නිවන විශ්වාස කරනවද ???

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    විස්වාස කරනවා.
    මොකද දෙවියෝ ලෝකේ මැව්වා, ලෝකේ පැතලී, ආදම් කියලා ඩයල් එකක් හිටියා, තහනම් ගහේ ගෙඩි කෑවා, තව නබි කොණ කපන්ඩ කිව්වා වගේ සීන් මම විස්වාස කරන්නෙ නැති නිසා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම හිතන්නෙ මැරි මැරී උපදින සංසාරය කියන්නෙ open world game එකක් වගේ නම්, ඔව් නිවන කියන්නේ side mission වලට ආසවෙලා හැමදාම එකතැන respawn වෙවී ඉන්නෙ නැතුව main mission එක complete කරන එක. ඒක ඉක්මනට කරගන්න ලේසි විදිය තමයි ගෞතම බුදුන් දේශනා කරලා තියෙන්නෙ.

    ඒත් මං තවම තේරුම් අරන් නෑ අපි මැරි මැරී උපදිනවාද නැත්නම් අහඹු විදියට ඉපදිලා මැරෙනවාද කියලා. ඒ හින්දා නිවන කියලා දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන්නෙ නෑ දැනට. කාලෙත් එක්ක තේරුම්ගන්න දේවල් අනුව මේක වෙනස් වෙයි 🤷‍♂️
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    කළාම සූත්‍රය
    "ඇසු පමණින් යම් කිසිවක් විශ්වාස නොකරන්න.පරපුරෙන් පරපුරට පැවතෙන හෙයින් සම්ප්‍රදාය මෙය යැයි සිතා යම් කිසිවක් විශ්වාස නොකරන්න ,බොහෝ දෙනා පවසන නිසා හෝ ආරංචියෙන් දත් නිසා හෝ යම් කිසිවක් විශවාස නොකරන්න.ඔබ අදහන ආගමට අයත් ග්‍රන්ථයන් හි ලියා තිබෙන නිසාම පමණක් හෝ යමක් විශ්වාස නොකරන්න.ඔබගේ ආචාර්යවරුන් ගේ හෝ වැඩිහිටියන්ගේ වචනය නිසා පමණක් විශ්වාස නොකරන්න ,එහෙත් නිරීක්ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව යම්කිසිවක් තර්කයට ,න්‍යායට ගැළපෙන්නේ යැයි අවබෝධ වූ විට ,එමෙන්ම එය,සෑම දෙනාගේම යහපතට සහ සුවසෙතට තුඩු දෙන්නේ යැයි ඔබට අවබෝධ වූ විට පමණක් යම් කිසිවක් පිළිගෙන එයට අනුව හැසිරෙන්න.

    ඒහින්දා උබ සමථ භාවනා කරලා පස්සෙ විදර්ශනාව වඩලා බලපන්.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    FB_IMG_16288681224071895.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    ජිවත් වෙච්ච කලෙදි මම මුහුණ දීපු දුක් + අනිත් මිනිස්සු මුහුන දීපු දුකවල් දැකලා තියෙන නිසා, ජීවිතේ දුකක් කියල නම් හොඳටම තේරිලා ඉන්නේ. පටිච්චසම්ප්පාදය අනුලෝම බැලුවම ඒක ක්‍රියාත්මක වෙන විදිහත් ප්‍රතිලෝමව හිතුවම නිදහස් වෙන විදිහෙත් හොඳ ගැලපීමක් තියෙනව. ගැලවීමක් නෑ කියන එක උත්තරයක් විදිහට මම පිලිගන්න ලෑස්ති නෑ. ඒ නිසා අනිවාර්‍යෙන්ම උත්සහ ගන්නවා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නිවන විශ්වාස කරන්න කලින් පුනර්-භවය විශ්වාස කරන්න වෙනවා. පුනර්-භවය කියන එක ග්‍රේ ඒරියා එකක් කියලයි මට නම් හිතෙන්නේ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මම හිතන්නෙ මැරි මැරී උපදින සංසාරය කියන්නෙ open world game එකක් වගේ නම්, ඔව් නිවන කියන්නේ side mission වලට ආසවෙලා හැමදාම එකතැන respawn වෙවී ඉන්නෙ නැතුව main mission එක complete කරන එක.
    නෑ බන්.. නිවන කියන්නේ ගේම් එක uninstall කරන එක.. main mission එකක් නැති එකයි පැවැත්මේ අවුල.. (නිවන කියල එකක් තියෙනවනම්)
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    විශ්වාස කරනවා. ලෝකේ හැදිලා තියෙන්නේ මොකක් හරි හේතුවක් මත සහ හේතුවකට ඵලයක් ලැබෙන විධියට කියලා විශ්වාස කරන්න වෙනවා කොහොමත්. ඒ කියන්නේ කර්මය කියලා දෙයක් අනිවාර්යයෙන් තියෙන්න ඕනි. ගස් ගල්වලට නැති දෙයක් සත්තු හැමෝටම තියෙනවා කියලා පිළිගන්න වෙනවා නේ. ඒ කියන්නේ ගස් ගල් මැරිලා ගියාම ඉතිරි වෙන්නේ භෞතික දේවල් විතරයි වුණාට සත්තුන්ගේ අනිවාර්යයෙන් භෞතිකව දකින්න අමාරු තරමේ energy එකක් තියෙන්න ඕනි. ඒ හින්දා සංසාරේ මැරී මැරී ඉපදෙනවා කියලා විශ්වාස කරනවා. තමන් ඉන්නේ හේතුවක් හින්දා නම් ඒ හේතුව නැති කළාම නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    දැනට 50% ක් ඔව්
    ඉතුරු 50% Experimental

    හේතුව
    මට තේරෙන විදියට

    ලමයෙක් උපදින්නෙ අම්ම කෙනෙක්ගෙ ගර්භාශයේ. පෝෂණය /භෞතිකව හැමදේම අම්මගෙන් ලැබෙනව. මොලේ/Heart එක වැඩ කරන එක කියන්නෙ Electric Circuit එකක්. ඒක වැඩකරන ශක්තියත්/මනසත් අම්මගෙන් ලැබෙන්න විදියක් නෑ. මොකද උපතින් පස්සෙ අම්මගෙ මොලේ නියුරෝන වල කිසි වෙනස්කමක් වෙන්නෙ නැති නිසා. ශක්තිය ඉබේ හටගන්නත් බෑ. ඒතන තමයි 50% සැකය. කලලය පණගන්වන විඤ්ඤාණ ශක්තියක් ගැන විශ්වාසයක් එතනදි එනව. ඒක දිගටම කලලයෙන් කලලයට Transfer නොවී වැඩි ශක්ති මට්ටමකට ගිහින් තාපය ආලෝකය හෝ ප්‍රාණයක් උත්පාදනයට සමපාත නොවෙන වෙනත් ශක්ති ප්‍රභේදයක් විදියට නිදහස් වෙන එක නිවන කියල හිතන්න වෙනව. ඒ නිසා පුළුවන් තරම් අපේ ශක්තිය වැඩි වන දේවල් කරන එක, අඩු වන දේ ( ඊර්ශ්‍යාව, ක්‍රෝධය, වෛරය ) නොකරන එක කරනව.

    මොලයේ කනෙක්ෂන් තව වැඩි කරගත්තොත් ඉතුරු 50% එකතු වේවි, තේරුම් ගැනීම මත. භාවනාව ඒකට හොඳ ඇති. ඒකත් Theoratical නිසා මම නම් භාවනා කරන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් Theoratical දේ වලට කාලෙ යොදවන්නෙ ඒක Win win Situation එකකින් ඉවර වෙනවනම් විතරයි. පව් නොකරන එක ඊර්ශ්‍යාව ,තන්හාව, වෛරය , Attachment අඩු කරගන්න එක Win Win. ඒක Practical කරනව
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මොලයේ කනෙක්ෂන් තව වැඩි කරගත්තොත් ඉතුරු 50% එකතු වේවි, තේරුම් ගැනීම මත. භාවනාව ඒකට හොඳ ඇති. ඒකත් Theoratical නිසා මම නම් භාවනා කරන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් Theoratical දේ වලට කාලෙ යොදවන්නෙ ඒක Win win Situation එකකින් ඉවර වෙනවනම් විතරයි. පව් නොකරන එක ඊර්ශ්‍යාව ,තන්හාව, වෛරය , Attachment අඩු කරගන්න එක Win Win. ඒක Practical කරනව
    මගෙත් මතය ලගින් යනවා.. හැබැයි භාවනාව නිවන් යනකන්ම කරන්න ඕනේ නෑනේ.. නිවනට මෙහා කොච්චර සන්දිස්තාන තියෙනවාද භාවනාවේ(කියන විදියට).. එයින් එකකට ලගා වෙනකන් භාවනාව try කලානම් හරි.. experiment එකක් විදියට. හැබැයි.. ගෙදර ඉදන් මෛත්‍රී, අනාපාන කරලා හරියන් නැහැ.. අරන්යෙකින්වත් පටන් ගන්න ඕනේ... මොකොද බුදුන් කියලා තියෙන්නේ ආරන්යගතොවා/රුක්කමුලගතොවා/ශුන්යාගාරගතොවානේ.. නැත්නම් normal life එකේ distractions (කාමයන්ට) හිත දුවනවා වැඩි..
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මොලයේ කනෙක්ෂන් තව වැඩි කරගත්තොත් ඉතුරු 50% එකතු වේවි, තේරුම් ගැනීම මත. භාවනාව ඒකට හොඳ ඇති. ඒකත් Theoratical නිසා මම නම් භාවනා කරන්නෙ නෑ. මම සාමාන්‍යයෙන් Theoratical දේ වලට කාලෙ යොදවන්නෙ ඒක Win win Situation එකකින් ඉවර වෙනවනම් විතරයි. පව් නොකරන එක ඊර්ශ්‍යාව ,තන්හාව, වෛරය , Attachment අඩු කරගන්න එක Win Win. ඒක Practical කරනව

    අපි ඉන්ද්‍රිය පරිහරයන, සිතීම අතුලු සැම දෙයක්ම සන්කත. නිවන කියන්නෙ අසන්කතයක්. ඒ කියන්නෙ නිවන කියන එක කවදාවත් හිතින් හිතල වත්, තර්ක කරලවත් ගන්න පුලුවන් දෙයක් නෙවේ. එම නිසා, සිතින් නිවන තිබේද, නැතිද කල්පනා කිරීමත් අර්ත් ශුන්යය.

    දර්මයෙ කියන්නෙ, අපේ ඇස කන නාසය අතුල් ආයතන වලින් සිදුවෙන අවුලක් ගැන. ඔය අවුල නිසා තමයි රාග දේශ මොහ ඔය හැම එකක්ම අති වෙන්නෙ... කෙනෙක් ඔය ආයතන වල අවුල විසදන්නෙ නැතිව රාග දිවෙශ මෝහ නති කරන්න හදන එක කිරිය හැක්කක් නොවේ..

    කල යුත්තේ, ආයතන වල මුලාව දැකිම්යි. එය තියරි වලින් හෝ හිතින් සිතා කල හැක්කක් නොවේ..කල යුතුතේ, එය දැකිය හැකි චයිත්සික දියුනු කිරීමය්.. එය කිරීමට, සතිපට්ටනයෙන් ඇරෙන්න වෙන මාර්ගයක් නොමැත..