නුවරඑළියේ වෙළඳසැල් 10 වසයි
පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් හැටන් නගරයේ වෙළඳසැල් 10ක් වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පවසයි.
පසුගිය 27 වැනිදා වෙළඳසැල් පිටුපස පිහිටි පස් කන්දක් කඩා වැටී සිව් හැවිරිදි දැරියක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබුණි.
ඒ සම්බන්ධයෙන් පතල් හා භූවිද්‍යා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවෙන් අනතුරුව අදාළ වෙළඳසැල් වසා දැමීමට පියවර ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
වෙළඳසැල් ඉදිකිරීමට පෙර පැතිබැම්මක් සකස් කර එම වෙළඳසැල් ඉදිකිරීම සඳහා පතල් හා භූවිද්‍යා කාර්යාංශය මගින් අනුමැතිය ලබාදී තිබුණ ද එම පැති බැම්ම සකස් නොකර අවිධිමත් ආකාරයෙන් වෙළඳසැල් ඉදිකිරීම හේතුවෙන් මෙම ආපදාවන් ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් භූ විද්‍යාඥ නුවන් අමරතුංග මහතා පැවසුවේය.
හැටන් නගරයේ නායයෑම් සහ පස්කඳු කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති ස්ථානවල පවතින ඉදිකිරීම් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ඉදිරියේ දී පරික්ෂාවට ලක් කරන බව ද නුවන් අමරතුංග මහතා වැඩිදුරටත් පවසන ලදී.
අදදෙරන
අවදානමෙන් මිදෙන්න නුවරඑළියේ වෙළඳසැල් 10 වසයි