නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!!

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!!

    ගුඩ් මොර්නින්ග් ....ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ලොකු පිබිදීමක් අවා.එත් අලුත් බදු වැඩි කිරිල්ලත් එක්ක එක පොඩ්ඩක් අඩු උනා .ඉතින් කෙසේ හෝ මම දැන් කියන්න යන්නේ ලිෆ් එක ගැන මගේ අත්දැකීම්...ඇත්තම වාහනේ මගේ අයියගේ..මගේ ගාව තියෙන්නේ වෙන එකක් ...:)



    2014-Nissan-Leaf-C.jpg


    මොඩෙල් එක - NISSAN Leaf 2014 S
    ගත්තේ - 32 laks වලට ..2015 නොවෙම්බර්



    වාහනේ ගත්තම මචන් පට්ට.සැප පහසුව හොදටම තියෙනවා.හොදට ඉඩ තියෙනවා..controlling පට්ටම ලේසි.පෙට්‍රල් වාහන වගේ නෙවෙයි.හිටු ගාලා කැපෙනවා , බ්රේක් වදිනවා ..ස්පීඩ් යනවා දැනෙන්නේවත් නෑ..සද්දයක් ඇත්තෙම නෑ ..ටයර් වල සද්දේ විතරයි..:)

    මේකේ බැටරිය චාර්ජ් වෙන්න ගෙදර කරන්ට් එකෙන් පැය 4.5 වගේ යන්නේ..චාර්ජින් පොඉන්ට් වලින් නම් 20 min වලින් ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්..unit එකක් රු 50 වෙනවා.සාමාන්යෙන් වාහනය ෆුල් චාර්ජ් වෙන්න unit 20ක් යනවා ..2014 S මොඩෙල් එකේ එක චාර්ජ් එකකින් 165KM යන්න පුළුවන්...අපි දැනට 137ක් ගියා එක චාර්ජ් එකෙන් ..AC දාගෙන .එකත් කදුකර පැත්තට..සම්පුර්ණ ගමන 260KM වගේ.ගෙදරින් චාර්ජ් කරන්න unit 20*2 = 40 ගියා නම් වියදම 40*30 = රු 1200/=....එතකොට 1 km රු 0.22 තමයි ගිහිල්ලා තියෙන්නේ..

    මේකේ යනකොට බෙරෙක් ගහනකොට චාර්ජ් වෙනවා.නතර වෙන්නම නෙවෙයි,සාමන්යෙන් ටිකක් තදට වදිනකොට චාර්ජ් වෙනවා හොදටම..අපි මේ සතියේ ගමනක් ගියා.යනකොට indicator එකේ 5KM වගේ අඩු උනා..එත් එනකොට තව 7KM වගේ වැඩි උනා ..එත් මේකේ බැටරිය බෙරෙක් ගහනකොට චාර්ජ් වෙන්නේ සම්පුර්න බලයෙන්ම නෙවෙයි.35% වගේ චාර්ජ් එකක් තමයි අපහු ගන්න පුළුවන් කියලා කියන්නේ ...වාහනයේ ඉද ගත්තම පොඩ්ඩක් උසයි.ලගම පෙන්නේ නෑ.යට වදින්නේත් නෑ හයිබ්‍රිඩ් වල වගේ.වාහනේ ටිකක් උසයි.ගල් තියෙන අතුරු මාර්ගයක ගියා අව්ලක් උනේ නෑ ...

    SL model එකේ නම් ලිෆ් app එකක් එනවා කාර් එක එක්ක sync කරන්න..( මේක hack කරලා තිබ්බා )..තව පොඩි පොඩි වැඩ කෑලි එනවා...fog light , multifunction wheel එක වගේ ..

    අඩුපාඩු

    - දුර ගමනක් යන්න බැරි එක (එත් චාර්ජින් පොඉන්ට් තියෙන තැන බලලා සැලසුම් කරලා යනවා නම් අව්ලක් නෑ )
    - ලොකු කන්දක යනකොට බැටරිය බහිනවා වැඩි.ලොකු කන්කද නතර කරලා ලොකු බලයකින් pickup කරනකොට බලාගෙන ඉදිද්දී බැටරිය බහිනවා.
    - එකපාරට pickup කරනකොටත් බැටරිය බහිනවා.කියන්නේ නම් හෙමිට වේගය වැඩි කරන්න කියලා .
    - සාමාන්‍ය හොදම වේගය යන්න 30-60 අතර..හයිවේ යන්න සුදුසු නෑ .බැටරිය බහිනවා
    - චාර්ජ් කරන්න වෙනම extension code එකක් හදාගෙන තියාගන්න ඕනි.ගෙදරකින් චාර්ජ් කරගන්න ලේසි එතකොට .
    - අවු 4-5 ගියාට පස්සේ බැටරිය මාරු කරන්න වෙනවා ( එක නම් හයිබ්‍රිඩ් වලටත් පොදුයිනේ )
    - චර්ජින් පොඉන්ට් වලින් හැමදාම චාර්ජ් කරන්න හොද නෑ බැටරිය සවුත්තු වෙනවා.( ෆෝන් වගේ තමයි )

    මගේ දැනුම හැටියට නිසාන් ලිෆ් එක ජපානයේ වෙලදපොලේ ටොයෝටා ඇක්වා සහා ප්‍රියුස් එකට වඩා මිල වැඩි.ලංකාවේ tax එක වදින්නේ ලක්ෂ 2 ද කොහෙද..ඒ නිසා ලංකාවේ අනිත් වාහන වලට වඩා මිල අඩුයි.
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    umbata thiyenne meka witarada? dura gamanak yaddi meke yanna be ne ban. langa ganam walatanam patta..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,932
    8,711
    113
    In Your Heart
    mage eke AC wala saddayak kiyala mama baya wela thread ekekuth damma ban . passe danne eka normal kiyala. masa 8 k wenawa wahane aran kisima ledak na :nerd: machan dan leaf eka gennan na tax eka 50% eth sale wala thiyena wahana thama minissu gannawa.. aruma puduma lankawe thamai loku tax ekak gahanne EV walata . Siri lankawa ne monatada tax naththe thawa tiken ahawal ekatath tax ekak gahai :lol::lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    umbata thiyenne meka witarada? dura gamanak yaddi meke yanna be ne ban. langa ganam walatanam patta..

    නෑ ..පෙට්‍රල් කාර් එකක් තියෙනවා මට...ලිෆ් එක තියෙන්නේ අයියට බන්
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    ඕක කුණ්ඩ වාලයක් බන්

    ඕක හොඳයි සල්ලි තියන ගෙදර වාහන දෙකක් වගේ තියන පොරක් ට.. අයි ඉතින් ඔකේ හෙන දුර යන් බැහැ නේ බන් ... හදිස්සියට යන්නත් බැහැ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo

    - සාමාන්‍ය හොදම වේගය යන්න 30-60 අතර..හයිවේ යන්න සුදුසු නෑ .බැටරිය බහිනවා


    හයිවේ යන්න බැරි වාහනයක් මොකටද බන් :lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mage eke AC wala saddayak kiyala mama baya wela thread ekekuth damma ban . passe danne eka normal kiyala. masa 8 k wenawa wahane aran kisima ledak na :nerd: machan dan leaf eka gennan na tax eka 50% eth sale wala thiyena wahana thama minissu gannawa.. aruma puduma lankawe thamai loku tax ekak gahanne EV walata . Siri lankawa ne monatada tax naththe thawa tiken ahawal ekatath tax ekak gahai :lol::lol::lol:

    ඔය tax ප්‍රශ්නේ බන් වාහන ආනයන සමාගම් වලින් එන එකක්..මොකද ලංකාවේ ලක්ෂ 25-30 අතර brandnew ගන්න ජපන් වහනයක් නෑ .තියෙන්නේ ඉන්දියන් ජරාව...ඉතින් ලිෆ් එක ලක්ෂ 25-35 අතර යනකොට මිනිස්සු එකට ගියා...කලින් මිල වැඩි වෙන්න කලින් පුදුම විධිහට ලිෆ් එක ජනප්රියා උනා ..අනිත් වාහන ගෙන සමාගම් වලින් විරෝධයක් අවා මේකට( ඇක්වා , ප්‍රියස් ගෙන අය )..මොකද උන්ට tax වදිනවා ලොකුවට..මේකට ලක්ෂ 2යි වදින්නේ...මම නම් කියන්නේ දුර ගමන් හැමදාම යන්නේ නැති අයට නම් සුපිරි වහනයක්
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    obe calculation eka waradi, (40*30 = රු 1200/=)
    unit ekata fixed price ekak na


    මම සාමාන්‍ය මිලකට හැදුවේ බන් අදහසක් ගන්න...නැත්තන් විදුලි බල මණ්ඩලයෙන් වෙනම සම්බන්ධතාවයක් ගන්න පුළුවන් උනිට් 300 ද කොහෙද fixed price එකට...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හයිවේ යන්න බැරි වාහනයක් මොකටද බන් :lol:

    හයිවේ යන්න පුළුවන් බන්..එත් 100 වගේ යනකොට මෝටරයට යන විදුලිය වැඩි නිසා බැටරිය බහිනවා සාපේක්ෂව වැඩි...
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Electricc tax wadiune ne ne.

    ube thiyenne AZEO model eka. eka max 160 wage karanawa.

    dan main town hama ekakama charging points thiyenawa. thawa expand wenawa ( green frontiers / spark / veefill / CEB )

    aurudu 5n battery nam aul wenava. wena maintanance ne.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Electricc tax wadiune ne ne.

    ube thiyenne AZEO model eka. eka max 160 wage karanawa.

    dan main town hama ekakama charging points thiyenawa. thawa expand wenawa ( green frontiers / spark / veefill / CEB )

    aurudu 5n battery nam aul wenava. wena maintanance ne.

    ow...260KM da koheda yanna puluwan ekakuth thiyenawa...