මදුරුතලා මදුරුවන් පලවා හරී, අඳුකොළ, සස්‌සඳ ඵලවරා නාගයන්ට එරෙහි වේ. කුප්පමේනිය ගස බළලාට දිව ඔසුවකි. මෙවැනි සුවිශේෂී පැළෑටි වර්ග බොහෝ ඇත. නිවස ඉදිරිපිට වැවීමට ශුභ ගස්‌වර්ග රැසක් ජ්‍යෙdතිෂ හා වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල දැක්‌වේ.මදටිය, මූනමල්. සපු, දෙලුම්, කොසඹ, පුවක්, කොස්, තල්, පොල්, පලොල්, දේවදාර බඳුවදමල්. සාදික්‌කා, මිදි, බෝලිද්ද, අඹ, සමන්, නෙලුම්, මහනෙල්. කෙසෙල්, දොඩම්, සපු, දුනකේ, වැටකේ, ගෙඋයන ඉදිරිපස වැවීමෙන් නිරෝගීබව, නුවණ, ආයුෂ වැඩෙන බව දක්‌වා ඇත. මෙම ගහකොළ ඇසුරෙන් ලැබෙන පිරිසිදු වාතය නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි බව විද්‍යාත්මකවද සනාථ වේ.
කොසඹ හා අඹවල හෙණ වළක්‌වන ශක්‌තියක්‌ද ඇතැයි පැවසේ. එසේම රෝග නාශක බලය සහිත නිසා බෝවන රෝග වළක්‌වයි. පත්තිනි දෙවියන්ගේ බලයද එහි තිබේ. විවිධ ශාන්තිකර්මවලට මේවා යොදා ගන්නේ ඒ නිසාය. එහෙත් අඹ හා ඇසතු ගස් ගෙය ඉදිරිපස නොවැවිය යුතු යයි ඇතැම් පොත්වල සඳහන් වේ. කෙසෙල් ගස්‌ද ගෙයි දොරකඩ නොවවන ලෙසට කියා ඇත. නේත්‍ර ආබාධවලට ඔසුවක් වූ දෙලුම් ගෙය ඉදිරිපිට වැවීම ශුභයෑයි කියා තිබේ. පොල්, නවසි, බෝදිලි ගෙයි ඉදිරිපස වැවීමට කියා ඇතත් ගොන් තැඹිලි, රත් තැඹිලි, රන් තැඹිලි ගෙයි දොරකඩ වැවීම අශුභ බව කියා ඇත. ඒවා දේවාල, පන්සල් ආදී සිද්ධස්‌ථාන, රජ මැදුරු හා පොදු ස්‌ථානවලට සුදුසුය.
ගෙවත්තේ ඊතණ තිබීම ශුභ ලෙස දක්‌වා තිබේ. ඊතණ මංගල සම්මත පැළෑටියක් වන අතර දේව ප්‍රසාදය ලැබේ. ඊතණ ඇති බිම ජලය රඳයි. ආයු වැඩීමට එය බලපායි. හීරුස්‌ස තොලබෝ දෙවර්ගයද මෙවැනිම මංගල සම්මත පැළෑටිය. ඒවා ගෙවත්තක තිබීමෙන් ශුභ ඵල උදාවේ. ගෙවත්තේ කලාඳුරු තිබීම රෝග නැතිවීමට හා ගව සම්පත් වැඩිවීමටත් ධනය ලැබීමටත් හේතුවේ. එය සුවඳ හමන ඔසු පැලෑටියකි. දෙමට, අන්දර, සූරිය, කැටකෑල වැනි ගස්‌වර්ග තිබීමෙන් යක්‍ෂ, ප්‍රේත උවදුරු දුරුවේ. දෙහි ගස නිසාද එසේ වෙයි. එය බොහෝ විට බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනවත්ය.
ඒ ඒ ගස් වර්ග ගෙයි සිට තිබිය යුතු දිශාවන්ද දක්‌වා ඇත. ගෙට උතුරෙන් පුලිල, ඩෙබර ගස ද නැගෙනහිරට නුග, අත්තික්‌කා හා නාගස්‌ද දකුණෙන් දිවුල් ගස්‌ද, බස්‌නාහිරට බෝ ගස්‌ද වැවීමෙන් යහපත උදාවෙන බව පවසා ඇතත් බෝ, නා, නුග ගස් නිවෙස් අසල වැවීම සුදුසු නැත. ඒවා දේවතා දිගෘහිතවීම හා නාගයින්ගේ වාසයට හේතුවන බැවිනි.
ගෙවත්තේ වැවීමට අශුභ ගස් වර්ගද ඇත. ඉඹුල්, ඇඹුල් දොඩම්, ප්‍රවඟු, බෙලි, ඇහැල, කිනිහිර, සියඹලා, කොලාං, හැඩවක, බුරුත, කිහිරිබුතැස්, තිබොල්, කරඳ, සාරණ, ඇට්‌ටේරියා, පියං, පෙනෙල, ගොරක මේ ගණයට අයත්වේ. මේවා වැවීමෙන් නොයෙක් හිරිහැර අපල කරදර පැමිණේ. මෙම ගස් වර්ග තිබුණ බිමක නව නිවසක් තනනවිට එම ගස් මුලින්ම උදුරා පස්‌ද ඉවත් කළ යුතු යෑයි කියා ඇත. එහි දොස් එතරම්ම උග්‍ර බව පැවසේ.
ගෙවත්තේ ගස් නොසිටුවා කොතනක හෝ ඉඩක් තැබීමද අශූභ බව කියා ඇත. එරබඳු කජු, වතුසුදු ආදී ගස් වර්ගද ගෙවත්තේ නොවැවිය යුතු බවට උපදෙස් දී ඇත. මේ ගණයට සුදු අරලියාද අයත් වේ. එයින් යස ඉසුරු නැතිවේ. කරදර, හිරිහැර ඇතිවේ. මල් වර්ග අතර තද රතුපාට මල් ගේ ඉදිරිපස වැවීම අශුභය. රාජභය හා අනතුරු ආපදා සතුරු කරදර ඇතිවේ. සුදු අරලියා වලින් දුක ශෝක ඇති කරයි. විශේෂයෙන් වද මල් ගස් වැවීමෙන් වද හිංසා ඇතිවන බව පැරණි මතයකි. කටු සහිත ගස් වර්ග ගේ ඉදිරිපස හෝ මිනිසුන්ට දර්ශනය වන තැන්වල වැවීම ශුභ නැත. මේ නිසා ගෙහිමියන්ට අවුල් වියවුල් ඇතිවේ. පතොක් ආදී ගල් මුඩුබිම් ඇසුරුකොට වැවෙන පැළෑටි වගා නොකළ යුතුය. ඇසේ හිසේ රෝග ඇති කරයි. කරදර හිත් තැවුල් වැඩිවේ. ගව සම්පත ගොවිතැන් පාලුවේ. කිරි ඇති ගස් වර්ග ගෙවත්තේ වැවීම අශුභ යයි එක් මතයක සඳහන් වුවද එය ශුභ බවටද මතයක් පවතී.
විෂ සහිත ගස් වැවීම අශුභය. නියඟලා, ජාපාල, කනේරු ආදිය මේ ගණයට අයත්වේ. කිරි මිශ්‍ර ගස් නිසා සොර බිය ඇතිවේ යෑයි කියති. වැල් රුක්‌අත්තන අශුභය. පිච්චමල් වවනවා නම් එම බිම ඉතා පිරිසිදුව තැබිය යුතුය. බෙලි කලුවර සඳුන් මදාරා වැනි ගස් දේවතාගෘහිත වන බැවින් අශුභය. ගෙවත්තෙහි වැවුන ගසකට යම් උවදුරක් වුවහොත් ඒවා උදුරා දැමිය යුතුය. විදුලි සැර හා හෙණ වැදුන දිරාගිය බෙණ සහිත සුළඟින් කැඩී ගිය, වැල්සෙවුන, පනුවන් කෑ ගස් හා දෙබර, බඹර මී, වද බඳින ලද ගස් අශුභ බැවින් ඉවත් කළ යුතුය.
පනුවන් කෑ සහ ඉහත කී පරිදි හානි වූ ගස් තිබීමෙන් ගෙහිමියාට සුව නොවන රෝග සෑදේ යෑයි කියා ඇත. වඳ පීදුනු ගස් ගෙවත්තේ තිබීම ශුභ නැත. පිල්ල සෑදුන ගස්‌ද අශුභය. එසේම යම් ගසක් අස්‌වාභාවික ලෙස පීදී ගෙඩි හටගැනීමද අශුභය. කෙසෙල් ගසක මැදින් පිපිරී මුහ වැටීම පොල් ගස්‌වල අතු ලියලීම, තලමල් පිපීම වැනි දේ තම ගෙවත්තේ සිදු වුණොත් සියලු දෙනාටම අපලය. ඒ ගස දින තුනක් තුළ සහමුලින් ගලවා දමා ශාන්තිකර්මයක් කරවාගත යුතුය.
බෝ, නුග, කරඳ, කොසඹ, තෙලෙඹු. සඳුන්, කුරුඳු, දේවදාර, පස් පැඟිරි, කරපිංච, නා යන ගස්‌වල දර ගෙවත්තේ හෝ මුළුතැන්ගෙයි දැල්වීම අහිතකර විපත් ගෙන දෙන දෙයකි. ඒ නිසා ගෙවත්තේ ගස් වගා කිරීමේදී සහ ඒවා පවත්වාගෙන යැමේදී පැරණි උපදෙස් පිළිපැදීම වඩාත් යෝග්‍ය වේ. එයින් අනවශ්‍ය විපත් කරදර වළක්‌වා ගත හැකිය.
ජ්‍යෙdතිෂ හා ගුප්තවේදී පී. සී. පතිරණ
උපුටා ගැනීම :
http://www.divaina.com/2012/01/20/naka07.htm