නිවන කියන්නේ මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    දැක්ක ඇත්ත උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ.
    ඒ කියන්නෙ ඔයාට හමු වෙන්න ඕනි සත්‍ය මගින් උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක වෙන්න ඕනිද? එහෙම නම් ඔයාට හමුවෙන්න තියෙන සත්‍ය දැනටම pre-define වෙල, එහෙම නැත්නම් ඔයාට already යම් idea එකක් තියෙන සත්‍යක් කියල කෙනෙක්ට කියන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: Yeezus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    නිවනට දක්කනව කිව්වත්
    මට බැරියෝ නිවන් දකින්න
    මට මේ ලෝකෙ අත හරින්න බෑ :(
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993

    නැහැ.
    වැඩෙනවා.. කිව්වේ ඒක තමයි.

    නිවනට දක්කනව කිව්වත්
    මට බැරියෝ නිවන් දකින්න
    මට මේ ලෝකෙ අත හරින්න බෑ :(

    ලෝකයක් මුලින් තියෙන්න එපැයි අතරින්න.
    ------ Post added on Dec 29, 2025 at 11:15 AM
     
    • Wow
    Reactions: AnuradhaRa

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    නිවනට දක්කනව කිව්වත්
    මට බැරියෝ නිවන් දකින්න
    මට මේ ලෝකෙ අත හරින්න බෑ :(
    අනුරාධ, ඔයාට ලෝකය කියල එකක් ඇත්තටම තිබුනේ නැහැ ඔයාව රවට්ටල තියෙන්නෙ කියල කවුරු හරි 100% ඔප්පු කලොත් ඔයා මොකද කරන්නෙ?
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අනුරාධ, ඔයාට ලෝකය කියල එකක් ඇත්තටම තිබුනේ නැහැ ඔයාව රවට්ටල තියෙන්නෙ කියල කවුරු හරි 100% ඔප්පු කලොත් ඔයා මොකද කරන්නෙ?
    එතකොට අම්ම තාත්ත නංගි
    බව්ව පූසො ටික

    @nuwan9999
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඉතිං ඒක තමයි බං ඇහුවේ :D, සතිය, සිහිය වැඩෙන සත්‍යක් නේද ඕනි? වෙන එකක් එපා නේද?

    සතිය, සිහිය කොහොමත් දැනුත් තියෙනවනේ. සත්‍ය කියලා අල්ලන් ඉන්නේ අසත්‍යක් වුනත්, ඒ මතත් සතිය වඩන්න පුලුවන්. මිත්‍යා සතිය.

    ආයාසය, නිරායාසය තමයි ඔය දෙකේ වෙනස, imho.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    Mata meka kiyala denna.hema kchnayema vinyanaya samudaya nirodaya wenawanan ai sammutiye marena awasthwe witarai apayata or wena loka walata watenne? Me inna tike 80years athulatha ehema lokayak wenas wenne natte?

    1.
    "හැම ක්ශනයෙම විඤානය නිරෝධ"

    නිරෝධ වෙනවා කියන එකට වඩා "ව්‍යය" තමයි මම හිතන්නේ වඩාත් ගැලපෙන්නේ (උදයව්‍යය). නිරෝධ උනානම් ඊලඟට එකක් හටගැනීම නෑ.

    2.
    මම හිතන්නේ ආයු සංස්කාර(චෛතසිකය) තියනකම් විඤාන දාමය හටගන්නේ එකම රූපය ආශ්‍රිතව වෙන්න ඇති. (හදයවස්තු)
     
    • Like
    Reactions: Emios

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    සතිය, සිහිය කොහොමත් දැනුත් තියෙනවනේ. සත්‍ය කියලා අල්ලන් ඉන්නේ අසත්‍යක් වුනත්, ඒ මතත් සතිය වඩන්න පුලුවන්. මිත්‍යා සතිය.

    ආයාසය, නිරායාසය තමයි ඔය දෙකේ වෙනස, imho.
    කොහොමද දන්නෙ දැන් තියෙන සතිය සහ සිහිය, බුදුන් දෙසූ සතිය සහ සිහිය මයි කියල? සහ, ඔය අලුතෙන් හමුවෙන සත්‍ය මගින් ඔය කියන සතිය සහ සිහිය වඩන්න පුළුවන් කියල දන්නෙ කොහොමද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    කොහොමද දන්නෙ දැන් තියෙන සතිය සහ සිහිය, බුදුන් දෙසූ සතිය සහ සිහිය මයි කියල? සහ, ඔය අලුතෙන් හමුවෙන සත්‍ය මගින් ඔය කියන සතිය සහ සිහිය වඩන්න පුළුවන් කියල දන්නෙ කොහොමද?

    රහත් වෙලා නිවිලා යනවා ඈරෙන්න, කලින් කොහොම දැනගන්නද ඉතින්?

    still and mindfulness meditation වෙනස පැහැදිලි කරන වීඩියෝ එකක් තිබ්බා මගේ අදහසට ගැලපෙන.. හොයලා දානනම්, දැන් gym එකේ ඉන්නේ.
    ------ Post added on Dec 29, 2025 at 11:48 AM

    @nuwan9999 මේ තියෙන්නේ මන් කියන සතිය
    ------ Post added on Dec 29, 2025 at 11:56 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    එතකොට අම්ම තාත්ත නංගි
    බව්ව පූසො ටික

    @nuwan9999
    ඔය ටිකටද ඔයා ලෝකය කියන්නෙ? වැඩේ කියන්නෙ මට තියෙන්නෙ වෙන ටිකක්නෙ :-)

    රහත් වෙලා නිවිලා යනවා ඈරෙන්න, කලින් කොහොම දැනගන්නද ඉතින්?

    still and mindfulness meditation වෙනස පැහැදිලි කරන වීඩියෝ එකක් තිබ්බා මගේ අදහසට ගැලපෙන.. හොයලා දානනම්, දැන් gym එකේ ඉන්නේ.
    ------ Post added on Dec 29, 2025 at 11:48 AM

    @nuwan9999 මේ තියෙන්නේ මන් කියන සතිය
    ------ Post added on Dec 29, 2025 at 11:56 AM

    ඒක තමයි මල්ලි ඔයාට මේ පෙන්නන්න හදන්නෙ... ඔයා කවදාකවත් දැනගන්නෙ නැහැ ඔය සත්‍ය සහ එකෙන් මොකක්ද කරන්න පුළුවන් කියල... ඔය ඔක්කොම දැනගන්නෙ හේතු සැකසුන එකම එක මොහොතක. එතකං ඔය ඔක්කොම speculations විතරයි. මගෙ advise එක නම්... ඔය අභිධර්මෙයි, විදර්ශනාවයි, අරකයි මේකයි වගෙ එක එක බහු බූත ඔළුවෙ දාගෙන, ඔලුව කුරුවල් කරන්නේ නැතුව නැතුව විවුර්ථ සිතින් බන අහන්න. ඕක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔලුව කුරුවල් උනාට පස්සේ ඉතිං හිතාගෙන ඉන්න සත්‍ය තමයි හොයන්නෙ, එතනට වැටුනොත් ගොඩ ඒමක් නැහැ... සෝවාන් උනහම ඔය අභිධර්ම, විදර්ශනා, අරව මේවා ඔක්කොම වචන වලට දාන්නත් බැරි මට්ටමට map වෙල එනව.

    gym එකේ නං පස්සෙ කතා කරමු මල්ලි.
    ------ Post added on Dec 29, 2025 at 12:17 PM

    @AnuradhaRa, මචං මම උඹලගෙ ගෙදර අවොත් උඹේ ලෝකෙයි. මගෙ ලෝකෙයි දෙකක් වෙන්නෙ කොහොමද?
    ------ Post added on Dec 29, 2025 at 12:22 PM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    විවුර්ථ සිතින් බන අහන්න.

    ඒක කොහොමත් කරනවා, daily.

    ඔලුව කුරුවල් උනාට පස්සේ ඉතිං හිතාගෙන ඉන්න සත්‍ය තමයි හොයන්නෙ, එතනට වැටුනොත් ගොඩ ඒමක් නැහැ...

    හිතාගෙන ඉදලා ඇත්තක් හොයන්න බැහැනේ. හිතන් ඉන්න එකනම් හම්බෙයි.
    ------ Post added on Dec 29, 2025 at 12:45 PM

    සෝවාන් උනහම ඔය අභිධර්ම, විදර්ශනා, අරව මේවා ඔක්කොම වචන වලට දාන්නත් බැරි මට්ටමට map වෙල එනව.

    gym එකේ නං පස්සෙ කතා කරමු මල්ලි.

    සෝවාන් වුනා.. කියලා සුවර් කරන්න බැහැනේ.
    ------ Post added on Dec 29, 2025 at 12:46 PM
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    සෝවාන් වුනා.. කියලා සුවර් කරන්න බැහැනේ.
    ------ Post added on Dec 29, 2025 at 12:46 PM
    පුළුවන් එකාට, 100% පුළුවන්, ඒකයි මේකෙ තියන quality එක...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    පුළුවන් එකාට, 100% පුළුවන්

    ඒකනම් දන්නැහැ.
    වෙන්න පුලුවනුත් ඇති. මාත් කිව්වේ ඉස්සර. මන් ගැන විතරක් නෙමෙයි, එලියේ ඉන්න @ek_rosh @nipund අන්කල්ලත් සෝවාන් වෙලා තමයි ඉන්නේ.. කියලා කිව්වා, එයාලා කතා කරන විදිහෙන් ජජ් කරලා.

    imho, සෝවාන් වුනා හෝ නැතා, සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර.
    කව්ද සෝවාන් වුනේ?
    සෝවාන්??

    සෝවාන් වෙලානම් නැති වෙන්න දෙයක් නැහැනේ..
    නියත සම්බෝධි පරායනය වෙනවමයි 🙏🙏

    සෝවාන් වෙලා නැත්තම්, safe zone වල ඉන්නැතුව මග වඩන් යද්දි, අඩුම සෝවාන්වත් වෙයි, මැරෙන්න කලින්.
     
    ඒක දැනගෙන මල්ලි කියන්නෙ. අනුන් සෝවාන් ද නැත්ද කියල නම් කියන්න බැහැ හැබැයි ඉතිං ඕනෑ කෙනෙකුට දැනුමෙන් සහ තර්කයෙන් දේවල් කියන්න පුළුවන්. ඒ හින්ද කතා කරන විදිහෙන් ජජ් කරලා කියන්න බැහැ කෙනෙක් සෝවාන් කියල.

    සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර වෙන්නෙ බලන domain එක අනුව, සෝවාන් වුන පුද්ගලය සෝවාන් මට්ටමෙන් සසරින් මිදිල... එච්චරයි.

    සෝවාන් වෙන්න කලින් මග වඩන්න බැහැ මල්ලි... මග වඩනව කියල මොනවද කරන්නේ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    සෝවාන් වෙන්න කලින් මග වඩන්න බැහැ මල්ලි... මග වඩනව කියල මොනවද කරන්නේ?

    කලින් කිව්වා වගේ, සෝවාන් වෙන්නෙත් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ සතිපට්ඨානයෙන්. රහත් වෙන්නෙත් සතිපට්ඨානයෙන්.

    පෘථග්ජනයට සතිපට්ඨානය හරියට පිහිටන මොහොත යෝනිසෝ මනසිකාරය කියලා ගන්න.

    spontaneously, අසෘතවත් පෘථග්ජනයෙක්ට කාම භෝගී ජීවිතය තුල බනක් වත් ඇහෙන්නැතුව යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නැහැනේ. බන ඇහුවත්, සතර පද ගාථාවකින් හැමෝම සෝවාන් වෙන්නෙත් නැහැනේ.. මෙතන ඇති කියලා හිතනවා ඕනේ පිළිතුර.