුවා. දැන් අඩුයි ඒත් නැත්තෙම නෑ. නිධන් හාරන එවුන් ඒක වෙනම බිස්නස් එකක්.
අපේ ගේ ගාව නියම කට්ටඩියෙක් ඉන්නවා.සමහර දාට මහ රෑට උ ගේ ගාව ප්රාඩෝ, ඉන්ටකූලර් නවත්තල තියෙනවා .නිධන් හාරල පොහොසත් වෙච්ච උන් මුගෙන් වැඩ ගන්නවා.නිධන් වදුලු ඒ කියන්නෙ නිදන් ගැන ලියල තියෙන පුස්කොල පොත් තියෙන පන්සල් වල හාමුදුරුවරු, පොලිස් ලොක්කා ,දේසපාලුවො ඔක්කොම මේ බිස්නස් එකට සම්බන්ධයි. වැඩේ තියෙන්නෙ කපුවගෙ අතේ. කලු ගල් දියවෙන බෙහෙත් වට්ටෝරු තියෙනවා .ඒව හදල පූජාව තිබ්බම ගල නිකන් සබන් කැටේ වගෙ අතින් හාරල අයින් කරන්න පුලුවන් ලු.ඉස්සර බුදු පිලිම සියුම් ගල් කටයම් පවා කරල තියෙන්නෙ මේ වගෙ බෙහෙත් දාල ගල මෙලෙක් උනාමලු.
කොහොම හරි කමක් නෑ අම්ම,තාත්ත දෙන්නම පවුලෙ පලමු දරුව වෙච්ච අය තමන්ගෙ පලමුදරුව (තුන් කුලුදුල්) ගැන හොදට පරිස්සම් වෙන්න.