නියපොතු

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    av-2.jpg
    ඇචය ක්‍රිස්. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හා නෙවාඩාවල ඇය ජනපි‍්‍රය ගායිකාවක්. එහෙත් පසුගිය දිනක ඇය ලොව පුරා ප්‍රසිද්ධ වූවාය. ඒ ඇගේ නියපොතු නිසායි.
    av-1.jpg

    දැන් ලොව දිගුම නියපොතු සහිත කාන්තාව ලෙස 2012 ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නී ක්‍රිස් වෝල්ටන් ය. ඇගේ නියපොතුවක දිග අඩි දෙකකටත් වැඩිය. දෑතේ සියලුම නියවල දිග අඩි 20 කටත් වැඩි බව වාර්තා වේ.

    දිගින් දිගට ඇදී ඝනව ඇඹරී ගසක එතුණු වැල්පොටවල් මෙන් ඇති ඇගේ නිය සහිත දෑත් දුටු කාටත් සිතෙන්නේ මේ නියපොතු සමඟ ඇයට සිය එදිනෙදා කටයුතු කරගෙන යා හැකි ද යනුවෙනි. එහෙත් ඒ නිය සමඟ ක්‍රිස් වාහන පදවයි. ගොල්ෆ් ක්‍රීඩා කරයි.

    රංගන ඉදිරිපත් කරයි. ඉවුම් පිහුම් කරයි. පරිගණකය හසුරුවයි. ඒ සියල්ලත් සමඟ ඇය අපූරුවට සාමාන්‍ය ජීවිතයක් ගතකරයි. ඇගේ සංගීත දිවියේ එක් අංගයක් වන පියානෝව වැයීමට ද ඇයට මේ නිය බාධාවක් වී නැත්තේය.

    ක්‍රිස් සිය නියපොතු කැපීම නවතා දමා ඇත්තේ මීට 19 වසරකට පෙරය. එහෙත්, ඇය සිය නියපොතුවල ඔලිව් තෙල් ගා පිරිමැද සාත්තු කරමින් දත් බුරුසුවකින් නිය පිරිසුදු කරමින් නිය ආලේපන ගල්වමින් නිය අලංකාරව තබා ගත්තාය.

    ඇමෙරිකාවේ ලාස් වේගාස් හි දිවි ගෙවන ක්‍රිස් 45 හැවිරිදි පස්දරු මවකි. එනිසාම ඇයට ගේ දොර රාජකාරි බොහෝය.

    “බොහෝ දෙනා කෙස් රැවුල් වවනවා. මං හිතාමතා මගේ නියපොතු වැව්වේ නැහැ. කළ එකම දේ ඒවා නොකපා සිටිමින් රැක බලා ගැනීම පමණයි. මගේ නිය දුටු විගස බොහෝ දෙනා සිතන්නේ ඒවා කැඩෙනසුලු බවයි. ඒත් එහෙම නැහැ. මට ඒවා සමඟ සෑම දෙයක්ම කළ හැකියි” ක්‍රිස් පවසන්නීය.

    av-3.jpg

    වාහනය අලුත්වැඩියා කරද්දී එක් නියපොත්තක් කැඩී ගියා මිස ඇගේ නියවලට මෙතෙක් කිසිම අනතුරක් වී නොමැත. 1979 දී නියපොතු වැවීම ඇරැඹු ක්‍රිස්ගෙන් සැවොම අසන ප්‍රශ්නය වන්නේ “වැසිකිළි භාවිත කරන්නේ කෙසේ ද” යන්නයි.

    “ඉතා පරිස්සමෙන්” ක්‍රිස්ගේ පිළිතුර එයය.

    මීට පෙර ලොව දිගුම නියපොතු ඇත්තිය ලෙස වාර්තා වී සිටියේ උමා ප්‍රාන්තයේ ලී රෙඩ්මන්ඩ් නමැති කාන්තාවකි. ඇගේ මුළු නිය දිග ප්‍රමාණය අඩි 28 කි. ඒ 2008 දීය.
    av-4.jpg


    2009 දී සිදුවූ රිය අනතුරකින් ඇගේ නිය කැඩී ගියේය. දිගුම නිය ඇති පිරිමියා ලෙස වාර්තා වී සිටියේ මෙල්වින් බූත් ය. ඔහුගේ නිය මුළු දිග අඩි 29 ක් හා අඟල් 8 කි. ඔහු 2009 දී මිය ගියේය.

    සේමාලි කැල්ලපත


    ගත්තෙ ඉරිදා සිළුමිණ news pepar එකෙන්
     
    • Like
    Reactions: starstharu