රෝද පුටුවෙන් පාසලට ගිය මගේ දුවට පංති භාර ගුරුතුමිය නොයෙක් කෙනෙහිලිකම් කළ නිසා දුව පාසල් යන්න බෑ කියා දිනපතා අඬනවා. මේ පිළිබඳව සොයන්න පාසලට ගිය මට පාසලේ විදුහල්පති සහ පංතිය භාර ගුරුතුමිය බැන වැදී දුව පාසලට එවන්න එපා කිව්වා. ඉන් පසු දුවගේ පාසල් ගමන අතරමඟ නතර වුණා. ඒ පාසලට ගිය අනිත් දුවල දෙන්නටත් ගුරුවරුන්ගෙන් විවිධ කෙනෙහිලිකම් සිදුවුණ නිසා ඒ දෙන්නත් ඒ පාසලෙන් අයින් කරල වෙනත් පාසලකට යවන්න සිදුවුණා.
























