නින්ද යන්නේ නෑ

code_infinity

Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    ඇහැරන් ඉදලා පුරුදු වෙලා නින්ද යන්නේ නෑනේ. පාන්දර හැමදාම 1 පහු වෙලා නිදාගන්න යන්නේ. දවල් දවස නිදීමතයි. මේකට මොකෝ කරන්නේ...

    දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ වැඩේ...

    කැම්පස් යන්න කලින් නම් රෑ 10 වෙද්දී නිදාගෙන පාන්දර ඇහැරෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    එක දවසක් දවසම ඇහැරලා ඉඳපං.
    ඊට පස්සේ රෑ 9ට නිදාගනිං. ඊබේම නින්ද යනවා.
    ඊට පස්සේ දවසේ ඉඳලා හැමදාම 9ට නිදා ගනිං (නිදා ගනිද්දි ෆෝන් ඔබ ඔබ ඉන්න එපා.)
    හැමදාම උදේ 4ට නැගිටපං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    මී පැණි මේස හැඳි 3 ක් ගන්න

    මී පැණි වල සීනි නිසා කොහොමත් නින්ද යනවා..මම දන්න ඵකෙක් සීනි නවත්තලා හිටිය මාස ගාණෙම නින්ද ගිහින් නෑ.ඒ කියන්නේ කිසිම සීනි තියෙන කෑමක් බීමක් ගන්නේ නැතුව ඉඳලා තියෙන්නේ...නින්ද ගියත් පැයක් වගේලු...බෙහෙතුත් අරන් ඒත් වැඩක් වෙලා නෑ..දවසක් මූ අහම්බෙන් වගේ රට ඉඳන් ගෙදරට අාපු නෑයෙක් ගෙනල්ල තිබ්බ චොක්ලට් ඵකක් කාලා..පුදුම වැඩේ කියන්නේ අච්චර මාස ගාණක් දුක් විඳපු ඵකාට ඵදා පැය 8ක් විතර නින්ද ගිහින්..ඵදා ඉඳන් මූ සීනි කනවා අායෙත්..දැන් නම් රෑට හිටගෙන උනත් නින්ද යනවලු..😀..ඔය සමහර උන් මොන බයිල ගැහුවත් සීනිත් අැඟට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා..😁
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    මට නින්ද යන්නේ නෑ
    මට කන්න බොන්න බෑ
    මම මේ දුකට නටන්නේ
    නටලා සිංදු කියන්නේ ...

     
    • Wow
    Reactions: saja

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    දවසට සැරයක්, ශරීරයට හානියක් නොවන ආකාරයට මී පැණි බොන්නේ කොහොමද?

    මී පැණි 🍯 යනු ඖෂධීය ගුණ රැසක් ඇති ආහාරයක් වුවත්, එය ශරීරයට හිතකර ලෙස භාවිත කිරීමට නම් නිවැරදි ප්‍රමාණය සහ ක්‍රමය දැන ගැනීම වැදගත් වේ. මම ඔබට මේ සම්බන්ධයෙන් මඟ පෙන්වන අතර, අපි ඒ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු.

    නිරෝගී ලෙස මී පැණි භාවිතය සඳහා මූලික කරුණු කිහිපයක් මෙන්න:

    • ප්‍රමාණය: සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට දිනකට මී පැණි තේ හැඳි 1ක් හෝ 2ක් 🥄 ප්‍රමාණවත් වේ. මී පැණිවල සීනි සහ කැලරි ඉහළ මට්ටමක පවතින බැවින් පමණ ඉක්මවා භාවිත කිරීම සුදුසු නැත.
    • උෂ්ණත්වය: මී පැණි කිසිවිටෙකත් උතුරන ජලයට ☕ හෝ අධික ලෙස රත් කළ ආහාරවලට එක් නොකළ යුතුය. අධික උෂ්ණත්වය නිසා මී පැණිවල ඇති හිතකර එන්සයිම විනාශ වන අතර එහි රසායනික ස්වභාවය පවා වෙනස් විය හැකිය. මඳ උණුසුම් ජලය හෝ සාමාන්‍ය උෂ්ණත්වයේ ඇති දියර සමඟ මිශ්‍ර කිරීම වඩාත් සුදුසුය.
    • පිරිසිදු බව: හැකිතාක් ස්වාභාවික සහ සැකසුම්වලට ලක් නොකළ පිරිසිදු මී පැණි 🐝 තෝරා ගැනීමට උත්සාහ කරන්න. වෙළඳපොළේ ඇති සමහර නිෂ්පාදනවලට සීනි හෝ සිරප් වර්ග එකතු කර තිබිය හැකිය.
    අපි මී පැණි ගැන තවත් ගැඹුරින් සොයා බලමුද? ඔබට මේ අතරින් වැඩිදුරටත් දැන ගැනීමට අවශ්‍ය කුමන අංශය ගැනද?

    1. පෝෂණීය ගුණ සහ වාසි: මී පැණි මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය 🛡️ වැඩි දියුණු වන ආකාරය සහ එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගැන සොයා බැලීම.
    2. සැලකිලිමත් විය යුතු අවස්ථා: දියවැඩියා තත්ත්වයන් ඇති අය හෝ අවුරුද්දට අඩු කුඩා දරුවන්ට 👶 මී පැණි ලබා දීමේදී ඇති අවදානම් ගැන දැන ගැනීම.
    3. ඖෂධීය සංයෝජන: මී පැණි සමඟ දෙහි, කුරුඳු හෝ ඉඟුරු වැනි දෑ මිශ්‍ර කර පානය කිරීමෙන් ලැබෙන අමතර සෞඛ්‍ය වාසි 🍋 ගැන ඉගෙන ගැනීම.
    පෝෂණීය ගුණ සහ වාසි

    මී පැණිවල ඇති පෝෂණීය වටිනාකම සහ එය ශරීරයට බලපාන ආකාරය ගැන අපි සාකච්ඡා කරමු. මී පැණි යනු සරල පැණි රසකාරකයක් පමණක් නොව, එහි සුවිශේෂී සංයෝග රැසක් අඩංගු වේ.

    මී පැණිවල අඩංගු ප්‍රධාන පෝෂක කොටස් කිහිපයක් මෙන්න:

    • ප්‍රතිඔක්සිකාරක (Antioxidants): මී පැණිවල ෆ්ලේවනොයිඩ්ස් (Flavonoids) සහ ෆීනොලික් අම්ල වැනි ප්‍රතිඔක්සිකාරක 🛡️ අඩංගු වේ. මේවා සෛලවලට සිදුවන හානි අවම කිරීමට උදවු වේ.
    • එන්සයිම සහ ඛනිජ ලවණ: ශරීරයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වන එන්සයිම 🧬 මෙන්ම පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් වැනි ඛනිජ ලවණ 💎 සුළු ප්‍රමාණවලින් මෙහි අඩංගු වේ.
    • ස්වාභාවික සීනි: මෙහි ප්‍රධාන වශයෙන් ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අඩංගු වන නිසා, එය ශරීරයට ක්ෂණික ශක්තිය ⚡ ලබා දෙන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.
    සුවිශේෂී කරුණක් වන්නේ, මී පැණිවල ඇති ස්වාභාවික හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගුණය නිසා බැක්ටීරියා විනාශ කිරීමේ 🦠 සහ තුවාල සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් එයට පවතී.

    අපි මේ ගැන තවදුරටත් ගවේෂණය කිරීමට පහත කරුණු වලින් ඔබ කැමති මාතෘකාවක් තෝරා ගන්න:

    1. ප්‍රතිශක්තිය සහ හෘද සෞඛ්‍යය: ප්‍රතිඔක්සිකාරක මඟින් ලෙඩ රෝගවලින් ආරක්ෂාව සලසන ආකාරය.
    2. ස්වාභාවික ඔසුවක් ලෙස භාවිතය: කැස්ස, උගුරේ අමාරුව සහ සමේ සෞඛ්‍යය සඳහා මී පැණි ක්‍රියා කරන විද්‍යාත්මක පදනම.
    3. සීනි වෙනුවට මී පැණි: සුදු සීනි සහ මී පැණි අතර ඇති පෝෂණීය වෙනස සහ වඩාත් සුදුසු භාවිතය.
    - Google Gemini
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ඔය මොන දේකටත් වඩා හරියන්නෙ අර උඩ කොල්ලා කියපු කතාව මාත් ඒක කරනවා එත් මට උබට වඩා අමාරුයි බ්‍රෝ උබ 1 නින්ද ගියාට මම උදේ වෙනකන් ඇහැරිලා ඉන්නවා දවල් නිදාගන්න ජිවිතේම එපා වෙනවා අවශ්‍ය වෙලාවට නින්ද යන්නේ නැති නිසා අරූ කිව්වා වගේම නයිටක් ගහාන්න ගහලා එ වගේ නිදාගන්න ඕක දවස් දෙක තුනක් යනකන් නිදි මත එනො නින්දත් යයි ඊට පස්සෙ මොලෙන් ඒකට ඉඩ දෙන්නෙ නැ ආය නිදි මත එන්නෙ නැතිවෙනවා හැබැයි මං කියන්නෙ ඔයා දවස් තුනක් නිදි මත එයි ඊට පස්සෙ හොදට මහාන්සිවෙන්න දුවන්න මොනා හරි කරලා මහාන්සි වෙන්න අඩුම ගේ හරි අස් කරන්න ඊට පස්සෙ නිදාගන්න ඕක හරියට ගියොත් උබට ඕක පුරුද්දක් වෙයි දවස් 18 කරන්න
    මට නම් අමාරුයි බන් ඒ දෙ හරියනවා එත් දවසක් එනවා නිදි මත එන්නෙම නැ එදාට මහාන්සි නොවුන නිසා ආය පුරුදු පාරට වැටෙනවා උබ ඔකෙන් දැන්ම ගැලවියාන්
    තව කල් යන්න දෙන්න එපා එකේ දුක හිතාගන්න බැ නින්ද කියන්නෙ අනිවාරෙන් වටින දෙයක් මගෙන් අහාන ඕන කෙනෙක්ට මම කියනවා මට මේ දේ උනේ ඒ කාලෙ ඉදන් ගේම් ගහලා රැ එලිවෙනකන් පස්සට තෙරෙන්නෙ හැමදේම