නියම විදියට hybrid එකක් පාවිච්චි කරන්නේ මෙහෙමය
hybrid එකකින් උපරිම ප්‍රයෝජනක් ගන්න පුළුවන් නම් සැහෙන්න තෙල් ඉතුරු කරගන්න පුළුවන් නේ
ඒ ගැන හොඳ විස්තරයක් හමුවුනා. කියවලා කොහොමද කියන්නකෝ
වැඩිදුර කියවන්න
hybrid එකකින් උපරිම ප්‍රයෝජනක් ගන්න පුළුවන් නම් සැහෙන්න තෙල් ඉතුරු කරගන්න පුළුවන් නේ
ඒ ගැන හොඳ විස්තරයක් හමුවුනා. කියවලා කොහොමද කියන්නකෝ
- මුලින්ම වාහනයට හොදින් හුරුවන්න, විශේෂයෙන් accelerator එකේ electric drive on වෙන තැන, වැඩිපුර ශක්තිය ගබඩාවන අයුරින් brake කරන්න ඕන ආකාරය.
- traffic එකක ඉන්නවනම් manually electric drive (EV) on කරගන්න.
හදිසියක් නැතිනම් සෙමෙන් accelerate කරන්න. traffic එකක හදිසි උනා කියල කරන්න දෙයක් නැනේ. මොකද වාහනය මුළුමනින්ම EV mode එකේ තියාගන්න පුළුවන් නිසා
- තරමක වේගයෙන් යනවනම් ඉදිරියෙන් මාර්ගය හොදින් අධ්‍යනය කරන්න, එකවර brake කරන්න එපා, හෙමින් brake කරන්න එතකොට වාහනයේ තිබෙන චාලක ශක්තිය හොදින් විද්‍යුත් ශක්තිය බවට පත්කරගෙන බැටරියේ ගබඩා කරන්න පුළුවන්.
- අධිවේගී මාර්ගය හෝ වෙනත් පැහැදිලි මාර්ගයක වේගයෙන් ගමන් කරනවානම් cruise control එකට වාහනය බාරදෙන්න, මොකද වාහනයේ computer එක තරම් හොදට අපිට එන්ජිම හා විදුලි මෝටරය balance කරන්න බැරි නිසා.
වැඩිදුර කියවන්න




