නින්දයාගෙන එනවිට ගැස්සෙන්නේ ඇයි?

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    නින්දයාගෙන එනවිට ගැස්සෙන්නේ ඇයි?

    Man-sleeping-and-snoring-overhead-view.jpg


    අප හැමදෙනෙකුම වාගේ නින්දයාගෙන එනවිට සිදුවන ගැස්සීමට මුහුණදී තිබෙනවා. පර්යේෂකයින් පවසන අන්දමට සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 6-7 දෙනෙකු මේ අත්දැකීමට මුහුණ දෙනවා. Hypnagogic jerk ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය සිදුවනේ සිරුරේ මස්පිඬුවල නිරායාසයෙන් සිදුවන තිගැස්මක් හේතුකොට ගෙනයි.

    Hypnogogic state හෙවත් අවදිය හා නින්ද අතර මිනිස් මොළය පසුකරන සංක්‍රාන්ති කාළ පරාසයේදී මෙම තිගැස්සීම සිදුවනවා. විටෙක ශබ්දයක්, තද එලියක් වැනි බාහිර උත්තේජකයක් නිසා මෙම ගැස්සීම් සිදුවන අතර තවත් විටෙක එවැනි බාහිර උත්තේජක නොමැතිව මෙය සිදුවනවා.

    සමහර පුද්ගලයින් මෙම කාළපරාසයේදී ව්‍යාමෝහය හෙවත් hallucinations නැමති මායාදර්ශණ (LSD, හෙරොයින් වැනි මත්කුඩු භාවිතාකරන්නන් hallucinations නැමති මේ මායාවන් අත්විඳිනවා) පෙනෙන අවස්ථාවක් පසුකරන අතර සමහරුන් සිහින දැකීමට පටන්ගන්නවා. තවත් සමහරුන්ට සිහිනෙන් වැටීම් ආදී හැඟීම් ඇතිවන අතර ඒ සමගම තිගැස්සීම සිදුවනවා.

    ආතතිය (stress), අවුල් සහිත බව (anxiety), අධික වෙහෙස (fatigue) හා කැෆේන් (caffeine) මෙම තත්වය වැඩි කරන බව සමහර විද්‍යාඥයින්ගේ පර්යේෂණවලින් පෙනීගොස් තිබෙනවා. කෙසේවෙතත් මෙම තිගැස්සීම වලට හේතුව නිශ්චිත ලෙස නිගමනය කරගැනීමට විද්‍යාඥයින්ට හැකිවී නෑ. එහෙත් මේ සඳහා දැනට කල්පිත දෙකක් ඉදිරිපත්වී තිබෙනවා.

    එක් කල්පිතයක් නම් නින්ද ආරම්භවන විට සිරුරේ බොහෝ මස්පිඩු ලිහිල්වන අතර (relaxing of muscles) මේ සංක්‍රාන්ති සමයේදී යම් හේතුවක් නිසා නියුරෝන අහේතුක ලෙස ක්‍රියාත්මක වීමෙන් (misfiring of neurons) මෙම තිගැස්ම සිදුවනවා.

    අනෙක් කල්පිතයට අනුව මෙම තිගැස්ම මානවයාගේ ඈත මුතුන්මිත්තන් වන වඳුරන්ගෙන් ලැබුණු දායාදයක් බව පවසනවා. නින්දයාගෙන ඒමේදී සිදුවන මස්පිඩු ලිහිල් වීම, වානර මොළය මගින් ගසෙන් වැටීමට යන අවස්ථාවක් ලෙස වැර්දි ලෙස හඳුනාගෙන ක්ශණිකව මස්පිඩු අවදිකිරීමේ වෑයමක් ලෙස මෙම තිගැස්සීම විස්තර කරනවා.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් මේක වෙලා තියෙනවා
    අධික වෙහෙස හින්ද තම හැබැයි.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ada thamai dena gaththe.. thanks bro :)

    You must spread some Reputation around before giving it to Dark M again.
     

    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    මටත් මේක තියෙනව මචං ඉදල හිටල තමයි. මට දැනෙනව මම හෙන පාතාලෙකට වැටෙනව වගේ අම්මෝ එපා වෙනව. :growl:
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මනෝමය කය පිට වෙලා ගිහින් නැවත තාත්වික කය සමග සම්බන්ධ වෙන විටත් ඇදෙන් බිම වැටුනා මෙන් ගැස්සී ඇහැරේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනෝමය කය පිට වෙලා ගිහින් නැවත තාත්වික කය සමග සම්බන්ධ වෙන විටත් ඇදෙන් බිම වැටුනා මෙන් ගැස්සී ඇහැරේ.

    There is nothing so-called astral body according to the Buddism. :)
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මටත් වෙලා තියනවා. එකෙත් පොඩි ගතියක් තියනවා බන්. sleeping paralyze කියල සීන් එකකුත් තියනවා.
    එකත් ආතල්. වෙලාවකට පට්ටේටම බය හිතෙනවා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    මටත් වෙනවා සමහර වෙලාවට...වැටෙන සිද්ධිය තමා පේන්නේ....
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මමත් නින්දයාගෙන එනවිට සිදුවන ගැස්සීමට මුහුණ දෙනවා..:(:growl:

    You must spread some Reputation around before giving it to Dark M


    U97zjR.gif

    giphy.gif
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එළකිරි මචන් . මටත් ඕක වෙලා තියෙනවා .දන්නේ හේතුව දැනගත්තේ
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    Similar threads