


මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
වර්තමානයේ ධර්මය පවතිද්දිත් නිවන් දැකපු කනෙක් නැතිවෙන්න හේතුව මොකක්ද? රට වටේම පන්සල්, ලක්ෂ ගණන් හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් ඇහුවොත් ඕන තැනකින් ඕන බනපදයක් අරං උත්තර දෙයි ඒත් තමුන් මහණවීමේ අවසාන ප්‍රතිපලය නොලබා අපවත්වෙනවා,
අසූහාරදාහක් ධර්මස්කන්ධය මතකයේ තියන්හිටිය ආනන්ද හමුදුරුවොන්ට නිවන් අරමුණුවෙන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලා තවත් කාලයක් ගියා, ඒත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒ දහම් කරුණු වලින්ම පිරිස් පිටින් නිවන් දැකපු අවස්ථා සඳහන් වෙනවා
වෙන එකක් තියා ධර්ම කරුණු කිසිදෙයක් නොඅසා, බුදුහාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක්ට පිරිමදින්න කියලා අතට දීපු ලේන්සුවක්, එක දිගට පිරිමැදලා ලේන්සුව කිලිටිවෙනහැටි දැකලා අනිත්‍ය මෙනෙහිකරලා අරහත් පලයට පත්වුණ කතා ඉඳලා තියෙනවා.
බුදුහාමුදුරුවෝ ධර්මය අවභෝදකරගත්තේ ස්ව අවභෝදයෙන්, අහන්න කියන්න කෙනෙක් හිටියේ නැතත් ස්ව අධිෂ්ඨානයෙන් ධර්මය තෙරුන්ගන්නවා, එහෙමනං ඒ දේ තමුන් ළඟම තිබියයුතු දෙයක් වියයුතුයි .
අපි මේ මොනවා පස්සෙද පන්නන්නේ?? අපි පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධාගම ගෙනයන ඒත් එහි අවසාන ප්‍රතිපලය බුක්ති නොවිදින බුද්දාගමේ වහල්ලු නෙමෙයිද?
මේක ගැන මොනවද හිතන්නේ.
මරණය.....
ඔයාගේ statements වල පැහැදිලිව පෙනෙන කාරණය ඔයා තිසරණය පිහිටලා නැති බව. පාවිච්චි කරන වචන වලින් ඒක කියන්න පුළුවන්.
හරි ඉතින්. බුදු දහමේ ප්‍රතිපල ගන්න බෑ තමයි.
අංක එක තිසරණය පිහිටන්න ඕන ස්ථිර විදිහට.
සීල සමාධි ප්රඤ දියුණු කරන්න ඕන. පටිච්ච සමුප්පාදය අවබෝද වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වෙන්න ඕන.
ඒක මේ ඔයා කියන තරං ලේසියෙන් ටක් ගාලා වෙනවා නං
"පස් ටිකක්" බුදු රජාණන් වහන්සේ නියපොත්තට අරගෙන මහපොළවේ පස් එක්ක සංසන්දනය කරලා,
ධර්මය හොයා ගත්ත ශාස්තෘන් වහන්සේම කියන්නේ නෑ නේ නියපොත්තෙ පස් ටික වගේ ප්‍රමාණයක් මේ ධර්මය අවබෝද කරන්නේ කියලා?
ලක්ෂ ගනන් හාමුදුරුවරු හිටියා කියලා පන්සල් තිබ්බා කියලා තමන්ට අවබෝද වෙන theory එකක් නෙවෙයි මේක. මේක තමන්ගේ මොලේ අනුව තමන්ගේ වීර්ය අනුව, තමන්ගේ පින අනුව ලැබෙන දෙයක්. මේක ලක්ෂ ගණන් පන්සල් / හාමුදුරුවරුන්ට apply කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හාමුදුරුවරු ධර්මය අවබෝද කලත් නැතත් ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?
මිනිස්සු(තිසරණය පිහිටි බෞද්ධයෝ) අප්‍රමාණව සතුටු වෙන්න ඕන තමන්ට බුදු දහම ලැබිලා තියන එකට. ඒ පන්සල් වලින් ඒ දේවල් කියලා දෙන එක ගැන.
-------------------------------------
මොකද්ද ඔයාගේ පොයින්ට් එක? මොකද්ද ඔයා
බුදු දහමේ වහලෙක් වගේ වචන පාවිච්චි කරලා කියන්න හදන්නේ?