නිමාව නැති. අයිතිද නැති. පාසල් ප්‍රේමය.
වසර 10 යේ සිටින සමයේ,
මසිත ඔබ හට පෙම් කලා...
11 ට විත් කාලෙ ගෙව්නද,
ප්‍රේමේ තනියම වැලපුනා...
ඔබ දකින විට දෑත දෙපාද,
වාරු නැති බව සිහි වුනා..
එයයි ආලය,
සිතට තදින්ම දැනුනු,
එදවස සිත් පුරා..
නමුදු ලදුනේ සිතෙහි ඉපදුන,
ආල හැගුමන් හද පුරා..
කෙදිනකවත් කියනු බැරි විය,
මා, මුව සැම විට ගොලු වුනා...
උදැසන ඔබ මලක් විලසින්,
සැමදා දුටුවද, නෙත් පුරා..
කිසි දිනක මා, කතා නොකලේ,
ආලෙ කීමට බැරි නිසා...
වසර 12 හා ඉගෙන ගැනුමට,
පාසලෙන් මා නික්මුනා..
වෙනත් පාසලක මා සිටින විටදී,
නෑ, කවදා යලි ඔබ දුටුවෙ මා..
වසර ගණනක් ගතවු සමයේ..
යලිදු ඔබ මා නෙත ගැටෙයි.
නමුත් දැන් ඔබ වෙනත් අයෙකුට,
අයිතිව ඇති බව මම දනිම්..
දෛයිවය කෙතරම් විහිලු කෙරුවද,
එකම තැන රැකියාවදි..
බුකියෙ සිටියද, ඔබද මාගේ,
තවත් එක හොද මිතුරියක වි.
කිසිදිනක නෑ හෙලි කරන්නේ,
වසර 10 දි ඇතිවු දේ..
මසිත ඔබ හට පෙම් කලා...
11 ට විත් කාලෙ ගෙව්නද,
ප්‍රේමේ තනියම වැලපුනා...
ඔබ දකින විට දෑත දෙපාද,
වාරු නැති බව සිහි වුනා..
එයයි ආලය,
සිතට තදින්ම දැනුනු,
එදවස සිත් පුරා..
නමුදු ලදුනේ සිතෙහි ඉපදුන,
ආල හැගුමන් හද පුරා..
කෙදිනකවත් කියනු බැරි විය,
මා, මුව සැම විට ගොලු වුනා...
උදැසන ඔබ මලක් විලසින්,
සැමදා දුටුවද, නෙත් පුරා..
කිසි දිනක මා, කතා නොකලේ,
ආලෙ කීමට බැරි නිසා...
වසර 12 හා ඉගෙන ගැනුමට,
පාසලෙන් මා නික්මුනා..
වෙනත් පාසලක මා සිටින විටදී,
නෑ, කවදා යලි ඔබ දුටුවෙ මා..
වසර ගණනක් ගතවු සමයේ..
යලිදු ඔබ මා නෙත ගැටෙයි.
නමුත් දැන් ඔබ වෙනත් අයෙකුට,
අයිතිව ඇති බව මම දනිම්..
දෛයිවය කෙතරම් විහිලු කෙරුවද,
එකම තැන රැකියාවදි..
බුකියෙ සිටියද, ඔබද මාගේ,
තවත් එක හොද මිතුරියක වි.
කිසිදිනක නෑ හෙලි කරන්නේ,
වසර 10 දි ඇතිවු දේ..