දැනට 50% ක් ඔව්
ඉතුරු 50% Experimental
හේතුව
මට තේරෙන විදියට
ලමයෙක් උපදින්නෙ අම්ම කෙනෙක්ගෙ ගර්භාශයේ. පෝෂණය /භෞතිකව හැමදේම අම්මගෙන් ලැබෙනව. මොලේ/Heart එක වැඩ කරන එක කියන්නෙ Electric Circuit එකක්. ඒක වැඩකරන ශක්තියත්/මනසත් අම්මගෙන් ලැබෙන්න විදියක් නෑ. මොකද උපතින් පස්සෙ අම්මගෙ මොලේ නියුරෝන වල කිසි වෙනස්කමක් වෙන්නෙ නැති නිසා. ශක්තිය ඉබේ හටගන්නත් බෑ. ඒතන තමයි 50% සැකය. කලලය පණගන්වන විඤ්ඤාණ ශක්තියක් ගැන විශ්වාසයක් එතනදි එනව. ඒක දිගටම කලලයෙන් කලලයට Transfer නොවී වැඩි ශක්ති මට්ටමකට ගිහින් තාපය ආලෝකය හෝ ප්‍රාණයක් උත්පාදනයට සමපාත නොවෙන වෙනත් ශක්ති ප්‍රභේදයක් විදියට නිදහස් වෙන එක නිවන කියල හිතන්න වෙනව. ඒ නිසා පුළුවන් තරම් අපේ ශක්තිය වැඩි වන දේවල් කරන එක, අඩු වන දේ ( ඊර්ශ්‍යාව, ක්‍රෝධය, වෛරය ) නොකරන එක කරනව.
මොලයේ කනෙක්ෂන් තව වැඩි කරගත්තොත් ඉතුරු 50% එකතු වේවි, තේරුම් ගැනීම මත. භාවනාව ඒකට හොඳ ඇති. ඒකත් Theoratical නිසා මම නම් භාවනා කරන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් Theoratical දේ වලට කාලෙ යොදවන්නෙ ඒක Win win Situation එකකින් ඉවර වෙනවනම් විතරයි. පව් නොකරන එක ඊර්ශ්‍යාව ,තන්හාව, වෛරය , Attachment අඩු කරගන්න එක Win Win. ඒක Practical කරනව