නිවන_පමණක්_පතමු!!

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිවන_පමණක්_පතමු!!

    බෞද්ධ ඔබ ආමිස, ප්‍රතිපත්ති පිංකම් කර පතන්නේ භව භෝග සම්පත්ද? නිවනද? පන්සලේ හාමුදුරුවරු පවා දානයක් දුන්නම පිං දෙන්නෙ දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිවන් සම්පත් ලැබීමට මේ පින හේතු වේවා කියලයි. ඉතින් භව භෝග සම්පත් ප්‍රර්ථනා කරන අය මේ කතාව කියවන්න.

    96007-alms-giving-in-bangkok.jpg


    මිට කල්ප 91කට කලින් බරණැස ජිවත් උනා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක් හේනක් වගා කරමින් ජිවත් උනේ. මේගොල්ලො වගාකලේ කැපූ තැනින් පැණි සියල්ල ගලා බසින, පැණි ලබාගන්න උක් දඬු මිරිකන්න අවශ්‍ය නැති උක් විශේෂයක්. මෙවැනි උක් විශේෂයක් ගැන වර්තමාන ලෝකයේ අපිට අසන්නට නැහැ. මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා දවසක් උක් හේන බලන්න ගියා.

    මෙයා ගිහිල්ල උක් හේනෙන් තමුන්ගේ අයියටත් එක්ක උක් දඬු දෙකක් කපාගෙන ගෙදර එන්න පිටත් උනා.අතර මගදී මොහුට හමුවෙනවා පිණ්ඩපාතයේ වඩින පසේ බුදුවරයෙක්ව. ඉතින් මොහු පසේ බුදුවරයා කෙරෙහි පැහැදිලා, තමුන්ගේ කරේ තිබුන උතුරු සළුව බිම එලා, එහි පසේ බුදුවරයාව හිඳුවා, පැණි ගලා නොයන්න උක් දඬුවේ ඔතා තිබුන රෙදිකඩ ඉවත් කරලා, එහි වූ පැණි සියල්ලම පසේ බුදුරජාණන්වහන්සේගේ පත්‍රයට වත්කලා. උක් පැණි වලින් පාත්‍රය පිරිල ගියා. පසේ බුදුන් වහන්සේ එය වැළඳුවාට පස්සෙ මෙයාගේ හිතේ සතුට තවත් වැඩි උනා.

    සතුටු සිතින් එයා අයියා වෙනුවෙන් රැගෙන ආපු උක් දඬුවත් පසේ බුදුන් වහන්සේට පුජා කළා. එයා හිතුව අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවෙන් මුදල් ඉල්ලුවොත් මුදල් හෝ පිං ඉල්ලුවොත් පිං හෝ ඔහුට දෙන බව. එදා ඔහු සතුටු සිතින් පසේ බුදුන්ට උක් දඬුව පුජා කරල පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා මෙහෙම ප්‍රර්ථනා කළා. "මම ඔබ වහන්සේට ඉතා අනර්ඝ වූ රසයක් පුජා කළා. ඒ පිනේ ආනුභාවයෙන් දෙව් මිනිස් ලෝකයන්හි සැප සම්පත් විඳ අවසානයේ ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මටද අවබෝධ වේවා.." කියල ප්‍රාර්ථනාවක් කළා.

    එදා මොහු නිවසට ආපු වෙලාවේදී අයියා අහනව කොහේද ඔබ ගියේ කියල. ඔහු අයියට සිදුවූ සියල්ල පැවසුවා. පසේ බුදුවරයන් වහන්සේ තමුන් අයියා වෙනුවෙන් රැගෙන ආ උක් දඬුවෙහි පැණි ගන්ධමාන නම් පර්වතයෙහි වාසය කරන අනෙකුත් පසේ බුදුවරුන් සඳහා අහසින් රැගෙන ගිය බව පැවසුවා. මෙය ඇසු අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවට මුදල් නොඉල්ලා පිං කැමති වී ප්‍රාර්ථනාවක් කළා. ඔහු වෙනත් කිසිවක් ප්‍රර්ථනා නොකර මේ පිං බලයෙන් පසේ බුදුරදුන් අවබෝධ කල ධර්මය තමුන්ටත් අවබෝධ කර ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කළා.

    මේ සහෝදරයින් දෙදෙනා ආයුෂ ඇතිතෙක් සුව සේ කල් ගෙවා මියගොස් දෙව් ලොව උපත ලබනවා.

    බොහෝ කාලයක් දිව්‍ය සැප විඳපු මේ දෙදෙනා දෙව් ලොවින් චුත වෙලා විපස්සි ලොව්තුරා බුදුන් වහන්සේ වැඩසිටින කාලයේ බන්ධුමතී නම් නගරයේ නිවසක වැඩි මහල්ලා වැඩිමහලු ලෙසමත්, බාලයා බාලයා ලෙසමත් උපත ලැබුවා. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා සේන නම් විය. බාලයා අපරාජිත නම් විය. ඔවුන් වැඩිවියට පැමිණිලා වාසය කරනවිට වැඩිමල් සහෝදරයා බුදුරාජාණන්වහන්සේ ගෙන් බණ අසන්නට ගොස් සසර කලකිරී බුදු සසුනේ පැවදි වී කෙටි කලකින්ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණුනා. නමුත් උක් දඬු දන් දීමේ පින්කමෙහි මුලිකයා වුන බාල සොහොයුරා කෙතරම් බණ ඇසුවත් ගිහිගෙයි ඇති සැපයන්ට ඇති ඇල්ම දුරු කරගැනීමට නොහැකි උනා. ඔහු එම බුදු සසුනේත් බොහෝ පිං කර මියගොස් නැවතත් දෙව් ලොව ඉපදුනා.

    විපස්සී බුදු සමය ගෙවී ගොස් කල්ප හැටකට පසුව සිඛී, වෙස්සභූ බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් වලදීත් නිවන් දැකීමට නොහැකි උනා. ඉන් පසුව කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් ද මගහැරී අප ගෞතම බුදුරජාණන්වහන්සේ ලොව පහල වූ සමයෙහි ජෝතිය නමින් සිටු පවුලක උපත ලබනවා. ඔහු ගෞතම බුදු සසුනෙහි පැවදි වී තමන් හා එකට පින් කල සොහොයුරා නිවන් දැක කල්ප 90ට පසු, බුදුවරුන් පස් නමකගේ සසුන් ඉක්ම ගිය පසු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබුවා.

    භවභෝග සම්පත් සමග නිවන් ප්‍රර්ථනා කරන්නාට සසර දිගු වන හැටි මේ කතාවෙන් තේරුම් ගත යුතුයි. භවභෝග සම්පත් සහිතව නිවන් පතන්නාගේ කුසලය තණ්හාව නිසා දුබල වෙනවා. බුදු සසුනක් හමුවී දහම් හඬ ඇසුනත් ඔවුන්ට කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නිවන් දැකීමට කල් ගතවන්නේ ඒ නිසායි. භවභෝග සම්පත් නොපතා නිවන පමණක් පතන්නාටත් අඩුවක් නොමැතිව භවභෝග සම්පත් ලැබේ. නමුත් ඔහු භවභෝග සම්පත් පැතූ තැනැත්තා මෙන් ඒවා කෙරෙහි ඇලෙන්නේ නැත. එම නිසා ඔහු සුදුසු අවස්ථාව දුටු විට එම සම්පත් හැර දමා පැවදි වන්නට සමත් වන්නේය.

    මෙකල බොහෝ දෙනා පිනක් කල විට බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නටද පතති. පිං කර පතන සියල්ල එසේම සිදුවේය යන වැරදි හැගීමක් ද බොහෝ දෙනාට තිබේ. පිං කර පතන දේවල් සිදුවන්නේ පතන දෙය සිදුවීමට තරම් බලයක් ඇතිවුවහොත් පමණි. බර කරත්තය මෝටර් රියක් යන වේගයෙන් පැදවිය නොහැක්කා සේ දුබල පිනක් කර විශාල දෙයක් ප්‍රර්ථනා කලද එය නොලැබී යා හැකිය. එබැවින් පැතූ පමණින් මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නොවන බව සිතට ගන්න. කිසියම් පිනක් කර මෙතේ බුදුන් දැකීමට පැතූ විට එම පිනෙහි එබඳු ශක්තියක් නැති නිසා හෝ කිසියම් කර්මයක් නිසා හෝ එය සිදු නොවුනහොත්, එම පිනේ බලය කෙළවර වී, එම පින ඉන් මතු දිනයක හෝ නිවන් දැකීමට හේතු නොවී අහෝසි වී යා හැකිය.

    එබැවින් භවභෝග සම්පත් නොපතා, මෙතේ බුදු සසුනේ නිවන් නොපතා, නිවන පමණක්ම පැතීම ඔබේ සසර ගමන කෙටි වීමට හේතුවේ.

    රේරුකානේ හිමියන්ගේ "පාරමිතා ප්‍රකරණය" කියන පොතෙන් තමයි මේක උපුටා ගත්තෙ. උන්වහන්සේගේ භාෂා විලාශය වෙනස් කරල මම මේක නැවත තවත් සරල විදිහට ලිව්වා බලන අයගේ පහසුව පිණිස:).


    අද අද එයි මරු පින් කරගන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
    කිකලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ


     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අද අද එයි මරු පින් කරගන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
    කිකලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ...


     
    May 19, 2013
    1,864
    81
    0
    ධර්ම දානය උතුම්ම දානයයි :) tfs
    ගොඩක් පැණි රස පළතුරු තෙරණුවන් වහන්සේලාට අකැපයි කියල මං අහලා තියෙනවා සමහර බණ වලදී.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
    (සංවාදයක් සඳහා.. )

    TFS REP+++
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
    (සංවාදයක් සඳහා.. )

    TFS REP+++


    diwya lokawala thiya kohewath athal ekak ne machan.thiyenne dukama witharai.hithahan api kochchara athal gaththath hoda karaganna beri ledak hedunama widawana widawilla.e widawillama athi ban.buduhamuduruwo kiwwe kohewath sepayak kiyala deyak ne kiyala...mata denena de ban:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    diwya lokawala thiya kohewath athal ekak ne machan.thiyenne dukama witharai.hithahan api kochchara athal gaththath hoda karaganna beri ledak hedunama widawana widawilla.e widawillama athi ban.buduhamuduruwo kiwwe kohewath sepayak kiyala deyak ne kiyala...mata denena de ban:(:(

    ඒක ඇත්ත බන්. හැමදෙයක්ම තාවකාලිකයි. අපි සැප හොයන් යනවා විතරයි බන්. කවදාවත් තෘප්තිමත් වෙන්න ලැබෙන්නේ නෑ. :yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
    (සංවාදයක් සඳහා.. )

    TFS REP+++

    සුගතියෙන් දුගතියක ඉපදීම වැලැක් නොවෙන අවස්ථා ඕනේ තරන් තියෙනවා කොච්චර පිං කරලා ප්‍රාර්ථනා කළත් මරණයේදී පහළ වෙන සිතුවිලි අනුව. මැරෙන මොහොතේ තණ්හාව උපාදාන උනොත් මතු භවය දුගතියක්.
    ඒක හින්දා වෙන්න ඇති මට හිතෙන්නේ.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අද අද එයි මරු පින් කරගන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
    කිකලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ...


    තැන්ක්ස් :)
    තැන්ක්ස් :)
    තැන්ක්ස් :)
    තැන්ක්ස් :)
    Theruwan Saranayi !!!
    තැන්ක්ස් :)
    රජ්ජුරුවෝ;16361131 said:
    ධර්ම දානය උතුම්ම දානයයි :) tfs
    ගොඩක් පැණි රස පළතුරු තෙරණුවන් වහන්සේලාට අකැපයි කියල මං අහලා තියෙනවා සමහර බණ වලදී.
    එහෙම දෙයක් ගැන මම නම් දන්නෙ නැහැ සහෝ:). හැබැයි පාරිලෛය වනයේදී බුදුහාමුදුරුවන්ට මීපැණි දානයක් ලැබුන නේද..
    valuable post machan.....tfs....බුදු සරණය්.....
    රේප්+
    තැන්ක්ස් :)
    ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
    (සංවාදයක් සඳහා.. )

    TFS REP+++
    රජ්ජුරුවෝ සහෝදරයා දීලා තිබුන පිළිතුර නිවැරදියි. මම ඒක පැහැදිලි වන බෞද්ධ කතාවක් කියන්නම් බුදුන් දවස එක්තරා උපසම්පදා උන භික්ෂුවක් සිටියා.දිනක් මෙම භික්‍ෂුව ගඟකින් එතෙරවීමට ඔරුවට නැගීම සඳහා අසල තිබූ රුක් ගසක අත්තක අල්ලා ගත්තා. හදිසියේ ඔරුව පාවී යාම නිසා අත්තත් කොළයත් භික්‍ෂූව අතින් කැඩුණා. මෙය උපසපන් භික්‍ෂුවකට ඇවතක්. ඇවැත් දෙසාගන්න අමතක වුනා. මරණාසන්න අවස්ථාවේ තමන් අතින් වූ ඇවත මතකයට ආවා.මෙම භික්‍ෂූව අපවත්වීමෙන් පසු ඒරකපත්ත නම් නාග රජුවී උපන්නා. ඉතින් එතරම් සිල්වත් භික්ෂුවකට අවසාන මොහොතේ එවැනි සුළු වරදක් මතක් වෙලා එහෙම උනානම් අපිට මොන මොන වැරදි මතක් වෙයිද? ඒ වගේ චුති සිතක් පහල උනාම ඊළඟ භවය මොනවගේ එකක් වෙයිද කියන්න අපි දන්නැහැ. ඒකයි සංසාරය භයානකයි කියන්නෙ.:)
    තැන්ක්ස් :)
    Thanks machang
    තැන්ක්ස් :)
    good post thanks
    තැන්ක්ස් :)
    diwya lokawala thiya kohewath athal ekak ne machan.thiyenne dukama witharai.hithahan api kochchara athal gaththath hoda karaganna beri ledak hedunama widawana widawilla.e widawillama athi ban.buduhamuduruwo kiwwe kohewath sepayak kiyala deyak ne kiyala...mata denena de ban:(:(
    තැන්ක්ස් :)
    ඒක ඇත්ත බන්. හැමදෙයක්ම තාවකාලිකයි. අපි සැප හොයන් යනවා විතරයි බන්. කවදාවත් තෘප්තිමත් වෙන්න ලැබෙන්නේ නෑ. :yes:

    රජ්ජුරුවෝ;16361330 said:
    සුගතියෙන් දුගතියක ඉපදීම වැලැක්වෙන අවස්ථා ඕනේ තරන් තියෙනවා කොච්චර පිං කරලා ප්‍රාර්ථනා කළත් මරණයේදී පහළ වෙන සිතුවිලි අනුව. මැරෙන මොහොතේ තණ්හාව උපාදාන උනොත් මතු භවය දුගතියක්.
    ඒක හින්දා වෙන්න ඇති මට හිතෙන්නේ.
    ඔව් පිළිතුර නිවැරදියි.:)
     
    May 19, 2013
    1,864
    81
    0
    එහෙම දෙයක් ගැන මම නම් දන්නෙ නැහැ සහෝ:). හැබැයි පාරිලෛය වනයේදී බුදුහාමුදුරුවන්ට මීපැණි දානයක් ලැබුන නේද..

    මමත් බණ වලට විතරයි අහලා තියෙන්නේ. ඒ හින්ද හරිද නැද්ද කියන්න බෑ. අකැප පළතුරු වර්ග ඔක්කොම නං මතක නෑ. හැබැයි පැණි රස පිරුණු ලොකු පළතුරු පොදුවේ අකැපයි කියල කිව්වා මතකයි. පැණි කොමඩු, පැණි වරකා වල නම් කියවුනා වගේ මතකයි අකැප ඒවාට.

    මී පැණි නං අකැප නෑ මං හිතන්නේ. බුදුන් වහන්සේ ලෙඩ වලට ප්‍රතිකාර විදියට මී පැණි මිශ්‍ර කරලා හදන බෙහෙත් මොනවා හරි බොන්න කියලත් තියෙනවද කොහේ.