නියමයි නේද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බවත්, එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිවරයා පැවසිය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාපනයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. උතුරු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් මීට එක්ව සිටියහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

    සංහිඳියා වැඩසටහන යටතේ උපරිම බලය බෙදා දෙන්නත්, මේ උතුරු ප්‍රදේශයේ දේශලපාලන කටයුතු ගැනත් කතා කරලා තිබෙනවා. ඒ පිළිබඳ මම පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී ද කරුණු පැහැදිලි කළා . ඒ ගැන මම අද කතා කරන්න යන්නේ නැහැ.

    ආර්ථික සංවර්ධනය සමඟ උතුරු පළාතේ විශාල සංවර්ධනයක් සිදු කළ යුතුයි කියා මම විශ්වාස කරනවා. යුද්ධය නිසා යාපනයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එය තවමත් බලාපොරොත්තු තත්ත්වයට පැමිණ නැහැ. ඒ නිසා රට එම තත්ත්වයට ගෙන ඒමට වසර 10ක සැලසුමක් යටතේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මේ සඳහා විදේශ අධාර පමණක් නොවෙයි ඩයස්පොරාවේ ආධාරත් ලබා ගැනීමට සිදු වෙනවා.

    ඒ නිසා මේ පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමටත්, සංවර්ධන කටයුතු සඳහා ඔබේ අදහස් ලබා ගැනීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ පළාත තුළ නව ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ඔබේ අදහස් අපට ලබාදෙන්න.

    පොහොර ලබාදීමේ දී අපි ප්‍රමුඛතාව ලබා දුන්නේ වී වගාව ආරම්භ කිරීම සඳහායි. ඉදිරියේදී අනෙකුත් බෝග සඳහාත් පොහොර ලබා දීමට අප පියවර ගෙන තිබෙනවා.

    මෙහිදී අදහස් දැක්වූ බොහෝ දෙනෙක් කතා කළේ විසඳුම් ලබාගත යුතු ගැටලු සම්බන්ධවයි. ඒ අතර කෙටිකාලීනව විසඳාගත හැකි ගැටලු රැසක් තිබෙනවා. නමුත් රටේ තිබෙන තත්ත්වය අනුව මේ වසරේ ඊට ප්‍රතිපාදන සපයා ගැනීම අසීරු වුවත්, අපි ඒ පිළිබඳව ඉදිරියේ දී අවධානය යොමු කරනවා.

    අද තිබෙන ආර්ථික කඩාවැටීමෙන් නැවත නැගී සිටීමට අපි සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි. අපි ලබාගත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම මේ වසරේ සිට අනාගතයට විදේශ ණය ලබාගත යුතුව තිබෙනවා. ඒවාත් ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම විදේශ විනිමය අතිරික්තයක් ඇතිකර ගැනීමට අවශ්‍යයි.

    ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් වගේම තරගකාරී ආර්ථිකයක්. ඒ සඳහා ප්‍රධාන පළාත් කිහිපයක් අපි තෝරාගෙන තිබෙනවා. ඉන් එකක් තමයි උතුරු පළාත. ඒ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කළොත් මේ උතුරු පළාතේ ආර්ථිකය විශාල ලෙස වෙනස් වී ප්‍රධාන ආර්ථිකයක් බවට පත් වෙනවා.

    ඒ අනුව අපේ පළමු උත්සාහය වන්නේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කිරීමයි. කිලිනොච්චියේ සිට කුමන ප්‍රදේශය දක්වාත්, එතනින් උඩවළව දක්වාත් සිදු කෙරෙන වී වගාව අක්කරයකට මෙට්‍රික් ටොන් 06ක්, 07ක් ලබා ගැනීම අපේ අපේක්ෂාවයි. මේ අනුව ඒ ප්‍රදේශවල වී නිෂ්පාදනය ඉහළ ගිය විට අනෙක් ප්‍රදේශවල ඉඩම් වෙනත් ආයෝජන සඳහා යෙදවීමට අවස්ථාව ලැබෙනවා.

    ඒ වගේම ධීවර කර්මාන්තය වාණිජ වශයෙන් කරගෙන යා හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට පමණක් නොවෙයි, ඉස්සන් වගාව සඳහා ද මුල් තැන දී කටයුතු කළ හැකියි.

    අද තිබෙන බොටම් ට්‍රෝලින් ප්‍රශ්නය විසදීම සඳහා අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම උතුරේ ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා.

    මල්වතු ඔය සහ යෝධ ඇළ එක් කර ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නත්, අනෙක් ගංගා සහ ඔය ආශ්‍රිතව ජලය ආරක්ෂා කරගැනීමේ වැඩසටහන් ආරම්භ කරන්නත් යෝජනා වෙලා තිබෙනවා . ඒ වගේම අලිමංකඩ කළපුවට පිරිසුදු ජලය ලබා දෙන්න කටයුතු කරන අතර පූනරීන් වැවත් සංවර්ධනය කිරීමට අපි කටයුතු කරන බව සිහිපත් කරන්න කැමතියි.

    එමෙන්ම මෙම පළාතේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැඩපිළිවෙළක් තිබෙනවා. වැව්වල සෝලා පැනල් සවිකර විදුලි බලය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන අතර හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බලා තිබෙනවා.

    පුත්තලම සිට මුලතිව් වෙරළ දක්වාත් හම්බන්තොට වෙරළෙහිත් අපිට මෙගා වොට් 30-40ක පමණ අතිරික්තයක් හදාගන්න පුළුවන්.

    අපි දැන් ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා. හරිත ඇමෝනියා සහ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සමගයි අනාගතය තිබෙන්නේ. එයින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ උතුරු පළාතෙන්. එයින් සම්පූර්ණයෙන් උතුරේ ආර්ථිකය වෙනස් වි ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කළ හැකියි.

    ඒ වගේම මන්නාරම සිට ත්‍රිකුණාමල දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.කුඩා නැව් මාර්ග මේ දූපත්වලටත් යනවා. සම්ප්‍රදායික හින්දු දේවස්ථාන බැලීමට සංචාරකයින් පැමිණෙනවා.

    එමෙන්ම මාන්කුලම පරන්තන් කර්මාන්ත කලාප ඇති කිරීමට කටයුතු කරන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. එපමණක් නොවෙයි රාජ්‍ය නොවන වෙනත් විශ්වවිද්‍යාලයක් මේ ප්‍රදේශයට ගෙන ඒමටත් අප සැලසුම් කර තිබෙනවා.

    තාක්ෂණික ආයතන මේ ප්‍රදේශයට ගෙන ඒමෙන් දැනුම තිබෙන තාක්ෂණික ප්‍රදේශයක් බවට මෙය පත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පූනරින් නව නගරයක් බවට පත්කිරීම අපේ සැලැස්මයි. මෙම සියලු කටයුතු සමග මගේ අපේක්ෂාව උතුරේ සංවර්ධනය කඩිනම් කිරීමයි.

    ඒ වගේම අපි ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු අතර එය උතුරු පළාතේ සංවර්ධනයට තදින් බලපානවා. යුද්ධයට පෙර උතුරු පළාත රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා. එම තත්ත්වය යළිත් ඇති කරමින් එය සීග්‍රයෙන් ඉහළ නැංවීමට ආණ්ඩුවක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා.

    සංහිඳියාවෙන් පමණක් මෙම ප්‍රශ්න විසඳෙන්නේ නෑ. රටේ දුප්පත්කම නැති කර තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. නැත්නම් මේ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලැබෙන්නේ නැහැ.

    ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුර අප මේ පළාතෙන් තුරන් කළ යුතුයි. බිම් මට්ටමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සියලුදෙනා එක්ව සාකච්ඡා කරනවා නම් මම කැමතියි.

    මෙය සිදුකළ හැක්කේ ආණ්ඩුවට පමණක් නොවෙයි. අපි සහයෝගය ලබා දෙන්නම් ඒ අනුව ඔබ සියලුදෙනා එකතුව කැපවීමෙන් වැඩ කරන්න කියා මම ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ සහාය ඇතිව රුහු‍ණේ සංවර්ධනය එම ජනතාව විසින් භාරගත යුතුයි. එළෙසම එක් එක් පළාත් තම පළාත දියුණු කිරීමේ වගකීම භාරගත යුතුයි. ම් සඳහා පළාත් 09 අතර තරගයක් පවත්වමු. ඒ තරගය තුළින් රටම දියුණු වෙනවා.

    මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ;

    උතුරු පළාතේ ජනතාවට ඇති ගැටලු සොයා බැලීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා . පසුගිය කාලයේ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නවලට රට මුහුණ දෙන විට එයින් රට මුදවා ගැනීමට මෙතුමා ඉදිරිපත් වුණා. .එම නිසා උතුරු පළාතේ ජනතාව හැටියට ජනාධිපතිතුමාට සහාය දීම අපේ වගකීමක් .

    උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම් ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    ප්‍රභාකරන් ගෙ පුකත් ලොවයි