නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පෝරිසාදයා;24596526 said:

    එහෙනම් උඹ දන්නෙත් නැතුවම මේව ප්‍රමොට් කරන්නෙ?
    ඔය නාතයි ,අනාතයි ගාන්නෙ. නොදන්න බයිලා කියන්න ගිහින් බණ කියන්න තහනම් වෙච්ච නිවාතාප උන්දැ.

    :lol::lol::lol:

    මචන් පුලුවන්නම් උබත් උබ කියනවිදිහට නිවන් දකින විදිහ මේ වගේ පිලිවලට පෙලගස්වලා දාහං. එතකොට අපිට පුලුවං කම්පෙයා කරලා හරි එක මොකක්ද කියලා බලන්න පුලුවන්නම් ත්‍රිපිටකේ ගත්ත තැනත් දාහං
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මහත්තය අනාත්මය තහවුරු කිරීමක් බුදු දහමේ මම දන්නා හැටියට නැහැ මෙන්න ත්‍රිපිටක සාක්ෂි. මජ්‌ඣිම නිකාය 1, සබ්බාසව සූත්‍රය (පිටුව 23). (http://www.thripitakaya.org/tipitakaya/Index/37?s=101)

    "මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී...

    මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි."

    ආත්මයක් ඇත/නැත යන්න සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එකක් කියල පැහැදිලව කියල තියනවා, ඉතින් මහත්තයෝ තථාගතයන් වහන්සේ වෙනත් තැනක අනාත්මය (ආත්මයක් නැත යන්න) තහවුරු කරයිද?

    ඔබ හරි

    අන්තිම ලිපියේ ඔබ කියපු ඔය ටිකත් ගැනත් කියලා තියනවා

    නිවන්_මඟ_මෙන්න-(20/20)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් පුලුවන්නම් උබත් උබ කියනවිදිහට නිවන් දකින විදිහ මේ වගේ පිලිවලට පෙලගස්වලා දාහං. එතකොට අපිට පුලුවං කම්පෙයා කරලා හරි එක මොකක්ද කියලා බලන්න පුලුවන්නම් ත්‍රිපිටකේ ගත්ත තැනත් දාහං

    මචන් කම්පෙයා කරන්න දෙයක් නෑ නිවන් දකින්න ආර්‍ය අෂ්ටාංගික මාර්ගයෙ ගමන් කරන එක තමා කරන්න තියෙන්නෙ .ඒක බුදු හාමුදුරුවෝ ලස්සනට පෙල ගස්සලා තියෙනවා .අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මම කියන්නෙ උඹ ඔය අලුත් රැල්ලෙ වලස්මුල්ලේ වගේ සාසනෙන් නෙරපපු මුඩු මහණො පස්සෙ දුවලා අහුවෙලා ඉන්නෙ. ඇත්ත කියන හාමුදුරුවෝ කවුද බොරු කියන්නෙ කවුද කියලා අදුරගන්නත් පූරුවෙ පින තියෙන්නෙ ඕනෙ.. ඒක නිසා වලස්මුල්ලේ ,නිවාතාප ,වහරක,මීවනපලානෙ වගෙ පිළිල පස්සෙ දුවලා උඹේ සංසාරේම අවුල් කරගන්න එපා.. පුලුවන් තරම් පින් දහම් කරපන්.. බණ පොත් දන් දීපන්. ධර්ම දානය දීපන්. එතකොට උඹව හරි මගට එයි නිකන්ම. උදව්වක් ඕනෙ නම් ඉල්ලපන්..:)
     
    • Like
    Reactions: Yeezus

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    මහත්තය අනාත්මය තහවුරු කිරීමක් බුදු දහමේ මම දන්නා හැටියට නැහැ මෙන්න ත්‍රිපිටක සාක්ෂි. මජ්‌ඣිම නිකාය 1, සබ්බාසව සූත්‍රය (පිටුව 23). (http://www.thripitakaya.org/tipitakaya/Index/37?s=101)

    "මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී...

    මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි."

    ආත්මයක් ඇත/නැත යන්න සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එකක් කියල පැහැදිලව කියල තියනවා, ඉතින් මහත්තයෝ තථාගතයන් වහන්සේ වෙනත් තැනක අනාත්මය (ආත්මයක් නැත යන්න) තහවුරු කරයිද?

    අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියල කවුද කීවෙ.මම කොතනද එහෙම ප්‍රකාශයක් කලේ මේ ත්‍රෙඩ් එකේ? පෙන්වන්න? ආත්මයක් නෑ කියන ඒක මිත්‍යාදෘෂ්ටියක්නෙ. ඇයි ස්ට්‍රෝමෑන් ආර්ගියුමන්ට්ස් ගේන්නෙ? කියන්න දෙයක් නැතිඋනාමද?

    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කියවෙන්නක්. (ඇත හෝ නැත දෘශ්ටිග්‍රාහයෙන් ගැනීමම දෝෂයක්) ඕක බුදුහමෙ එන මූලිකම සංකල්පයක් නෙ.ඕකට තමා අනාත්ම කියන සිංහල පදය භාවිතා කරන්නෙ.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පෝරිසාදයා;24597960 said:
    මචන් කම්පෙයා කරන්න දෙයක් නෑ නිවන් දකින්න ආර්‍ය අෂ්ටාංගික මාර්ගයෙ ගමන් කරන එක තමා කරන්න තියෙන්නෙ .ඒක බුදු හාමුදුරුවෝ ලස්සනට පෙල ගස්සලා තියෙනවා .අමුතුවෙන් දාන්න දෙයක් නෑ. මම කියන්නෙ උඹ ඔය අලුත් රැල්ලෙ වලස්මුල්ලේ වගේ සාසනෙන් නෙරපපු මුඩු මහණො පස්සෙ දුවලා අහුවෙලා ඉන්නෙ. ඇත්ත කියන හාමුදුරුවෝ කවුද බොරු කියන්නෙ කවුද කියලා අදුරගන්නත් පූරුවෙ පින තියෙන්නෙ ඕනෙ.. ඒක නිසා වලස්මුල්ලේ ,නිවාතාප ,වහරක,මීවනපලානෙ වගෙ පිළිල පස්සෙ දුවලා උඹේ සංසාරේම අවුල් කරගන්න එපා.. පුලුවන් තරම් පින් දහම් කරපන්.. බණ පොත් දන් දීපන්. ධර්ම දානය දීපන්. එතකොට උඹව හරි මගට එයි නිකන්ම. උදව්වක් ඕනෙ නම් ඉල්ලපන්..:)

    :yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කියවෙන්නක්.

    ඔන්න ඕක පොඩ්ඩක් පැහැදිළි කරපන්කෝ....

    කැලේ යද්දී අලියෙක් දැක්කම ඒ අලියෙක් කියලා සත්ත්ව පුද්ගල සංඥාවෙන් ගන්නේ නැතුව වර්න සටගනක් කියලා අරගන අලියා ඉස්සරහට යන්න කියලද උඹ කියන්නේ ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනාත්ම කියන්නෙ ආත්මයක් නෑ කියන එක කියල කවුද කීවෙ.මම කොතනද එහෙම ප්‍රකාශයක් කලේ මේ ත්‍රෙඩ් එකේ? පෙන්වන්න? ආත්මයක් නෑ කියන ඒක මිත්‍යාදෘෂ්ටියක්නෙ. ඇයි ස්ට්‍රෝමෑන් ආර්ගියුමන්ට්ස් ගේන්නෙ? කියන්න දෙයක් නැතිඋනාමද?

    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කියවෙන්නක්. (ඇත හෝ නැත දෘශ්ටිග්‍රාහයෙන් ගැනීමම දෝෂයක්) ඕක බුදුහමෙ එන මූලිකම සංකල්පයක් නෙ.ඕකට තමා අනාත්ම කියන සිංහල පදය භාවිතා කරන්නෙ.

    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කොහෙද මහත්තයෝ කියල තියෙන්නේ? සත්වයා කියන්නේ කව්ද? පුද්ගලයා කියන්නේ කව්ද? කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනාත්ම කියන්නෙ සත්ව පුද්ගල ලෙස ගන්න බැහැ, ගන්න සුදුසු නෑ යන්න කොහෙද මහත්තයෝ කියල තියෙන්නේ? සත්වයා කියන්නේ කව්ද? පුද්ගලයා කියන්නේ කව්ද? කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

    සංයුක්ත නිකාය, අනුරාධ සූත්‍රය

    "නුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.
    “යමක් වනාහි අනිත්‍යයද, ඒ දුක හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකය.”
    “යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වාභාව ඇත්තේ වේද, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි එය දක්නට සුදුසුද?” - “ස්වාමීනි, එය දක්නට සුදුසු නොවේමය."

    දැන් මට කියන්න පුලුවන්ද ඔබතුමා "අනත්ත" කියල අදහස් කරන්නෙ මොකද්ද කියල?
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    සංයුක්ත නිකාය, අනුරාධ සූත්‍රය

    "නුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.
    “යමක් වනාහි අනිත්‍යයද, ඒ දුක හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකය.”
    “යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වාභාව ඇත්තේ වේද, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි එය දක්නට සුදුසුද?” - “ස්වාමීනි, එය දක්නට සුදුසු නොවේමය."

    දැන් මට කියන්න පුලුවන්ද ඔබතුමා "අනත්ත" කියල අදහස් කරන්නෙ මොකද්ද කියල?

    කෝ ඉතින් සත්ත්ව පුද්ගල කතාවක් ඕකේ නැහැනේ....

    මම කලිනුත් ප්‍රශ්ණයක් ඇහුවා. ඒකටත් උත්තරයක් නෑ...
     
    මෙතන සත්ව පුද්ගල කතාවක් නැහැනේ මහත්තය. කොහොම නමුත්, ඔබතුම අසුවනේ මම "අනත්ත" කියල අදහස් කරන්නේ මොකද්ද කියල.
    පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය 1, ප්‍ර‍ඥාකථා (පාලි 174 පිට)
    - අනිච්චං ඛයට්ඨෙන (පහත්/ඛය වන අර්ථයෙන් අනිච්චයි)
    - දුක්ඛං භයට්ඨෙන (භය අර්ථයෙන් දුකයි)
    - අනත්තා අසාරඛට්ඨෙන (අසාර අර්ථයෙන් අනත්තයි)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    කෝ ඉතින් සත්ත්ව පුද්ගල කතාවක් ඕකේ නැහැනේ....

    මම කලිනුත් ප්‍රශ්ණයක් ඇහුවා. ඒකටත් උත්තරයක් නෑ...

    සූත්‍රය කියෙව්වෙ නම් සත්ව කතාවත් තේරෙනව. සත්වයා කියල මම අර්ත ගන්වන්නෙ ගෙනහැර දැක්විය හැකි ආත්මයක් (ආත්මකොට ගිනිය හැකි/ගිනිය යුතු) සහිත ජීවියෙක්. උදා - බුදුන්, ස්වාමීන්වහන්සේනමක්, මුදලාලි...ඊටීසී...

    අනුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද?” - “රූපය, වේදනාවය, සංඥාව, සංස්කාරය, විඥානය සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”

    “අනුරාධය, ඒ කුමැයි හඟින්නෙහිද? මේ ඒ රූප නැත්තේ වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාරය නැත්තේ, විඥානය නැත්තේ සත්වයායි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”

    “අනුරාධය, මෙහි තා විසින් මේ ආත්මයෙහිම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්වයකු නොලැබිය හැකි කල්හි ‘ඇවැත්නි, උත්තම පුරුෂවූ, අතිපරම පුරුෂවූ, උතුම් නිවනට පැමිණියාවූ යම් ඒ තථාගතවරයෙක්, වේද, ඒ තථාගතතෙමේ ‘සත්වතෙම මරණින් මත්තෙහි වේ’යයි හෝ ‘සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයි හෝ සත්වතෙම මරණින් මත්තෙහි වෙයි.’ නොම වෙයි, හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවේයයි, හෝ යන මේ සතර කරුණෙන් වෙන්ව පනවන්නේයි තාගේ ඒ ප්‍රකාශය සුදුසුද?” - “ස්වාමීනි, මේ ප්‍රකාශය සුදුසු නොවේ.”
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙතන සත්ව පුද්ගල කතාවක් නැහැනේ මහත්තය. කොහොම නමුත්, ඔබතුම අසුවනේ මම "අනත්ත" කියල අදහස් කරන්නේ මොකද්ද කියල.
    පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය 1, ප්‍ර‍ඥාකථා (පාලි 174 පිට)
    - අනිච්චං ඛයට්ඨෙන (පහත්/ඛය වන අර්ථයෙන් අනිච්චයි)
    - දුක්ඛං භයට්ඨෙන (භය අර්ථයෙන් දුකයි)
    - අනත්තා අසාරඛට්ඨෙන (අසාර අර්ථයෙන් අනත්තයි)

    සූත්‍රයක් දැම්ම ඒකෙ කෝට් එකවිතරක් නෙමෙයි ඉතුරුටිකත් කියවන්න. ඒකෙ සත්ව කතාව බුදුන්ම කියනව. ඔය උඩ තියෙන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පෝරිසාදයා;24596457 said:
    ඔය හදපාන්ගොඩ නිවාතාප ලමයගෙ බයිලාවක් නේද?
    අහුවෙන්න එපා හොර ගණයන්ට,,
    :lol::lol:

    thread eka dakka gamanma eka vivechanaya karan eka nam henama paw kara wedak.. meka atta nattada kiyala meke tiyana dewala walin tharaka karanna one netnam meka mathupitin balala minusunta aphasakarana ekanam mara jara wedak :dull: paw kara wedak

    me manussaya dapu anith tread monawa kiyala balapan nika agata kada paninne natuwa.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739867
    me hamdurwo anugamanaya karanwanam waradinne ne..
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    Mee set ekama pdf ekakata daala upload karanam niyamai.. offline untat kiyawanna puluwan...great work muchan!!!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mee set ekama pdf ekakata daala upload karanam niyamai.. offline untat kiyawanna puluwan...great work muchan!!!

    ඔය හැම thread එකකම අන්තිමටම තියන රතු පාට ලින්ක් එකෙන් පටුනක් සහිතව PDF පොතක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    thread eka dakka gamanma eka vivechanaya karan eka nam henama paw kara wedak.. meka atta nattada kiyala meke tiyana dewala walin tharaka karanna one netnam meka mathupitin balala minusunta aphasakarana ekanam mara jara wedak :dull: paw kara wedak

    me manussaya dapu anith tread monawa kiyala balapan nika agata kada paninne natuwa.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739867
    me hamdurwo anugamanaya karanwanam waradinne ne..

    ඒ විතරක් නෙවෙයි, මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විභජ්ජවාද පටන්ගන්න කලින් 2018 අවුරුද්දේ ජනවාරි වල විශ්වවිද්‍යාලයේදී අභය හාමුදුරුවන්හේ නම කියලාම කරපු දේශනාවකුත් මම post කරලා තියනවා බලන්න පහත ලින්ක් එකෙන් "අනිච්ජ හා අනිච්ච වෙනස හඳුනාගනිමු" කියලා. ඒ කාලේ මම උන්වහන්සේගේ බණ අහපු කෙනෙක්. ලබුනෝරුවට කඩේ ගිය කෙනෙක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1836044

    ඒත් නිවැරදි නිවන් මඟ මට හම්බ වුනා. ඒ කාගෙන් ද කියලා 20 වෙනි ත්‍රෙඩ් එකේ අන්තිමටම සඳහන් කරලා තියනවා.

    ආශ්වාද, ආදීනවය, නිස්සරණය ගැන මේ තරම් පැහැදිළි දේශනා මම වෙන කාගෙන් වත් අහලා නෑ.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩෝ මට කෝකද හරි වැරදි කියලවත් තේරෙන් නැනේ බන්
    මම ඔක්කොම කියෙව්වා
    යකෝ අපිට අපේ බුද්දාගම ගැන කිසිම දැනුමක් නැනේ
    ශික් ලැජ්ජයි මටම
    :(:(

    රේණුකානේ අරකානේ මේකානේ නෙමේ ..කෙලින්ම ත්‍රිපිටකය බලන්න ..උත්තරේ හම්බෙනවා .. :yes:

    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D

    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව

    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව

    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව

    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව

    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව

    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව

    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව

    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry: