නිවැරැදිව සිංහල බස හසුරවමු
එළකිරියන් හිතනව ඇති මේ මොන 'සු'යන්නක්ද කියල. යකෝ අපි සිoහල නෙවැ. අපිට ආයෙත් මොන හිoගලක් උගන්නන්න හදනවද කියලත් බලනව ඇති. සමහර විට ඔයාල බොහොම දෙනෙක් මේ වැරදි නොකරනවා වෙන්න පුළුවන්. මම මේ ලිපිය එළකිරියන් එක්ක බෙදාහදාගන්න හිතුවෙ මේක කියවලා මම කරන වැරදි ගොන්න තේරුම් ගත්තහමයි. අඩුපාඩු ඇතොත් සමාවෙලා කියලා දෙන්න කියලා ඉල්ලනව.
නිතරම කරදර වෙන දෙයක්නෙ න, ණ, ළ, ල, ශ, ෂ, භාවිත කරන්නෙ කොහොමද කියල. හැම දෙනාගෙම දැන ගැනීම සඳහා, මම සකස් කළ සටහනක් දානව. බලන්නකො ප්‍රයෝජනවත් වේවිද කියල.
අක්ෂර වින්‍යාසය....
සිංහල භාෂාව ඓතිහාසිකව නිර්මාණය හා වර්ධනය වීමේදී නොයෙකුත් භාෂාවන්ගේ ආභාසය ලබාගෙන ඇත. එනිසා, තත්සම(වෙනත් බසකින් ඒ අයුරින්ම ගත් වචන) , තත්භව(වෙනත් බසකින් ගත් වචන වලින් අපේ ඌරුවට සකසාගත් වචන) සහ නිෂ්පන්න( බස තුළම උපන් වචන) වචන බසට එකතු වී ඇත. මේ හේතුවෙන් අක්ෂර වින්‍යාසය තරමක් සංකීර්ණ වී ඇත. නමුත් නිවැරදි අවබෝධය ලබා ගැනීමෙන් ඒ පිළිබඳ සංකීර්ණතාවය මගහරවාගත හැකිය.
1. මූර්ධජ "ණ " යෙදෙන ආකාරය.
"ර" යන්නට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ
ස්වර්ණ , රණවීර, ව්‍යාකරණ, කරුණ
රකාරාංශයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.
මන්ත්‍රණ , ශ්‍රේණිය, ප්‍රාණවත්
ඍ කාරයට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.
ඍණ, තෘණ
ට, ඩ, ඨ, යන අකුරු වලට පෙර යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.
මූර්ධජ "ෂ" ට පසුව යෙදෙන "න" යන්න මූර්ධජ ණ වේ.
පරීක්ෂණ, නිරීක්ෂණ , පාෂාණ, විෂ්ණු
එසේම ගෞරවාර්තයේ යෙදෙන ආණ, අණු , අණි යන ප්‍රත්‍ය වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ.
පියාණ, පුතණු, දියණි
අතීත ක්‍රියා නැතහොත් කෘදන්ත වල යෙදෙන නයන්න මූර්ධජ ණ වේ.
බැලිණි , හැඟුණේය, වැටුණෝය.
2. දන්තජ නයන්න යෙදෙන ආකාරය
රකාරයට පසුව ක්‍රියා පදයකදී යෙදෙන නයන්න දන්තජ න වේ
සරන, දරන, මරන , වරන
තාලුජ ශ ට පසුව යෙදෙන නයන්න දන්තජ වේ.
දර්ශන, විදර්ශන, විමර්ශන, ප්‍රකාශන,
3. මූර්දජ ළ යෙදෙන ආකාරය
මූර්දජ ළ යන්නෙන් පටන්ගන්න පද කීපයක් සිංහල භාෂාවේ ඇත.
ළඟ, ළඳ , ළය, ළදරුවා,ළැම, ළැහැබ, ළිප, ළිඳ
රකාරයකින් අවසන් වන ක්‍රියාපද වල අතීත් ක්‍රියා පදයේ යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.
සංඤක ඟ, ඳ, ඹ අක්ංඅරවල මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.
පිළිබිඹු, පිළිවෙළ, පිළියෙල, පිළිබඳ, පිළිසඳර
සිංහලයේ ලයනි දෙකක් එක තැන යෙදෙන විට මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.
වළලු, පළල, උළෙල, අළලන.
4. මූර්ධජ ෂ යෙදෙන ආකාරය.
ට, ඨ, ක, ප, ඵ, ණ යන අකුරු වලට පෙර යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ.
පරීක්ෂණ , නිරීක්ෂණ, පරීක්ෂාව, ලක්ෂණ
5. තාලුජ ශ යෙදෙන ආකාරය
තාලුජ ශ වලින් පටන් ගන්නා වචන කීපයක් සිංහලේ ඇත.
ශරීරය, ශතවර්ශය, ශක්‍ය, ශුද්ධ, ශක්‍රයා, ශක,ශල්‍ය
චයන්නට ඉදිරියෙන් යෙදෙන සයන්න තාලුජ ශ වේ.
නිශ්චල, පශ්චිම, නිශාචට, විනිශ්චය.
වයන්නට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ.
විශ්වය, විශ්වාසය,ආශ්වාස
තාලුජ ශ ට පෙර යෙදෙන ස යන්න තාලුජ ශ වේ.
නිශ්ශබ්ද, නිශ්ශංක, දුශ්ශීල,
තාලුජ ශ සහ මූර්දජ ෂ එක තැන යෙදෙන විට මුලින් යෙදෙන සයන්න තාඅලුජ ශ වේ.
ශිෂ්‍ය, ශේෂය, ශිෂ්ට, විශේෂ.
තාලුජ ශ සහ දන්තජ ස එක තැන යෙදෙනවිට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ
ශාසනය, ශාස්ත්‍රය, අනුශාසනය.

- ට - ඝණ්ටාරය
- ඩ - දණ්ඩ
- ඨ - කණ්ඨජ

- කර - කළේය
- වපුර - වපුළේය
- මතුර - මතුළේය
- විචාර - විචාළේය
සංඤක ඟ, ඳ, ඹ අක්ංඅරවල මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.
- ඟ - ළඟ
- ඳ - ළඳ
- ඹ - ළඹය
පිළිබිඹු, පිළිවෙළ, පිළියෙල, පිළිබඳ, පිළිසඳර
සිංහලයේ ලයනි දෙකක් එක තැන යෙදෙන විට මුලින් යෙදෙන ලයන්න මූර්ධජ ළ වේ.
වළලු, පළල, උළෙල, අළලන.
4. මූර්ධජ ෂ යෙදෙන ආකාරය.
ට, ඨ, ක, ප, ඵ, ණ යන අකුරු වලට පෙර යෙදෙන සයන්න මූර්ධජ “ෂ” වේ.
- ට - ශිෂ්ට , න්‍යෂ්ටික
- ඨ - කනිෂ්ඨ, ශ්‍රේෂ්ඨ, අධිෂ්ඨානය.
- ක - දුෂ්කර, නිෂ්ක්‍රීය
- ප - නිෂ්පාදන , නිෂ්ප්‍රභ, නිෂ්පත්තිය
- ඵ - නිෂ්ඵල
- ණ - උෂ්ණ, තෘෂ්ණාව, නිරීක්ෂණ
පරීක්ෂණ , නිරීක්ෂණ, පරීක්ෂාව, ලක්ෂණ
5. තාලුජ ශ යෙදෙන ආකාරය
තාලුජ ශ වලින් පටන් ගන්නා වචන කීපයක් සිංහලේ ඇත.
ශරීරය, ශතවර්ශය, ශක්‍ය, ශුද්ධ, ශක්‍රයා, ශක,ශල්‍ය
චයන්නට ඉදිරියෙන් යෙදෙන සයන්න තාලුජ ශ වේ.
නිශ්චල, පශ්චිම, නිශාචට, විනිශ්චය.
වයන්නට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ.
විශ්වය, විශ්වාසය,ආශ්වාස
තාලුජ ශ ට පෙර යෙදෙන ස යන්න තාලුජ ශ වේ.
නිශ්ශබ්ද, නිශ්ශංක, දුශ්ශීල,
තාලුජ ශ සහ මූර්දජ ෂ එක තැන යෙදෙන විට මුලින් යෙදෙන සයන්න තාඅලුජ ශ වේ.
ශිෂ්‍ය, ශේෂය, ශිෂ්ට, විශේෂ.
තාලුජ ශ සහ දන්තජ ස එක තැන යෙදෙනවිට මුලින් යෙදෙන සයන්න තාලුජ ශ වේ
ශාසනය, ශාස්ත්‍රය, අනුශාසනය.
හෙළ බස සිංහල - සුරංග මුදියන්සේ.
සැක තැන්, වැරදි ඇතොත් සාකච්ඡා කොට විසඳානිමු
Last edited: