නීතිඥවරයාගේ රිය අනතුර

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
නීතිඥවරයාගේ රිය අනතුර

නීතිඥවරයාගේ රිය අනතුර


අලුත් කාරයක් මිලදී ගත් නීතිඥවරයෙක් එය තම මිතුරන්ට පෙන්නා උදම් ඇනීමේ දැඩි ආශාවකින් පෙළෙමින් සිටියේය. දිනෙක ඔහු කාරය මහමග නතර කරගෙන සිටියදී වේගයෙන් පැමිණි ලොරියක් රියැදුරු අසුන පැත්තේ ඔහු සිටගෙන සිටිද්දී දොරත් කඩාගෙන ගියේය.

“අයියෝ...!” යනුවෙන් ඔහු කෑගැසුවේ කොතරම් දක්‍ෂ මෙකැනික්වරයකුට වුවද දොර තිබූ පරිදිම යළි සවිකිරීමට නොහැකි බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාවෙනි. මේ අතර පොලිස් භටයෙක් එහි පැමිණෙනු දුටු නීතිඥවරයා ඔහු වෙත දිව ගොස් මෙසේ කීවේය. “මගේ ජගුවර් කාරයේ දොර කව්දෝ මෝඩ රියදුරෙක් මේ දැන් කැඩුවා!”
“ඔබ නීතිඥයෙක් නේද?” පොලිස් භටයා ඇසුවේය.
“ඔව්, මම නීතිඥයෙක් තමයි. නමුත් ඒකෙයි මගේ් කාර් එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද?” නීතිඥවරයා පිළිතුරු දුන්නේ ය.
එවිට පොලිස් භටයා මෙසේ කීවේය. “නීතිඥවරු හැම තිස්සෙම තමන්ගේ බඩු භාණ්ඩ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඔට්ටුයි ඔබ තවම දන්නේ නැහැ ඔබේ වම් අත නැති වෙලා කියලා. එහෙම නේද?”
නීතිඥවරයා ඔහුගේ වම් පැත්ත බලා මෙසේ මොර දුන්නේ ය.
“අයියෝ! මගේ රොලෙක්ස් ඔරලෝසුව.”



:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................