පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවතින කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රවලට නායකත්වය දීමට වන්නිආරච්චි මහත්මියට හැකියාවක් නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පිළිගැනීම වී තිබෙනවා.
ඒ අනුව ඉතා නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊට සුදුස්සා දැනට සිටින කැබිනට් මණ්ඩලය තුළින්ම තෝරා ගැනීමට නියමිත බව ප්‍රකාශ වන අතර වෛද්‍යවරයකු වන රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද වන්නියාරච්චි මහත්මියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බව ප්‍රකාශ වුවද එය ඒ අවස්ථාවේ සිදු වූයේ නැහැ.
වාර්තා වන තොරතුරු වලට අනුව වන්නිආරච්චි මහත්මියට රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයද හිමි නොවන අතර වෙනත් අමාත්‍ය ධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
බොහෝ විට එය විදුලිබල අමාත්‍ය ධුරය විය හැකි බවයි ප්‍රකාශ වන්නේ.