ඔබතුමා කියල තියන එකේ "මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ" කියන එක "මාර්ගපල සහ ලෞකික ධ්‍යාන අතර සම්බන්ධයක් නැහැ" කියල නිවැරදි වෙන්න ඕනෙද ? මොකද ඊළඟට ඔබතුමාම කියනවනේ "නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව" කියල.
මේ කියන විදියට "ආර්ය ධ්‍යාන වල අත්දැකීම්" කියල තියන video වල අත්දැකීම් කියන අය වඩල තියෙන්නේ ආර්ය ධ්‍යානයක් නම් ඒ අය අනිවාර්යයෙන් සෝවාන් වෙලා ඉන්න ඕනේ.
සමහරු vibrate උනා කියනවා සමහරු කුන්ඩලිනි ශක්තියක් ගැන කියනවා මේවා ත්‍රිපිටකයේ නැහැ නේද?
මේ කියන විදියට "ආර්ය ධ්‍යාන වල අත්දැකීම්" කියල තියන video වල අත්දැකීම් කියන අය වඩල තියෙන්නේ ආර්ය ධ්‍යානයක් නම් ඒ අය අනිවාර්යයෙන් සෝවාන් වෙලා ඉන්න ඕනේ.
සමහරු vibrate උනා කියනවා සමහරු කුන්ඩලිනි ශක්තියක් ගැන කියනවා මේවා ත්‍රිපිටකයේ නැහැ නේද?
මහත්තයො, භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් උත්තමයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි බුදු සහ පසේ බුදු වරුන්. ශ්‍රාවක බෝදියේ ඉන්න සියලු දෙනා බණ අහල තමයි සෝවාන් වෙන්නේ (ඒකයි ශ්‍රාවක කිව්වේ). ඉතින් කෙනෙක් බුදු හෝ පසේ බුදු වෙන්න යනවනම් භාවනා කරල තමයි සෝවාන් වෙන්නේ. මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ, බමුනොත් ධ්‍යාන වැඩුවනෙ. නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව. ආර්ය ධ්‍යන සහ ලෞකික ධ්‍යන අතර වෙනස තමයි ලෞකික ධ්‍යන වඩන්නේ ලෝකයේ දෙයක් අරමුණු කරගෙන නමුත් ආර්ය ධ්‍යන වඩන්නේ දුටු නිවන (පහල භාවනා කළයුත්ත) අරමුණු කරගෙන. ඉතින් දුටු නිවනක් තියෙන්නේ මාර්ගපල තියෙන අයට.
කෙනෙක්ගේ මාර්ගපල ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි, ඒක හින්ද අපිට 100% කියන්න බැහැ කෙනෙක් ගේ මාර්ගපල ගැන. නමුත් සබ්බාසව සුත්‍රය අනුව භාවනා කළයුත්ත සහ නොකළයුත්ත දන්නේ සෝවාන් (හෝ ඊට ඉහල) පලය ලබපු කෙනෙක් විතරයි. කෙනෙක් කියනව නම් තමුන්ට අදාල ධ්‍යාන ලක්ෂණ (සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්චඞ්ගික වර්ගය » පඤ්චඞ්ගිකසමාධි සූත්‍රයට අනුව) තියනව කියල අපිට අනුමාන කරන්න පුළුවන් ඔහුට හෝ ඇයට ධ්‍යානයක් (ආර්ය හෝ ලෞකික) වැඩිල කියල. නමුත් කෙනෙක්ට බොරු කියන්නත් පුළුවන්, ඉතින් ඔබතුමාට මේක ප්රත්යක්ෂ කරගන්න ඕනි නම් අනුන්ගේ ධ්‍යාන හා මාර්ග පල ගැන worry නොවී, ඔබතුමාම කරල බලන්න. ත්‍රිපිටකයේ මේක කරන්න ඕනි මග පැහැදිලිව තියනව.![]()








ඒකම ඇති ඔබේ නිවන් මග ඇහිරෙන්න. අමතක කරන්න එපා මුල්ම බෝධි පූජාව කලේ බුදු හාමුදුරුවො.
