නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම දිනය
නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව තමයි අද දිනය.
මාධ්‍ය වාර්තා කළ ආකාරයට අද දින අගමැතිතුමා බැඳුම්කර කොමිසම ඉදිරියට ගියාම හරස් ප්‍රශ්න ඇහුව්වේ නීතිපතිලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයි. එහෙම නම් අගමැතිතුමාට විතරක් විශේෂ වරප්‍රසාදයක් ඇයි? ඒ විතරක් නොවේ අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ අගමැතිතුමාම විශේෂයෙන් සලකා නීතිපති තනතුරට පත් කළ පුද්ගලයා.
මේක නිකන් හොරාගේ ගෝලයාගෙන් පේන අහනවා වගේ වැඩක්.
බැඳුම්කර කොමිසමේ මෙතෙක් හරස් ප්‍රශ්න ඇහුව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා.
එතුමා බොරු කියන සාක්ෂිකරුවන් නිරුවත් කළ දක්ෂ ආකාරය අපි ඇස් දෙකට දැක්කා. ඒ නිසා හොරුන් ලිවේරාට බයයි. අපි පුංචි කාලයේ ජී ටී ලිවේරා කියලා දක්ෂ කරාටේ ශූරයෙක් හිටියා. එයාට හැමෝම බයයි. ඒ වගේම දප්පුල ලිවේරාගේ තියුණු ප්‍රශ්න කිරීම් වලට හොරුන් හරිම බයයි.
අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දප්පුල ලිවේරා වෙනුවට නීතිපතිතුමා ආවාම මට රසවත් සිද්ධියක් මතු වුණා. මගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. පුංචි පුතුට බැට් කරන්න අවස්ථාව ලැබුණාම “මට බැට් කරන්න බෑ අයියා හයියෙන් බෝලේ එවනවා කියලා නාහෙන් අඬනවා. ඒ වෙලාවට මම “බය වෙන්න එපා පුතේ. ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි කියලා එයාට බැට් කරන්න ගෙන්නා ගන්නවා“. දප්පුල ලිවේරා වෙනුවට හරස් ප්‍රශ්න අහන්න නීතිපති පැමිණීමත් අන්න ඒ වගේ වැඩක්....
Udaya Gammanpila.