නිවැරදි කථාව...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]බුදුහාමුදුරුවො ගැන හේමවත හා සාතාගිරි කියන යාළුවො දෙන්න ඇති වුන කථාවක් ආශ්‍රයෙන් තමයි මේ ලිපි ලියවෙන්නේ. මේ ලිපියෙන් කථා කරන්නේ බොරු කීම සහ නිවැරදි කථාව ගැන. කැමැත්තෝ බලත්වා....[/FONT]

[FONT=&quot]ඇත්තටම අපේ ජීවිතයේදී අපි කථා කරන වචන වලින් කීයක් නම් අපි ඇත්ත කථා කරනවාද කියලා අපිම හිතන්න ඕනා. නිවන් දකින්න අරමුණු කලාට කියන්නේ බොරු නම් නිවන හුඟක් දුරයි.

[/FONT]
[FONT=&quot]දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ලබා ගැනීමෙන් පස්සෙ ඉඳලා බුදුවෙලා පිරිනිවන් පානා තෙක්ම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙන් කිසිම බොරුවක් කියවුනේ නෑ. අඩුම තරමේ බෝසත් අවධියේදී වත් නෑ.

බොරුව කියන්නේ පාපයක් අකුසලයක්. හුඟක් ආගම් වල ගුරුවරු බොරු කියනවා. බෞද්ධයොත් බොරු කියනවා. සමහර අය දෙවියො නැති බව දැනගෙන දෙවියො ඉන්නවා කියලා බොරු උගන්වනවා. මේ වගේ නොයෙක් බොරු කියනවා. සමහර බොරු ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් කියනවා. දේශපාලකයො බොරු කියන්නේ බලය රැක ගන්න. තෙල් බෙහෙත් කාරයො බඩ රැක ගන්න. සමහර හාමුදුරුවරු, සමහර පූජකයො දානෙ ආරක්ෂා කරගන්න බොරු කියනවා. මේ තමයි අපේ ජීවිත වල හැටි. නමුත් මේ අතරින් ‍බුදුහාමුදුරුවො බොරු කියන්නේ නෑ. ඒ වගේම උන්වහන්සේගේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයා බොරු කියන්නෙත් නෑ.

[/FONT]
[FONT=&quot]බොරු කියන කෙනාට ඕනාම ආකාරයක පව් කමක් කරන්න බය වෙන්නේ නෑ. මොකද කියනවානම් එයාගෙන් උඹ මේක කලාද කියලා ඇහුවොත් කියන්නේ නෑ කියලානේ. ඉතින් බොරු කාරයා කිසිම පවත් කරන්න බය වෙන්නේ නෑ. ධම්මපදයෙ මෙහෙම කියනවා. [/FONT]

[FONT=&quot]එකම දහම (ඇත්ත) ඉක්මවූ බොරු කියන තැනැත්තා විසින් කල නොහැකි පවක් නැත. (ලෝකවග්ග 10) [/FONT]

[FONT=&quot]ඉතින් බොරු කියන කෙනාට ඕනාම විදියකට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නිසා එයා පව් කරන්න බය වෙන්නේ නෑ. තමන්ගේ පෞද්ගලික ලාභ සත්කාර වෙනුවෙන් ඕනාම ජරා වැඩක් කරන්න ඒ අය පෙළඹෙනවා. ඉතින් පව්කම් කරන්න කෙනෙක් පෙ‍ළඹෙනවා කියන්නේ තමන්ගේ මීළඟ ආත්මය ගැන එයාට හැඟීමක් නෑ කියන එකනෙ. එයාට ලබන ආත්මෙ මොනා වුනත් එකයි මේ ආත්මෙ සැප ලැබුනා නම් ඇති. ඉතින් තමන්ගෙ වත්මන් ජීවිතයට ලාභයක් ගේනවානම් මේ වගේ කෙනෙක් ඕනාම දෙයක් කරනවා. ඉතින් බොරුව ඕනාම ආකාරයක පවක් කරන්න මිනිස්සු මෙහෙයවනවා. [/FONT]

[FONT=&quot]බෝධිසත්වයන් විසින් මේ බොරු කිවීමෙක් කරන පව් හැම ආත්මයකදිම කිරීමෙන් වැලකී සිටියා. සිල් රැකීමෙන් වගේම උප්පත්තියෙනුත් (ප්‍රඥාව නිසා) බොරු කීමෙන් වැලකී සිටියා. නමුත් කෙලෙස් නැති කිරීමෙන් නෙමේ. නමුත් බුද්ධත්වයට පත්වුනාම උන්වහන්සේ කෙලෙසුන් නැසීමෙනුත් බොරු කීමෙන් වැලකී සිටියා. [/FONT]

[FONT=&quot]තවත් විස්තර කරනවා නම් බෝධිසත්වයො නිසියාකාරව සිල් රැක්කෙ නැතත් බොරුවෙන් වැලකුනා. බොරු කිව්වෙ නෑ. ඇත්ත විතරයි කථා කලේ. මේක ඇහිල්ලා පළමු ක්‍රමය. කෙනෙක් මම බොරු කීමෙන් වලකිමි කියාල සමාදන් වෙලා බොරු කීමෙන් වලකිනවා නම් ඒ සමාදානයෙන් බොරු කීමෙන් වැලකීම.

[/FONT]
[FONT=&quot]මේ ආකාරයට වැලකී සිටින්න පව් කරන්න තියෙන බය ලැජ්ජාව වගේම කෙනෙක්ට තියෙන කීර්තිය, වයස ආදී නොයෙක් දේවල් උපකාර වෙනවා. [/FONT]

[FONT=&quot]නමුත් කෙනෙක් සෝවාන් වුනා නම් අන්න එයා සම්පූර්ණයෙන්ම බොරු කීමෙන් වලකිනවා. ඒ වගේ අයට බොරුව අදාල නෑ. ඉතින් මග ඵල සියල්ලම සැපිරුනාට පස්සේ මේ ගැන කථා කරන්නවත් දෙයක් නෑ නේ. බුදුහාමුදුරුවො තමන් බුද්ධ බව ප්‍රකාශ කලා. මේ අනුව සාතාගිරි පැහැදිලිවම හේමවතට කියනවා අපේ බුදුහාමුදුරු‍වො බොරු කීම සම්පූර්ණයෙන්ම අත හැරලයි තියෙන්නේ කියලා. [/FONT]

[FONT=&quot]මීළඟට අපි මෙතනදිම රළු වචන නැත්නම් සැර වචන භාවිතය ගැනත් විමසලා බලමු. බුදුහාමුදුරුවො මේ වචන භාවිතයෙනුත් වැලකිලයි උන්නෙ. [/FONT]

[FONT=&quot]සමහර රහතන් වහන්සේලා පුරුද්ද නිසා සැර වචන භාවිතා කලත් ඒ අයට නපුරු සිතුවිලි තිබුනේ නෑ. දැන් පිළින්දවච්ඡ රහතන් වහන්සේ මිනිස්සුන්ට කථා කලේ වසලයා කියලා. ඔහු පැවිද්දට කලින් බ්‍රාහ්මණයෙක්. රහත් වුනත් මේ පුරුද්ද අත ඇරගන්න හම්බ වුනේ නෑ. නමුත් බුදුහාමුදුරුවො එහෙම නෙමෙයි. බුද්ධත්වයත් එක්කම සියලුම ආශ්‍රවයන් නැති වෙන නිසා අතීත පුරුදු කිසිවක් ඉතිරි වන්නේ නෑ. [/FONT]

[FONT=&quot]මීළඟට අපි හරයක් නැති කථා ගැන විමසලා බලමු. මේවත් අපි කථා කරන වචනනේ නේද. සාතාගිරි කියන්නේ බුදුහාමුදුරුවො දෙව් මිනිස්සුන්ට යහපතක් වනවානම්, ගැලපෙන්නේ නම් පමණක් කථා කරනවා කියලායි. [/FONT]
[FONT=&quot]ඉතින් මේ උත්තරෙන් පේනවා බුදුහාමුදුරු‍වො ඕනාම දෙයක ඇත්ත තමන්ගෙ දැනුමින් දැනගන්නවා. ඒ වගේම යහපතක් වෙනවානම් කථා කරනවා. නිසරු දේවල් කථා කරන්නේ නෑ කියලා. ඇයි අපිට එහෙම බැරි? අඩු තරමෙ අපි දන්න තරමයි නොදන්න තරමයි ගැන හිතලාවත් නිසරු දේවල් කථා නොකර ඉන්න ?

[/FONT]
[FONT=&quot]නිවැරදි කථාවෙ ආකාර 4 ක් තියෙනවා. [/FONT]


  1. [FONT=&quot]බොරු කියන්නෙ නෑ නමුත් ඇත්ත කියනවා.[/FONT]
  2. [FONT=&quot]සැර පරුෂ වචන භාවිතයක් නෑ නමුත් අහන අයට මිහිරි වචන කථා කරනවා.[/FONT]
  3. [FONT=&quot]කේලාම් කියන්නේ නෑ, නමුත් යහළුකම ඇති වෙන විදියට වැඩි දියුණු වෙන විදියට කථා කරනවා.[/FONT]
  4. [FONT=&quot]සම්ප්‍රප්ඵලාපයන් නොකියනවා, නමුත් ගැලපෙන සහ යහපතක් වෙන දේ පමණක් කථා කරනවා. [/FONT]
[FONT=&quot]මේ ආකාර හතර ගිහි සම්බන්ධතා වලදි වගේම පැවිදි සම්බන්ධතා වලදිත් කිසිම වෙනසක් නැතිව අදාල වෙනවා. කෙනෙක් මේ කථා කිරීමේ රීති අනුගමනය කරනවා කියන්නේ එයා නිවැරදිව කථා කරනවා කියන එකයි. [/FONT]

[FONT=&quot]දැන් ඔයාලාට ටිකක් හිතලා බලන්න පුළුවන් ඔයාලා කොයි තරම් දුරකට නියම විදියට කථා කරනවාද කියලා. මන් දන්නවා බහුතරයකට ලැබෙන උත්තරය. නමුත් ඒක තමන් තුලම තියා ගන්න. දැන්වත් නිවරදි වෙන්න බලන්න. ඒ තමයි මගේ ප්‍රාර්ථනය. [/FONT]

කලින් එකට මේක බලන්න. http://elakiri.com/forum/showthread.php?t=1133014