නිල් පෑන මොන පාටද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මන් කියපු එකෙ මන් බුද්ධාගමට refer කරලා නම් නෑ 🙂. ඔතන නිර්ගුණ බ්‍රහ්ම කියන එකට තමා ලියලා තියෙන්නේ .
    thread ekatama reply daddi danne ;)
     
    • Like
    Reactions: NRTG and nipund

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Hindu ayath dannawa meka shunyay kiyala.
    oh-yeah-i-knew-it.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යම්කිසි සත්තු ජාතියකට...ඒ හැම සතාටම අපිට පේන නිල් පාට පේන්නෙ...කොල පාට නම්...ඒ හැම සතාටම එහෙම පේන නිසා එක හරි කියල ගන්න පුලුවන් වෙයි ද? එයාලට පෙනෙන කොල පාටද, අපිට පෙනෙන නිල පාටද ඇත්ත පාට?

    ඇත්ත පාට ඒ object එකෙන් reflect කරන ආලෝකයේ wavelength එක අනුව තමයි කියන්න වෙන්නේ...අපිට හරි සතෙකුට හරි පේන පාට මොකක් උනත්, ඒ wavelength එක එමමයි.

    මෙහෙම දෙයක් ගැන මේ කියන්නෙ

    ලෝකෙ ඉන්නව එකම එක මනුස්සයෙක් විතරක් එයාට දැන් දැනෙන දේවල් වලට එයා නම් දාගන්නව.

    ඔන්න එතකොට දෙවනි කෙනත් එනව. එයාටත් අර දේවල් දැනෙනව. ඒත් එයාට නම් දාන්න බෑ. දැන් පළවෙනි කෙනා මොකක් හරි පෙන්නල ඒකට නමක් කියනව එතකොට දෙවනි කෙනා ඒකට ඒනම දාගන්නව. ඒත් එතකොට පළවෙනි කෙනාට කියන්න බෑ එයාට දැනුන දේවල් ටිකමද දෙවනි කෙනාටත් ඒ නම් කරපු දේ එක්ක දැනෙන්නෙ කියල. ඒක ඔප්පු කරල පෙන්නනත් බෑ. ඒක එක්ස්ප්ලේන් කරල දෙන්නත් බෑ.
    පාට වලට ඕක එනකොට අපි කලර් කෝඩ් දාගෙන හිටියත් ඒ කලර් කෝඩ් එක රිෆර් කරන දේ මට දැනෙන විදියටමද ඔයාට දැනෙන්නෙ කියල කියන්න බෑ.

    ඕක හොදටම තේරෙන තැනක් තමා කටහඩ. ඔයාට තව කෙනෙක්ගෙ කටහඩක් එක්ස්ප්ලේන් කරල මට තේරුන් කරවන්න බෑ මම ඒක අහල නැත්තන්. මම අහල ඒක ආ ඒ එයාගෙ කටහඩ කියල අත් දැකල තිබ්බොත් විතරයි ඒක මට ඔයා කියන කෙනාගෙ කටහඩ විදියට තේරෙන්නෙ.

    දැනෙන විදිහ අදාලද?? ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා...මොකද දැනීම කියන්නේ අපේ මොලයෙන් ඒකට දෙන ෆීඩ්බැක් එකනේ...නමුත් පාට කියන්නේ එහෙම නෙමෙයි...ඇස් වල තියෙන කලර් සෙන්සර් වලින් ලයිට් එක පික් කරලා, මොලයෙන් තේරුම් බේරුම් කරලා ඒක ඇතිවෙනවා...ඊට පස්සේ තමයි උඹ ඔය කියන දැනීම ඇති වෙන්නේ...

    මොකද, රතු නම් රතු තමයි...උඹට රතු ලයිට් එකක් දිහා බලලා, ඒක හිතින් හිතලා කහ පාටට දකින්න බෑ...ඒ නිසා තමයි ලෝකේ බිලියන ගානක් මිනිස්සු ට්‍රැෆික් ලයිට් එකම විදිහට දකින්නේ :) මේක තනිකර අපේ බයෝලොජි එකට පිසිකලි වයර් වෙලා තියෙන්නේ...(පාට අඩු වැඩි වශයෙන් පේන්න පුලවන්..ඒවා සෙන්සර් අනුව වෙනස් වෙනවා..)
    ------ Post added on Sep 20, 2023 at 1:09 AM
     
    • Like
    Reactions: NRTG and Rontmir

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    ඇත්ත පාට ඒ object එකෙන් reflect කරන ආලෝකයේ wavelength එක අනුව තමයි කියන්න වෙන්නේ...අපිට හරි සතෙකුට හරි පේන පාට මොකක් උනත්, ඒ wavelength එක එමමයි.

    Wavelength එක කියන්නෙ පාටක් නෙවේ නෙ...එක සත්ව කොට්ටසයකට එකම Wavelength එක පාට්ටකත්....තවත් සත්ව කොට්ටසයකට වෙන පාටකටත් පේන්න පුලුවන්නෙ.
     
    • Like
    Reactions: NRTG and imhotep

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106

    දැනෙන විදිය අදාලයි. දැනෙන විදිය නිසානෙ අපි ඒක එක්ක ගණුදෙනු කරන්නෙ. දැනෙන්නෙ නැත්තන් අපි ඒක එක්ක ගණුදෙනු කරන්නෙ නෑ.
    ඇක්සිඩන්ට් වෙලාවට දැකල ඇති නෙ ලොකු තුවාලයක් වෙච්ච කෙනෙක් ඒත් ඒක එයාට ගාණක් නෑ ඒක එයාට දැනිල නැති නිසා කොච්චර ලොකුවට ලේ ගියත් එයාට ඒ තුවාලෙ එක්ක කරන්න ගණුදෙනුවක් නෑ දන්නෙ නැති නිසා. අපි දැකල අපිට දැනෙන නිසා අපිට ගණුදෙනුවක් තියෙනව. දැනීම අදාලයි සෙන්සර් වලට ගියාට විතරක් වැඩක් නෑ මොලෙන් ප්‍රොසෙස් කරනකන් ඒක අපිට සාපේක්ෂව ඒ ඉවෙන්ට් එක නෑ.

    හිතින් දකින් දේටනෙ නමක් දාගෙන තියෙන්නෙ. ඒක උබට සෙන්ස් වෙන විදියටම මට සෙන්ස් වෙනව කියන්න බෑනෙ. කවුරු හරි උට ඒක සෙන්ස් වෙන විදියට නමක් දුන්න. අපිට එක සෙන්ස් වෙන විදියට අපිත් ඒ නමම දාගන්නව අනික් අය කියන නිසා.

    උබට මතක නන් පොඩිම කාලෙ පාට වර්ග, හැඩතල අපිට හදුන්වල දෙන විදිය ඕක ඔය විදියට තමා කරන්නෙ. මොකක් හරි එකක් පෙන්නල ඒකට කොළ පාට, රතු පාට කියල නම් දෙනව මිසක් ඒකෙ ලක්ෂණ කියන්නෙ නෑ. ටීචට රතු කියල හිතාගෙන ඉන්න එකකට අපිටත් රතු කියන්න කියනව. එහෙම කරගත්ත සම්මුතියක් තියෙන්නෙ. ඒ පාට කියල හදුනගත්ත දේ භාවිතා කරල ඇපල් ගෙඩියක් කියන්නෙ රතු පාට බෝලයක් වගේ එකක් කියනව. කනකොට ඒකෙ රහ ගැන අපි හැමෝම එක නමකට එකග වෙනව. එහෙම පොඩිපොඩි කොටස් එකතු කරල අපි අපි අවට තියෙන ඉන්ද්‍රියන් ගොඩකට හෝ එකම ඉන්ද්‍රියට ලක්ෂණ ගොඩක් දැනෙන ඒවට වෙන වෙනම නම් දාගන්නව අපේ වැඩ කිරීමේ පහසුවට.

    මොකද, රතු නම් රතු තමයි...උඹට රතු ලයිට් එකක් දිහා බලලා, ඒක හිතින් හිතලා කහ පාටට දකින්න බෑ
    මේක වෙනස් වෙන්නෙ නෑ මට මුලින්ම රතු කියල හදුන්වල දුන්න එක මම තියාගෙන ඉන්නේ එක මට දැනුන හැටියටනෙ එතකොට හිතෙන් ආයෙ ඒ දැනුන හැටි කහ පාටට දැනුන හැටි වෙනස්. කොහොමත් ඒ දෙක මාරු කරගන්න ආයෙ බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මෙහෙමනෙ කොල්ලො ඔයාලා රට පටලවන් ඉන්නෙ. උඹටයි මටයි පේන පාටවල් එකමද කියල අපිට කවදාවත් දැනගන්න බෑ. මොකද ඒක අපිට ලැබෙන information එක අපේ මොලෙන් interpret කරන විදිහ මත රඳා පවතින හින්ද. හැබැයි අපි එක පාරක් දේක දැකපු පාටම තමයි ආයෙ දකිද්දි දකින්නෙත්. අපි විතරක් නෙමේ අනිත් මිනිස්සුන්ටත් ඒක එහෙමමයි. ඒ වගේම එක දේක පාට දැකල ඒ පාටටම පේන තව දෙයක් දැක්කොත් අනිත් මිනිස්සුන්ටත් ඒ දේවල් දෙක එකම පාටට පේන්නෙ. ඒ කියන්නෙ අපේ මොලෙන් ඒ එන information එක කොහොම interpret කරත් අපිට වගේම අනිත් අයටත් ඇවිත් තියෙන්නෙ එකම information එක බව පැහැදිලියි. සෙන්සර් එකකින් උනත් අදාල පාටකට අදාල value එකක් විදිහට දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒක හින්ද. ඒ කියන්නෙ පාට කියන දේ වස්තුවකට පවතින ගුණයක්. ඒක තියෙන්නෙ වස්තුවෙ. හැබැයි ඒ ගුණය අපේ මොලේ විසින් අපිට පෙන්වන විදිහ තමයි අපි දකින්නෙ.
     
    • Like
    Reactions: NRTG

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Wavelength එක කියන්නෙ පාටක් නෙවේ නෙ...එක සත්ව කොට්ටසයකට එකම Wavelength එක පාට්ටකත්....තවත් සත්ව කොට්ටසයකට වෙන පාටකටත් පේන්න පුලුවන්නෙ.
    මේ argument එක මත ඉඳගෙන, පාට කියන්නේ එළියේ යම් දෙයක තියෙන දෙයක් නොවෙයි, නමුත් යම් හේතූන් ටිකක් සකස් වීමෙන්/ගැලපීමෙන් ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන දෙයක් කියල ගත්තොත් හරි නේද?
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැනෙන විදිය අදාලයි. දැනෙන විදිය නිසානෙ අපි ඒක එක්ක ගණුදෙනු කරන්නෙ. දැනෙන්නෙ නැත්තන් අපි ඒක එක්ක ගණුදෙනු කරන්නෙ නෑ.
    ඇක්සිඩන්ට් වෙලාවට දැකල ඇති නෙ ලොකු තුවාලයක් වෙච්ච කෙනෙක් ඒත් ඒක එයාට ගාණක් නෑ ඒක එයාට දැනිල නැති නිසා කොච්චර ලොකුවට ලේ ගියත් එයාට ඒ තුවාලෙ එක්ක කරන්න ගණුදෙනුවක් නෑ දන්නෙ නැති නිසා. අපි දැකල අපිට දැනෙන නිසා අපිට ගණුදෙනුවක් තියෙනව. දැනීම අදාලයි සෙන්සර් වලට ගියාට විතරක් වැඩක් නෑ මොලෙන් ප්‍රොසෙස් කරනකන් ඒක අපිට සාපේක්ෂව ඒ ඉවෙන්ට් එක නෑ.

    හිතින් දකින් දේටනෙ නමක් දාගෙන තියෙන්නෙ. ඒක උබට සෙන්ස් වෙන විදියටම මට සෙන්ස් වෙනව කියන්න බෑනෙ. කවුරු හරි උට ඒක සෙන්ස් වෙන විදියට නමක් දුන්න. අපිට එක සෙන්ස් වෙන විදියට අපිත් ඒ නමම දාගන්නව අනික් අය කියන නිසා.

    උබට මතක නන් පොඩිම කාලෙ පාට වර්ග, හැඩතල අපිට හදුන්වල දෙන විදිය ඕක ඔය විදියට තමා කරන්නෙ. මොකක් හරි එකක් පෙන්නල ඒකට කොළ පාට, රතු පාට කියල නම් දෙනව මිසක් ඒකෙ ලක්ෂණ කියන්නෙ නෑ. ටීචට රතු කියල හිතාගෙන ඉන්න එකකට අපිටත් රතු කියන්න කියනව. එහෙම කරගත්ත සම්මුතියක් තියෙන්නෙ. ඒ පාට කියල හදුනගත්ත දේ භාවිතා කරල ඇපල් ගෙඩියක් කියන්නෙ රතු පාට බෝලයක් වගේ එකක් කියනව. කනකොට ඒකෙ රහ ගැන අපි හැමෝම එක නමකට එකග වෙනව. එහෙම පොඩිපොඩි කොටස් එකතු කරල අපි අපි අවට තියෙන ඉන්ද්‍රියන් ගොඩකට හෝ එකම ඉන්ද්‍රියට ලක්ෂණ ගොඩක් දැනෙන ඒවට වෙන වෙනම නම් දාගන්නව අපේ වැඩ කිරීමේ පහසුවට.

    මේක වෙනස් වෙන්නෙ නෑ මට මුලින්ම රතු කියල හදුන්වල දුන්න එක මම තියාගෙන ඉන්නේ එක මට දැනුන හැටියටනෙ එතකොට හිතෙන් ආයෙ ඒ දැනුන හැටි කහ පාටට දැනුන හැටි වෙනස්. කොහොමත් ඒ දෙක මාරු කරගන්න ආයෙ බෑ.

    ඉතින් ඔව් හැමදේම එහෙම තමයි...හැමදේටම නමක් දාලා තියෙනවා ලේසි වෙන්න...

    රතු කිව්වට පස්සේ ඒක එක වෙලාවකට කහ පාටයි, එක වෙලාවකට කොල පාටයි, සැරෙන් සැරේ මාරු වෙනවා නම්, මේක රතු මේක කොල කියලා විශේෂිත ලේබල් ගහන්නේ නෑ...ගහන්නත් බෑ.... වර්ණ කියන්නේ භෞතිකව නිශ්චිත ලක්ෂණයක් නිසා එහෙම නම ගහලා තියෙන්නේ....

    දැනීම කියන එක මේ මාතෘකාවට අදාල නෑ කියලයි බන් කිව්වේ...පාටක් නෑ, බොරු කියන එකට...
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉතින් ඔව් හැමදේම එහෙම තමයි...හැමදේටම නමක් දාලා තියෙනවා ලේසි වෙන්න...

    රතු කිව්වට පස්සේ ඒක එක වෙලාවකට කහ පාටයි, එක වෙලාවකට කොල පාටයි, සැරෙන් සැරේ මාරු වෙනවා නම්, මේක රතු මේක කොල කියලා විශේෂිත ලේබල් ගහන්නේ නෑ...ගහන්නත් බෑ.... වර්ණ කියන්නේ භෞතිකව නිශ්චිත ලක්ෂණයක් නිසා එහෙම නම ගහලා තියෙන්නේ....

    දැනීම කියන එක මේ මාතෘකාවට අදාල නෑ කියලයි බන් කිව්වේ...පාටක් නෑ, බොරු කියන එකට...
    භෞතිකව නිශ්චිත ලක්ෂණයක් - නිශ්චිත වෙන්නෙ තමන්ට සාපේක්ෂව සෙන්සර් ටික ඔයාගෙ ඔයාගෙ හිතේ එකට දෙන අගය ඔයාගෙ ඔක්කොම ඔයාගෙ මිසක් මගේ නෙවෙයි මගෙ ටික වෙනයි. ඒ නිසයි කියන්නෙ වස්තුව අපි හදාගත්තු එකක් කියල. ඒක පවතින්නෙ ඇත්තටම අපි ලග විතරයි කියන්නෙත් ඒකයි. ඒක අනික් කෙනාට කොහොම නිශ්චිත වෙනවද කියන එක අපෙන් එලියෙ තියෙන්නෙ අපි දෙගොල්ලම එකම නමකින් ඒක හදුන්වාගත්තට ඒකෙන් කියන්න බෑ අපි දෙන්නටම ඒක එකම විදියට තමා නිශ්චිත වෙන්නෙ කියල.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Wavelength එක කියන්නෙ පාටක් නෙවේ නෙ...එක සත්ව කොට්ටසයකට එකම Wavelength එක පාට්ටකත්....තවත් සත්ව කොට්ටසයකට වෙන පාටකටත් පේන්න පුලුවන්නෙ.
    FYI.... A reply I posted long ago (November 2020) about how we perceive colour.
    Colour has always been a puzzle... It's mainly our perception.

    There are two kinds of photoreceptors in the human eye - Rods and Cones. I am sure many of you have heard this.
    There are about 120 Million of 'rods' - and these are mainly responsible for night vision, because they are highly sensitive to low-intensity light. These are also accountable for peripheral vision. These are totally blind for high intensity light and do not have the colour ability - basically Achromatic vision.

    OTOH, the Cones, abot 6 to 7 million, are responsible for the visual acuity (the ability to resolve and to pick up the minor details) and for distinguishing colours.
    There are three types of cones:
    – Red cones, 64% of the total, also known as L-cones (maximally sensitive to long-wave light).
    – Green cones, 32% of the total, also known as M-cones (maximally sensitive to medium-wave light).
    – Blue cones, 2 – 7% of the total, also known as S-cones (maximally sensitive to short-wave light).

    Normally, the peak of red cone light perception at 565 nm, the peak of green cone at 535 nm and the peak of blue cone at 430 nm.

    It's too lengthy to explain everything here but there are pigment-proteins that gives the photoreceptors in the human eye this ability.

    Cats and dogs only have blue and green cones. This means they have a much more muted perception of colour than the human eye. Some animals only see one colour. There are Monochromats, Dichromats and Trichromats.
    The humans are Trichomats and so are the primates. But some monkeys like the night monkeys are monochromats.

    PS: Since some are interested in how animals could see. Just a few more lines.....
    Most marine mammals like seals, sea lions and walruses, and cetaceans, such as dolphins and whales are Monochromatic. These Mammals have lost the ability as it's not very helpful for them at sea.
    But most fish are trichromatic, with good color vision -except for a few species like skates & sharks.
    Cows cannot see the Red colour because they do not have the Red cones.. - (why do matadors wave a red cloth at he bull? - might as well wave any coloured cloth)
    Nocturnal birds are colour blind. Moost cold blooded animals can see infra-red. That's how snakes detect their prey.

    Another interesting thing is an insects compound-eyes. Dragonflies have one of the highest-quality compound eyes with 30,000 lenses per eye. Birds of prey, do have 1 million sensor cells per square millimeter. The eyes of these birds have two to three times the acuity of human eyes, but the acuity of a human eye is still about 100 times better than that of the best insect compound eye.
     
    • Like
    Reactions: ek_rosh and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ගොඩක් මිනිස්සු කැමති ඔය සරල බණක් අහගෙන ඉන්න
    ඒ උනාට බණ අහන අයයි බුද්ධිමත් කියලනෙ කියන්නෙ...
     
    • Love
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    භෞතිකව නිශ්චිත ලක්ෂණයක් - නිශ්චිත වෙන්නෙ තමන්ට සාපේක්ෂව සෙන්සර් ටික ඔයාගෙ ඔයාගෙ හිතේ එකට දෙන අගය ඔයාගෙ ඔක්කොම ඔයාගෙ මිසක් මගේ නෙවෙයි මගෙ ටික වෙනයි. ඒ නිසයි කියන්නෙ වස්තුව අපි හදාගත්තු එකක් කියල. ඒක පවතින්නෙ ඇත්තටම අපි ලග විතරයි කියන්නෙත් ඒකයි. ඒක අනික් කෙනාට කොහොම නිශ්චිත වෙනවද කියන එක අපෙන් එලියෙ තියෙන්නෙ අපි දෙගොල්ලම එකම නමකින් ඒක හදුන්වාගත්තට ඒකෙන් කියන්න බෑ අපි දෙන්නටම ඒක එකම විදියට තමා නිශ්චිත වෙන්නෙ කියල.

    නිශ්චිත වෙන්නේ ෆිසිකලි බන්...බයෝලොජිකලි ෆික්ස්ඩ්..හැම මනුස්සයටම....අපිට හිතලා දකින පාට වෙනස් කරන්න බෑ... දැනීම කියන්නේ ඒ මොලයෙන් හදලා දෙන එකට අපි දක්වන ප්‍රතිචාරය..

    දැන් ඇති බන් මේ ලබ්බ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    නිශ්චිත වෙන්නේ ෆිසිකලි බන්...බයෝලොජිකලි ෆික්ස්ඩ්..හැම මනුස්සයටම....අපිට හිතලා දකින පාට වෙනස් කරන්න බෑ... දැනීම කියන්නේ ඒ මොලයෙන් හදලා දෙන එකට අපි දක්වන ප්‍රතිචාරය..

    දැන් ඇති බන් මේ ලබ්බ :lol:
    ෆිසිකලි නිශ්චිත වෙලා තියෙනව කියන්නෙ කොහොමද කියල තමා අහන්නෙ. ඒක ඔප්පු කරන්න යූස් කරන්නෙ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට වෙනස් වෙන සෙන්සර් සෙට් එකක්නෙ.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆිසිකලි නිශ්චිත වෙලා තියෙනව කියන්නෙ කොහොමද කියල තමා අහන්නෙ. ඒක ඔප්පු කරන්න යූස් කරන්නෙ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට වෙනස් වෙන සෙන්සර් සෙට් එකක්නෙ.

    පොඩි වෙනස්කම් තියෙනවා...නමුත් ජෙනරලි හැමෝගෙම ෆිසිකලි එකම සෙන්සර් එක බන්...

    හරියට මූන මැද නහය තියෙනවා, නහයට යටින් කට තියෙනවා වගේ තමයි...හැමෝටම ඕක පොදුයි...හැමෝගෙම හැබැයි නහයයි කටයි අතර එකම ගැප් එක නෑනේ...නහය එක සයිස් නෑ....නමුත් නහයට යටින් කට තියෙනවා කියන එක ෆිසිකලි වයර්ඩ්...

    ඒ වගේ, ඇහේ තියෙනවා සෙල්ස් (කෝන්ස්)..ඕක හැමෝටම පොදුයි...ඕකෙන් අල්ලගන්න ලයිට් එක, ඒක මොලයෙන් ඉන්ටප්‍රිට් කරන එක ඔක්කොම සමානයි...ඒකයි බිලියන ගානක් මිනිස්සු හැමෝටම එකම පාට පේන්නේ...නමුත් කෝන්ස් වල දුර්වලකම් මත ඇහැට වැටෙන විදිහ වෙනස් වෙලා පාට එහෙ මෙහෙ වෙන්න පුලුවන්..
     
    උබයි මායි දෙන්නම පොඩි කාලේ ඇහට පෙනුන දෙයක් තව කෙනෙක් එකට තමා නිල් පාට කියන්නේ කියල එකග කරගත්ත නිසා ඒ දේට අපි දිගටම නිල් පාට කියනවා. ඒ කොටස නැති වෙච්ච ගමන් අපිට එහෙම පාට කියල දෙයක් නෑ වෙනසක් විතරක් ඉතුරු වෙනවා. පාට අපි සම්පුර්නයෙන්ම පෙර අත්දැකීම වලින්ම බිල්ඩ් කරන එකක්. සෙන්ස් වෙන ඔක්කොම එහෙම තමා.

    පාටක් ඒකප්ලෙන් කරන්න පුළුවන්ද වෙන කිසිම බාහිර උපකාරයක් ගන්නේ නැතුව ඇහෙන් විතරක් දැක්ක ගමන් අඳුරගන්න. අමරදේවගේ සින්ධුවක් ඇහුන ගමන් අපි දෙනගත්තට මේ අමරදේව කියල ඕක පුලුවන්ද තව කෙනෙක්ට කියල දෙන්න අමරදේවගේ කටහඩ මේක තමා කියල.

    සෙන්ස්සර් වලටත් බෑනේ අපි කලර් සෙන්සර් එකක් හදලා ඒ එන අගය අපි නිල් පාට කියන එකට අල්ලපු වෙලාවේ ආව අගය නිසා අපි ඒක එකග වෙනවා එක තමා නිල් පාට කියල. ඒ පැහැදිලි කරගත්ත එක නැති වෙච්ච ගමන් එක නිකං අගයක් විතරයි

    Ps අන්තිම එක ආයේ දාන්නේ නෑ 🙏🙏
     
    • Like
    Reactions: kolavari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    මේ argument එක මත ඉඳගෙන, පාට කියන්නේ එළියේ යම් දෙයක තියෙන දෙයක් නොවෙයි, නමුත් යම් හේතූන් ටිකක් සකස් වීමෙන්/ගැලපීමෙන් ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන දෙයක් කියල ගත්තොත් හරි නේද?

    මේක අහන ඩොමේන් එක විද්යාවද, දර්මයද කියන එක අනුව උත්තරය වෙනස් වෙනව

    පොඩි වෙනස්කම් තියෙනවා...නමුත් ජෙනරලි හැමෝගෙම ෆිසිකලි එකම සෙන්සර් එක බන්...

    හරියට මූන මැද නහය තියෙනවා, නහයට යටින් කට තියෙනවා වගේ තමයි...හැමෝටම ඕක පොදුයි...හැමෝගෙම හැබැයි නහයයි කටයි අතර එකම ගැප් එක නෑනේ...නහය එක සයිස් නෑ....නමුත් නහයට යටින් කට තියෙනවා කියන එක ෆිසිකලි වයර්ඩ්...

    ඒ වගේ, ඇහේ තියෙනවා සෙල්ස් (කෝන්ස්)..ඕක හැමෝටම පොදුයි...ඕකෙන් අල්ලගන්න ලයිට් එක, ඒක මොලයෙන් ඉන්ටප්‍රිට් කරන එක ඔක්කොම සමානයි...ඒකයි බිලියන ගානක් මිනිස්සු හැමෝටම එකම පාට පේන්නේ...නමුත් කෝන්ස් වල දුර්වලකම් මත ඇහැට වැටෙන විදිහ වෙනස් වෙලා පාට එහෙ මෙහෙ වෙන්න පුලුවන්..

    ඵිසිකල් සෙන්සර් එක උන පලියට..ඒකෙන් සෙන්ස් වෙන්නෙ හරියටම කියල කියන්න පුලුවන් ද...මිනිස්සු බිලියන ගානක් හිටියත්...කෝන් 3 න් ම සියලුම වර්න කැප්චර් කර ගන්න පුලුවන් කියල කොහොම්ද දන්නෙ? කෝන් 4 ක් තියෙන සත්ව විශෙශයක් හිටියොත් උන්ට අපිට වැදිය දෙයක් පෙනෙනවනෙ එකම ඔබ්ජෙක්ට් එකේ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක අහන ඩොමේන් එක විද්යාවද, දර්මයද කියන එක අනුව උත්තරය වෙනස් වෙනව
    Domain එක ධර්මය, අපි දැනට දන්න දේවල් අනුව නූතන විද්‍යාවෙන් මේක පහදන එක තේරුමක් නැහැ කියල මම හිතන්නෙ. මම දන්නෙ නැහැ ඔබතුමා මා සමග එකඟ වෙයිද කියල නමුත් මගෙ personal view එකේ හැටියට නම් නූතන විද්‍යාව තාමත් තියෙන්නෙ. මේ පංචස්කන්ධ ලෝකයේ රූප මට්ටටමේත් මුල හරියෙ, වේදනා, සංඥා,සංකාර, වින්ඥාන වලට කිට්ටු කරලවත් නැහැ. ඉතිං එහෙම විද්‍යාවකින් කොහොමද පෙනීම විස්තර කරන්නෙ? ඒකනෙ තාම ලුණු රස, අමරදේව මහත්තයගෙ කටහඬ වගෙ දේවල් තව කෙනෙකුට කියන්න බැරි... :-)

    කොහොම නමුත් Domain එක ධර්මය කියල ගත්තොත් මම previous post එකේ කිව්ව දේ හරිද?
     
    Last edited:

    "මේ argument එක මත ඉඳගෙන, පාට කියන්නේ එළියේ යම් දෙයක තියෙන දෙයක් නොවෙයි, නමුත් යම් හේතූන් ටිකක් සකස් වීමෙන්/ගැලපීමෙන් ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන දෙයක් කියල ගත්තොත් හරි නේද?"

    දර්මයට අනුව බැලුවමනම්...ඔතන එලිය කියන්නෙ මොකක්ද කියල අහන්න වෙනවනෙ...තියෙන එලියක, නැති පාටකුත් කතාවෙනව...ඒ එලියෙන් වෙන්වුන (සමග ගනුදෙනු කරන ) පුද්ගලයෙකුත් කතාවෙනවනෙ...පවතින ලෝකයක හේතු නිසා ප්වතින පුද්ගලයෙකුගෙ මනසේ ඇති උන පාටක් ගැන කියවෙන්නෙ...පෘතක්ජන නැතිනම් විද්යාත්මක දුශ්ටිකොනය තමයි ඔය කියපු දේන් මට ගැගෙන්නෙ...
     
    • Like
    Reactions: MalSeven