නින්ද යන්නේ නෑ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    කොලෙස්ටරෝල් චෙක් කරන්න .
    ඔව් දැන් ජිම් යැවෙන්නේ නෑ, කඩෙන් කැවෙනවා වැඩියි, එක තැන ඉඳගෙන ඉන්නවා වැඩියි. බඩ ගෙඩිය එනවා වැඩියි. :(
     
    • Sad
    Reactions: saja and Bam

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    260
    63
    ඔව් දැන් ජිම් යැවෙන්නේ නෑ, කඩෙන් කැවෙනවා වැඩියි, එක තැන ඉඳගෙන ඉන්නවා වැඩියි. බඩ ගෙඩිය එනවා වැඩියි. :(
    Same here. ඉක්මනට මැරෙනවා කියලා ෂුවර් හැබැයි මෙහෙම ගියොත්
     

    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    ඇහැරන් ඉදලා පුරුදු වෙලා නින්ද යන්නේ නෑනේ. පාන්දර හැමදාම 1 පහු වෙලා නිදාගන්න යන්නේ. දවල් දවස නිදීමතයි. මේකට මොකෝ කරන්නේ...

    දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ වැඩේ...

    කැම්පස් යන්න කලින් නම් රෑ 10 වෙද්දී නිදාගෙන පාන්දර ඇහැරෙනවා.
    බෞද්ධ මෙත්තානිසංස සූත්‍රයේ දක්වනවා, මෛත්‍රියවැඩීමෙහි ගුණ (ප්‍රතිඵල) 11ක්, ඒ අතරින් එකක් තමා හොදින් නින්දයාම (සුඛං සුපති.) (සුඛං පටිබුජ්ඣති, එලෙසම, හොදින් අවදිවීමද ඇතුලත් ය.)

    (සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති. (-අංගුත්තර නිකාය, අට්ඨක නිපාතෝ, 8.1.1.1. මෙත්තානිසංස සුත්තං)

    ඉහත සූත්‍රපාඨයෙහි සිංහල පරිවර්තනය:
    සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. පවිටු සිහින නොදකියි. මිනිසුන් හට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන් හට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නෙන් වේවා, වස විසෙන් වේවා, ආයුධයෙන් වේවා අනතුරු නොවෙයි. මරණයට පෙර යම්කිසි මාර්ගඵල විශේෂයක් ලබාගන්නට නොහැකි වුවහොත් බඹලොව උපදින්නේ වෙයි.

    ඒහා සමානවම, ආයුර්වේද වෛද්‍යශාස්ත්‍රයෙහි දක්වනවා, නීරෝගී පුද්ගලයෙකුගේ ලක්‍ෂණ, ඒවා අතුරෙන් එකක් තමා අවශ්‍ය වේලාවට
    හොදින් නින්දයාම
    (නිද්‍රාලාභො යථාකාලං.) (සුඛෙන ච ප්‍රතිබොධනං, එලෙසම, හොදින් අවදිවීමද මෙම නීරෝගී පුද්ගලයෙකුගේ ලක්‍ෂණවලට ඇතුලත්ය.)

    (कार्यंधातुसाम्यं, तस्यलक्षणंविकारोपशमः
    परीक्षात्वस्य रुगुपशमनं, स्वरवर्णयोगः, शरीरोपचयः, बलवृद्धिः, अभ्यवहार्याभिलाषः, रुचिराहारकाले, अभ्यवहृतस्यचाहारस्यकालेसम्यग्जरणं, निद्रालाभोयथाकालं, वैकारिणांचस्वप्नानामदर्शनं, सुखेनचप्रतिबोधनं, वातमूत्रपुरीषरेतसांमुक्तिः, सर्वाकारैर्मनोबुद्धीन्द्रियाणांचाव्यापत्तिरिति|| c.vi.8.89
    කාර්යං ධාතුසාම්‍යං, තස්‍ය ලක්‍ෂණං විකාරොපශමඃ
    පරීක්‍ෂා ත්වස්‍ය රුගුපශමනං, ස්වරවර්ණයොගඃ, ශරීරොපචයඃ, බලවෘද්ධිඃ, අභ්‍යවහාර් යාභිලාෂඃ, රුචිරාහාරකාලෙ, අභ්‍යවහෘතස්‍ය චාහාරස්‍ය කාලෙ සම්‍යග්ජරණං, නිද්‍රාලාභො යථාකාලං, වෛකාරිණාං ච ස්වප්නානාමදර්ශනං, සුඛෙන ච ප්‍රතිබොධනං, වාතමූත්‍රපුරීෂරෙතසාං මුක්තිඃ, සර්වාකාරෛර්මනොබුද්ධීන්ද්‍රියාණාං චාව්‍යාපත්තිරිති) (-චරක සංහිතා විමානස්ථාන 8.89)

    දැන් ඔබලාට අවබෝධවෙනවා ඇති නින්ද නොයෑමට හේතුව සහ එයට ප්‍රතිකාරය.

    ඉහත දක්වා ඇත්තේ, නින්ද නොයෑමට අදාල අද්‍රව්‍යභූත චිකිත්සාවයි (ඖෂධ ‍ද්‍රව්‍ය අනවශ්‍ය ප්‍රතිකාර/ Non-pharmacological interventions/ Drugless therapy.)

    ඒ වගේම, එම නින්දනොයෑමට ද්‍රව්‍යභූත චිකිත්සාවක්ද පවතී (ඖෂධීය ප්‍රතිකාර/ Pharmacological interventions/ Drug therapy/ Pharmacotherapy.)

    අපි ස්කෝලේ යනකාලේ, ඔළුවට පොල්තෙල් ගෑවම නිදිමතයි.
    එහෙනම් නින්ද නොයෑමට ප්‍රතිකාරයක් ලෙස ඔළුවට තෙල්ගෑම අත්‍යාවශ්‍යයි. එය ආයුර්වේදයේ "ශීර්ෂාභ්‍යංග" යනුවෙන් හදුන්වනවා.
    (අළුත් අවුරුදු චාරිත්‍රයක් වන "හිසතෙල්ගෑම" යනු එයයි.)
    හිසතෙල් ගෑමට නිර්දේශිත බොහෝ තෙල් ඇති අතර, එයින් තැඹිළිතෙල්, (පිරිසිදු) පොල්තෙල්, නිර්ගුණ්ඩ්‍යාදි තෛලය, කුමරිපද්ම තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, සත්තවාදි තෛලය, ආදි බොහෝ තෙල් වර්ග ගණනාවක් මේ අතරවේ.
    මෙම ඖෂධීය තෙල් වර්ග, ආයුර්වේද වෛද්‍ය නිර්දේශයකින් යුතුව භාවිතයෙන්, ඔබට ඉමහත් සහනයක් ලබාගත හැකිවනු ඇත.
    ඔබට උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවායි පතමි.