සොයන්නා;23271013 said:
ඔව් ඔයා හරි.... 
Neural network එකක් කියන්නේ program එකක් තමයි හැබැයි ස්ථාවර program එකක් නෙමෙයි අලුතින් අලුතෙන් ලැබෙන task අනුව program එකේ coding and logic වෙනස් වෙනවා
ඒකට ලොකු computer power එකක් ඕන වෙන්නෙ ට්‍රාන්සිස්ටර් මත හෝ තිබෙන යම් ක්‍රමයක් පදනම් වෙච්ච hardware සැකසුමක විතරයි
සාර්ථක neural network එකක් හදන්න ගතවෙන කාලය පරිගණක බලය මත සහ දුන්නට task එකේ සංකීර්ණත්වය මත තීරණය වෙනවා
ඒ උවමනාවෙන විශාල පරිගණක බලය සිලිකන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා ලබාගන්න අමාරු නිසා තමයි ඔය කාබනික නියුරෝන පාවිච්චි කරල තියෙන්නෙ.


ඔහොම කරන එකේ අනිත් වාසිය තමයි organic-based circuitry එකක් තියෙන හින්දා EMP වලින් වෙන effect එක අඩුයි.. න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇතිවෙන බලපෑම් වලින් යානාවේ පරිපථ වලට වෙන හානිය අඩුයි.
ඕක ගැන හිතල design කරපු fighter jet එකක් තමයි soviet MiG-25 jet එක...එක සෝවියට්කාරයෙක් ඕක එළවන් ඇමරිකාවට පනිනකන් ඇමරිකා හමුදාව MiG-25 එකේ රේඩාර් හැකියාව ගැන පුදුම වෙලා හිටියේ... ඉතිං උන් ඒ පන්නපු MiG-25 එක මස් කරා තාක්ෂණික උපක්‍රම අධ්‍යයනය කරන්න.
ඇමරිකන් කස්ටිය පුදුම උනා සෝවියට් උන් තාම එයාලගෙ යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධති බොහෝමයක් රික්තක නළ (vacuum tube) පාදක කරගෙන තියෙනව දැක්කම...පස්සෙ බලාගෙන යනකොට තේරුම් ගියා transistors වගේ silicon-based circuitry එකකට වඩා රික්තක නළ වලට ඉහළ ක්‍රියාකාරී උෂ්ණත්ව වලදී ඇතිවන බලපෑම් වලට ඔරොත්තු දෙන බවත්, EMP වලින් ඇතිවන බලපෑම අවම බව නිසා එවැනි පැරණි තාක්ෂණික ක්‍රම ඔවුන්ගේ යානා සඳහා භාවිතා කළා කියල. අනිත් එක රික්තක නළ භාවිත කිරීමෙන් ඉහළ ක්ෂමතාවකින් (600 kW) රේඩියෝ තරංග ජනනය කරන්න පුළුවන් හැකියාව නිසා ඔවුන්ගේ රේඩාර් තාක්ෂණ ක්‍රමවේදය ඇමරිකන් හමුදාවට අවබෝධ වෙනව.