නිවැරදිව_බුදුන්_වදිමු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නිවැරදිව_බුදුන්_වදිමු

    මා මේ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතා කාලීන මතෘකාවක් කියා බොහෝ අයට හිතෙන්නට පුළුවන්, ඒ වගේම කිසිම වැඩකට නැති මෙලෝ රහක් නැති දෙයක් කියලා තවත් කෙනෙකුට හැගෙන්නත් පුළුවන්, ඒ කෙසේ වෙතත් අප බොහෝ දෙනා පන්සලකට ගියත් ගෙදරදී බුදුන් වැන්දත් හරි ආකාරව බුදුන් වදින්නේ කෙසේද ? බුදුන් වැදිමේදී භාවිතා කල යුතු ගාථා මොනාද, අදී වශයෙන් නිවැරදිව බුදුන් වදින්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට මෙම ලිපියෙන් ලැබෙයි කියා මා සිතමි.

    මා පළමුවෙන්ම අද දිනය සහ එහි වැදගත්කම ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.

    පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනය භාවිතා කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි අධික දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.

    සෑම පුර පසළොස්වක දිනයක්ම සඳහා සිංහලයෙන් ව්‍යවහාර වන්නේ පොහොය යන්නයි; මෙදින ශික්‍ෂාකාමී බෞද්ධයන් වෙහෙර-විහාරයන් වෙත ගොස් වන්දනාමාන පිළිවෙත් පුරති. වසරකට පොහොයන් 12 හෝ 13 ක් පවතියි. පොහොය යන පදය සෑදී ඇත්තේ, ප්‍රාථමික ලෙසින් "උපවාස දිනය" යන අරුත් දනවන පාළි සහ සංස්කෘත ’’උපෝසත’’ (උප + වස් : උපවාස කෙරුමට) යන්නෙනි. සාමාන්‍යයෙන් පොහොය දිනයන්හි, කඩසාප්පු හා ව්‍යාපාර වසා තැබෙන අතර, මද්‍යසාර සහ මාංශ විකිණීම තහනම් කර ඇත.

    නිකිණි පොහොය

    නිකිණි පුන් පොහොය දිනය බෞද්ධ අප කාටත් කිහිප ආකාරයකින් වැදගත් වේ. අප බුද්ධ ශාසනයේ, ශාසනික ප්‍රතිපත්තිවලට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට “වස්” එළඹීමට දින දෙකක් ඇත. එනම් “පෙර වස් හා පසු වස්” යනුවෙනි. මෙයින් පසු වස් එළඹෙනුයේ නිකිණි පොහොයටයි.

    * කොසොල් නුවර “උදේනි” නම් වැසියකු වස් කල කළ ඇරයුමකට භික්ෂූන් නොවැඩිය වග රජගහ නුවර වැඩසිටි අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේට සැළවිය. භික්ෂූන් වහන්සේ නමක් වස් එළඹ සිටියද සතියක් ඇතුලත ආපසු පැමිණෙන අදිටනින් වස් සීමාවෙන් පිටතට යා හැකි බවට සැළෙන “සත්තා හකරණය” නම් වූ පනත අප බුදු පියාණන් විසින් දේශනා කරන ලද්දේ මෙම නිකිණි පොහොය දිනකදීය.

    * සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.

    * මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.

    * බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය තැනීම ඇරඹුනේද නිකිණි පොහෝ දිනකයි.

    මෙලෙස නිකිණි පොහොය දින සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස යහපත පිණිස සිදුවූ සිදුවීම් මෙසේය.

    එවැනි අති උතුම් පොහොය දිනක, වදින්නන් වාලේ බුදුන් නොවැද, නිවැරදිව බුදුන් වැදිය යුතු අකාරය, මල් පහන් පුජා කිරීමේ සිට, විස්තර කරන්නම්,

    මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම.

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    ඒ භාග්යධවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා!

    දෙවනුවද නමස්කාර වේවා ! තෙවනුවද නමස්කාර වේවා !

    බුද්ධං සරණං ගච්චාමි - ධම්මං සරණං ගච්චාමි - සංඝං සරණං ගච්චාමි

    දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි - දුතියම්පි ධම්මං සරණං ගච්චාමි - දුතියම්පි සංඝං සරණං ගච්චාමි

    තතියම්පි බුද්ධං සරණං ගච්චාමි - තතියම්පි ධම්මං සරණං ගච්චාමි - තතියම්පි සංඝං සරණං ගච්චාමි

    පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

    බුදු ගුණ වන්දනාව

    ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිස දම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

    බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    යෙච බුද්ධා අතීතාච
    යෙච බුද්ධා අනාගතා
    පච්චුප්පන්නාච යෙ බුද්ධා
    අහං වන්දාමි සබ්බදා

    නත්ථි මෙ සරණං අඤ්ඤං
    බුද්ධො මෙ සරණං වරං
    එතෙන සච්ච වජ්ජේන
    හෝතු මෙ ජය මංගලං

    උත්තමංගෙන වන්දෙනං
    පාදපංසු වරුත්තමං
    බුද්ධෙ යෝ බලිතො දොසො
    බුද්ධො ඛමතු තං මමං

    දහම් ගුණ වන්දනාව

    ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො ඒහිපස්සිකො ඕපනයිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී ති

    ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    යේච ධම්මා අතීතාච
    යේච ධම්මා අනාගතා
    පච්චුප්පන්නාච යේ ධම්මා
    අහං වන්දාමි සබ්බදා

    නත්ථි මේ සරණං අඤ්ඤං
    ධම්මෝ මේ සරණං වරං
    එතේන සච්ච වජ්ජේන
    හෝතු මේ ජයමංගලං

    උත්තමංගේන වන්දේහං
    ධම්මං ච තිවිධං වරං
    එතේන සච්ච වජ්ජේන
    ධම්මේ යෝ බලිතෝ දොසො
    ධම්මෝ ඛමතු තං මමං

    සඟ ගුණ වන්දනාව

    සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනේයියෝ දක්ඛිණෙයියෝ අංජලිකරණෙයියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේත්තං ලෝකස්සාති.

    සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    යේච සංඝා අතීතාච
    යේච සංඝා අනාගතා
    පච්චුප්පන්නාච යේ සංඝා
    අහං වන්දාමි සබ්බදා

    නත්ථි මේ සරණං අඤ්ඤං
    සංඝෝ මේ සරණං වරං
    එතේන සච්ච වජ්ජේන
    හෝතු මේ ජයමංගලං

    උත්තමංගේන වන්දේහං
    සංඝං ච තිවිධං වරං
    සංඝේ යෝ බලිතෝ දොසො
    සංඝෝ ඛමතු තං මමං

    ත්‍රිවිධ චෛත්යං වන්දනාව

    වන්දාමි චේතියං සබ්බං
    සබ්බ ඨානේ සු පතිට්ඨිතං
    සාරීරික ධාතු මහා බෝධිං
    බුද්ධ රූපං සකලං සදා

    බෝධීන් වහන්සේ වන්දනා කිරීම


    යස්ස මූලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකා
    පත්තෝ සබ්බයුතං සත්ථා
    වන්දේතං බෝධි පාදපං

    ඉමේ එතේ මහා බෝධි
    ලෝක නාථේන පූජිතා
    අහම්පි තේ නමස්සාමි
    බෝධි රාජා නමත්ථු තේ

    පහන් පූජාව

    සද්ධාය සම්පදිත්තේන
    දීපේන තමධංසිනා
    තිලෝක දීපං සම්බුද්ධං
    පූජයාමි තමොනුදං

    සුවඳ දුම් පූජාව

    ගන්ධ සම්භාර යුත්තේන
    ධූපේනාහනං සුගන්ධිනා
    පූජයේ පූජනීයං තං
    පූජා භාජන මුත්තමං

    මල් පූජා කිරීම

    වණ්ණගන්ධගුණෝපෙතං
    එතං කුසුම සන්තතිං
    පූජයාමි මුනින්දස්ස
    සිරිපාද සරෝරුහේ

    පූජේමි බුද්ධං කුසුමේනනේන
    පුඤ්ඤේනමේතේන ලභාමි මොක්ඛං
    පුප්ඵං මිලායාති යථා ඉදං මේ
    කයෝ තථායාති විනාසභාවං

    සමාකර ගැනීම


    කායේන වාචා චිත්තේන
    පමාදේන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ
    භූරිපඤ්ඤ තථාගත

    කරණීය මෙත්ත සූත්රේය සියලු දෙනා එක්ව සජ්ක්ධායනය කරන්න.


    විනාඩි පහක් මෛත්‍රී භාවනාව වඩන්න.

    මම නිදුක් වෙම්වා ! නීරෝගී වෙම්වා !
    සුවපත් වෙම්වා ! වෛර නැත්තෙක් වෙම්වා !
    තරහ නැත්තෙක් වෙම්වා !
    මා මෙන්ම මාගේ දෙමව්පියෝ ද,
    මාගේ ගුරුවරු ද,
    මාගේ හිත මිතුරෝ ද,
    මැදහත් සත්වයෝ ද,
    මට වෛර කරන්නා වූ සත්වයෝ ද,
    සියලු ලෝක වාසී සත්වයෝ ද,
    නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !

    දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා !
    බියෙන් සැලෙන සිත් බියෙන් මිදෙත්වා !
    සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා !
    නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා !

    පින්දීම හා ප්‍රර්ථනා

    ආකාසට්ඨා ච භුම්මට්ඨා
    දෙවා නාගා මහිද්ධිකා
    පුඤ්ඤං තං අනුමෝදිත්වා
    චිරං රක්ඛන්තු ලෝකසාසනං

    දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හෝතුච
    වීතෝ භවතු ලෝකෝච
    රාජා භවතු ධම්මිකෝ

    ඉදං මේ ඤාතීනං හෝතු
    සුඛිතා හොන්තු ඤාතයෝ

    ඉමිනා පුඤ්ඤ කම්මේන
    මා මේ බාල සමාගමෝ
    සතං සමාගමෝ හෝතු
    යාව නිබ්බාණ පත්තියා


    නිවැරදිව බුදුන් වැදීම සිදුකලයුතු අකාරය ගැන යම්කිසි වැටහීමක් ඔබට ලැබෙන්න ඇති කියා විශ්වාස කරනවා, වදින්නන් වාලේ බුදුන් නොවැද හරි අකාරව බුදුන් වදිමු.

    මෙම ලිපියෙහි යම් වැරදි අඩුපාඩු වෙතොත් ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    බුදු සසුන බැබලේවා !!!
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බුදුන් වදින එක තේරුමක් නැති වැඩක්. බෞද්ධයෙක් බෞද්ධ වෙන්නේ බුදුන් වැදලා නෙවෙයි. බෞද්ධාගමේ තියෙන දේ අනුගමනය කරලයි. ගෞරව කිරිමක් වශයෙන් වැන්දට කමක් නෑ නමුත් එල්ලීගෙන , පිහිටක් බලාගෙන වදින එක පදනමක් නැති වැඩක්.
     

    gepa

    Well-known member
  • බොහොම පිං මචං දැනුවත් කලාට..ගාථා එකදිගට කීමෙන්ම තේරුමක් නැ නේද?මේවගෙන් කියවෙන දේ ගැන අවබෝදයකුත් තියෙන්න ඕනි ..එක එක තේරුමත් තේරෙන්න දැම්මනං තවත් හොඳයි....
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    බොහොම පිං මචං දැනුවත් කලාට..ගාථා එකදිගට කීමෙන්ම තේරුමක් නැ නේද?මේවගෙන් කියවෙන දේ ගැන අවබෝදයකුත් තියෙන්න ඕනි ..එක එක තේරුමත් තේරෙන්න දැම්මනං තවත් හොඳයි....




    sira machan:yes::yes::yes: