නිරුවත්_කිරීම

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයියා නිරුවත් කිරීම - "යකෝ!!,ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.."

    index.jpg


    අද නම් මගේ ජීවිතයේ අමරණීය දිනයකි.මේක නම් අදහා ගන්නටත් බැරිය.අපේ ලොකු අයියාට බ්ලොගර් එකෙන් ලොග් අවුට් වීමට අමතක වී ඇත.ඒ අපතයා දැන් පේරාදෙනියට වී පච කෙල කෙල සිටිනු ඇතැයි මම සිතමි.මූ නැති නිසා අපි ගෙදර සතුටින් වෙසෙමු.මට කරනා අපහාස සියල්ලකටම පලි ගැනීමේ වේලාව පැමින තිබේ....කෙසේ පටන් ගනිමුදෝයි සිතා ගත නොහැක.

    අපේ ලොකු අයියා වනාහි අමානුශික ලෙස කුප්පයෙකි.කොටින්ම ඔහු මුහුන සෝදන්නේද සුනාමියක් එනවා යැයි කිව්වොත් පමනි. මක් නිසාද යත් සුනාමි දවසට පමනක් ඌට කාර් එක එලවීමට ලැබෙන නිසාය.දැන් දැන් සුනාමි අනතුරු ඇගවීම් නිතර නිතර වන නිසා කාර් එකට එයාර් ෆ්‍රෙශ්නර් එකක් සවි කලමු. ( නිකන් මොකටෙයි කාර් එක ගද ගස්ස ගන්නේ ).
    ලියාගෙන යනවිට මට මුගේ රසකතා එකින් එක මැවී මතුවේ..

    මෙදා අවුරුද්ද දවසේ පොර මාර සතුටින් මා කරා පැමිනියාහුය...

    "මේ ඕයි චූටි මල්ලි.."

    ශුවර් එකටම මේ පැමිනෙන්නේ මාව කඩේ යවන්නට බව මම නුමාන කලෙමි..

    "ඇයි ලොකු අයියේ.."

    බයාදු ලෙස මම ඔහුගෙන් අසන්නේ කඩේ යාමට ලැබෙන රුපියල් 20 ගැන සිතමිනි..

    "අද මගේ ජීවිතේ අමරණීය දවසක් ඕයි.."

    එසේ කියා ඔහු නිවසේ සිවිලිම දෙස බලා සිනා සෙයි..

    "මම මේ වගේ කෙනෙක් කියලා....දෙවියනේ මම පොඩ්ඩක් වත් දැන ගෙන ඉදියේ නෑ.."

    ලොකු අයියා හැගීම් බරව කියාගෙන යයි

    "උඹට පිපිඤ්ඤද බං ලොකු අයියේ,නැති නම් සමාජ රෝගයක් වත් හැදුනද?"

    ඔහුගේ හැගීම් තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි.

    "නෑ ඕයි....අද මට මාර සතුටක් තියෙන්නේ..අද මට බොන්න ඕන.දිව රතු වෙනකල් බොන්න ඕන..නෙක්ටෝ බෝතලයක් ගේනවකෝ..ආ.....පුලුවන් නම් බයිට් පැකට් එකකුත් සාක්කුවෙ දාගෙන එනවා..හරිය..."

    "නොදකින් ගල් ඉබ්බා..මාව කඩේ යවන්න ආවා මෙතන..තොගේ සතුටට හේතුව කියපිය කුප්පයෝ මාව යකා අවුස්සන්නේ නැතිව..තෝ සුරාන්තයට පත් උනාවත් ද හිටගෙන ඉන්දැද්දිම..

    මුගේ අප්‍රභ්‍රංශ තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි..

    "යකෝ..තෝ දන්නවද අපේ ජනාධිපතිතුමාව"

    "ඉතින්"

    "ඉතින් නෙමේ යකෝ..ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.!!!!."

    මූට සිරාවටම සමාජරෝගයක් සෑදී තිබේ යැයි මම මොහොතකට සිතුවෙමි.නමුත් මාගේ භය තුනී කරමින් ඔහු කතා කලේය..

    "මේ බලපන් යකෝ මගේ ෆෝන් එක.."

    එසේ කියමින් ඔහු ජංගම දුරකතනය මා වෙත දික් කරයි..

    මෙන්න තියෙනවා අද උදේ ජනාධිපතිතුමා මට සුබපතලා එව්ව මැසේජ් එක..බලපන් ඇස් ඇරලා.....මම වගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න එකෙක්ගේ නම්බරේ කොහොමද එතුමා දන්නේ..අන්න බලපන්...රත්ගමයා බ්ලොග් එක කියවලා..ඈ....ඊට පස්සේ රහස් පොලීසියෙන් දාලා මගේ නම්බරෙත් හොයාගෙන මට අවුරුද්දට විශ් කරලා මැසේජ් එවන්නේ අනිවාර්යයෙන් මගේ බ්ලොග් එකට කැමති නිසානේ ඕයි.,."

    "නොදකින් හිපාටුවෝ..ඔය මැසේජ් එක පොඩි අයියටත් ඇවිල්ලා තිබ්බා ඕයි...."

    "හෑ.....ඌත් බ්ලොග් එකක් ලියනවද එතකොට"

    එතනින් එහාට මා කතා කිරීමට නොගියෙමි.

    මේ මාසය ආරම්භයේදීම ලොකු අයියා නිවාඩුවට ගෙදර පැමිනියේය.මෙතක් කල් පොඩි අයියා එකම ඇදුම ගෙදරට ඇදීමේ හේතුව සොයා ගත්තේ එදාය.

    මූ පොඩි අයියාගේ ඇදුම් සියල්ලක්ම හොරෙන් ගෙන ගොස් තිබේ..දැන් ඉතින් ඒවා කාටව්ත් ඇදීමට බැරිය..

    "ඩෙටෝල් ටිකක් දාලා වත් ගමුද ? "යයි පොඩි අයියාගෙන් විමසූ විට

    "උබ හිතුවද යකෝ මමත් උරුලෑවෙක් කියලා" යැයි කියමින් ඔහු මට බැන වදී..

    නිවාඩුව අවසන් වීමෙන් පසු පොඩි අයියාගේ අලුත් ඇදුම් සෙට් එකද හොරාට බෑගයේ දමා ගැනීම මට මාට්ටු වුවද රුපියල් 20ක් අතේ ගුලි කිරීම නිසා මම කට වහගෙන සිටියෙමි..


    අවුරුදු කුමාරයා වීම අපේ ලොකු අයියාගේ සිහිනයකි.එය සිහිනයක් වන තරමට හොදය.නැති නම් අපට කනක් ඇහිලා ඉන්නට නැතිය.ගිය අවුරුද්දේ කාගේදෝ සාටකයක් දමාගෙන හොරෙන් අවුරුදු කුමාරයා වී අපේ කන් වින්ද දුක් අපමනය.අප්‍රමානය...

    නිවාඩුවට පැමිනි අලුත ලොකු අයියා දත් බුරුසුවක් ගත්තේය.එය ලබන අවුරුද්දේ අවුරුදු නිවාඩුවට පැමිනෙන තෙක්ම අලුත් පිට තිබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.ඒ අතින් නම් අපේ ලොකු අයියා සරල පුද්ගලයෙකි..දත් බෙහෙත් ,සබන් ආදී දේ වලට යන වියදම් අවම කර ගැනීමට ඔහු කට යුතු කර තිබේ.

    ලොකු අයියා සිතාගෙන සිටින පරිදි පොර හෙන හැන්ඩ්සම්ය.හැන්ඩ්සම් යන වචනයේ තේරුම වෙනස් වී ඇද්දැයි මම ගූගල් එකේ හිටන් සර්ච් කර බැලුවෙමි.නමුත් වචනය එසේමය.අහිංසකයෙකුගේ සිහින සිතුවිලි සමග කොලොප්පන් කර මට ලැබෙන බයිට් පැකට් එකක් නැත.ඒම නිසා මම කට පියාගෙන සිටිමි..ඌ පව් ය

    මෙම සටහනෙන් පසු සමහර විට මට ලැබෙන රුපියල් විස්ස නොලැබෙනු ඇත.ඉතින් මට සමන් පිච්ච මල්ද...ඌ නැති උනාට මට පොඩි අයියා සිටීය.

    තවත් ඉදිරියට මේකාගේ අප්‍රිය සහගත කියුම් කෙරුම් රැසක් එලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි..ලොකු අයියේ , උඹ ඉවරයි!!!!



    ලිපියේ අයිතිය රත්ගමයා