නිරුවතින් තැබූ ගිනස් ලෝක වාර්තා

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    නිරුවතින් තැබූ ගිනස් ලෝක වාර්තා

    මිනිසුන් කැමතියි එක එක විදියේ අමුතු වැඩ කරන්න.ලෝකයේ අමුතු වැඩ සනිටුහන් වෙන පොත තමයි ගිනස් වාර්තා පොත.ඉතින් මේ පොතේ මිනිසුන් ඇදුම් ඇදන් කරපු දක්ෂ වැඩ ගැන වගේම ඇදුම් නැතුව කරපු විවිධ වැඩ ගැනත් ලියවිලා තියෙනවා.අද කියන්න යන්නේ නිරුවත් ව වැඩිම පිරිසක් එකතු වෙලා කරපු වැඩ ගැන


    වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වන දිය නැමේ ඉසව්ව
    මේ වැඩේ සංවිධානය කරන්නේ American Association for Nude Recreation (AANR) කියන සංගමය මගින්.ඇමරිකාවේ පිහිනුම් තටාක 103ක් යොදා ගනිමින් එකවර මිනිසුන් 13674ක් තමන්ගේ පිහිනුම් ඇදුම් ගලවා දමා නාන්න පටන් ගත්තා.මේ වාර්තාව තියලා තියෙන්නේ 2008 වසරේ ජුලි මාසේදී.මේ පිස්සු වැඩේ මේ සංගමය හැම වසරකම පවත්වනවා.




    ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් ප්‍රසිද්ධියේ දිවීම
    මේ වැඩේ කරලා තියෙන්නේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ සිසුන්.නගරයේ ජනාකීර්ණ ප්‍රසිද්ධ විදී ඔස්සේ මේ නිරුවතින් දුවන වැඩේට සිසුන් 1543ක් සහභාගී වෙලා තිබුනා.සිද්දිය වෙලා තියෙන්නේ 1974 වසරේ මාර්තු 07 වෙනිදා






    ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සිදු කල විවාහ මංගල්‍යය
    මේ අරුම පුදුම නිරුවත් විවාහ මංගල්‍ය සදහා ජමෙයිකාවේදී මංගල ජෝඩු 29ක් සහභාගී වෙලා තියෙනවා.2003 වසරේ වැලන්ටයින් දවසේ තමයි මේ ජෝඩු ටික නිරුවතින්ම ඉදන් marry කරලා තියෙන්නේ.මේ වගේ වැඩ වලට නම් wedding වලට ඇදුම් සපයන ආයතන ඒ තරම් කැමති වෙන එකක් නෑ.එත් ඉතින් අද කාලේ wedding එකේ ඇදුම් වලට යන වියදමත් එක්ක මෙහෙම wedding එක ගත්තත් පාඩුවක් නෑ.






    ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් පෙනී සිටි සමුහ චායාරුපය
    මේ group photo එක ගහන්න නිරුවත් මිනිසුන් 18000ක් මෙක්සිකෝවේ zocala කියන චතුරශ්‍රයට එකතු වෙලා තියෙනවා.2007
    වසරේදී තමයි මේ ගිනස් වාර්තාව තියලා තියෙන්නේ.



    ලෝකයේ වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ බයිසිකල් ගමන
    1990 වගේ ඉදන් යුරෝපයේ හා ඇමරිකාව තුල යම් යම් නගර වල විනෝදයට වගේම විරෝධතා දැක්වීමේ අරමුණින් නිරුවත් බයිසිකල් ගමන් සංවිධානය වෙන්න පටන් ගත්තා.එත් ලෝකයේ ලොකුම නිරුවත් බයිසිකල් කරුවන්ගේ සංචාරයක් සංවිධානය වෙලා තියෙන්නේ 2004 වර්ෂයේදී තමයි.මේක සංවිධානය කරලා තියෙන්නේ The World Naked Bike කියන අප්‍රසිද්ධ සංගමයක් විසින්.අද වෙනකොට ඒ ගොල්ලෝ මේ පටන් ගත්තු අමුතු නිරුවත් වැඩේ ලෝකේ රටවල් 20ක නගර 70ක් පුරා පැතිර ගිහින් තියෙනවා.මේ වැඩේට එකතු වෙන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙන නිසා හැමදාම මේ record එක අලුත් වෙනවා

    වැඩිම පිරිසක් නිරුවතින් සහභාගී වූ Roller coaster ගමන
    මේ වාර්තාව තියලා තියෙන්නේ 2010 වසරේදී ස්කොට්ලන්තයේ amusement park එකේ තියෙන Roller coaster එකක් යොදා ගෙන.මේ සදහා නිරුවත් පුද්ගලයින් 102ක් සහභාහි වෙලා තියෙනවා.මේ නිරුවත් Roller coaster ගමන සංවිධානය කරලා තිබුනේ හුදෙක්ම මහජන සේවය සේවය සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගන්න.කොහොම උනත් අවසානයේ මේ හෙළුවෙන් මිනිස්සු 102ක් එක පාරට කරපු වැඩේ ගිනස් පොතට ගියා
    නිරුවතින් skydiving කිරීම
    skydiving කියන්නේ ඉහල අහසේ පාවෙන ක්‍රීඩාවක්.හැබැයි මේක නිරුවතින් කරලා ගිනස් වාර්තා පොතට යන්න පිරිසක් සමත් උනා.ඇමරිකාවේ මේ වැඩේ කරන්න මුල් වෙලා තියෙන්නේ The Society for the Advancement of Naked Skydiving කියන සංගමය මගින්.මේ සදහා ඔවුන් නිරුවත් පුද්ගලයින් 8 දෙනෙක් යොදා ගත්තා


    හරි ඔන්න එහෙනම් නිරුවතින් තියපු අමුතු අමුතු වාර්තා ගැන කියලා ඉවරයි.එහෙනම් ඔය ගොල්ලොත් මොනවහරි වාර්තාවක් තියන්න try කරන්න යාලුවනේ.

    මේ මගේ blog එකේ link එක
    http://wishmalokayasl.blogspot.com/
    පුළුවන් නම් blog එකට ගොඩ වෙලා FB fan page එකට like එකකුත් දාගෙන යන්න යාලු
    ලිපිය හොදයි නම් තව කෙනෙක් ට බලන්න share පාරකුත් දාගෙනම යන්න හොද ඩලා ලා වගේ
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    නිදාගෙන ඉන්න උන්දැලා ඇහරුණොත් . සටපට ගාලා එතනම තව ලෝක වාර්තාවක් තියයි
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    183
    63
    මොකද කියන්නේ නිරුවතින් වැඩිම membersලා ප්‍රමාණයක් forum එකකට ලොග් වීම.:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    nude_wedding.jpg



    මේකෙ අන්තිමට කපල්ස් මාරු උනාද දන්නෑ...


    ඇයි යකෝ ලංකාවෙ මිනිස්සුන්ට මේවගේ සුන්දර අදහස් නැත්තේ,,,,
    :(:(