නුවර - කතරගම අතර ධාවනය වන මහනුවර දකුණ ඩිපෝවේ C.T.B. බස් එකක් තියනනවා. උදේ 6.00 ට නුවරින් පිටත් වෙනවා වගේ මතක. වෙලාව වෙනස් වෙලාද දන්නේ නෑ. තව Semiයක් හවස 6.00 ට හෝ 7.00 ට අදිනවා. තව මාතලේ - කතරගම බස් එකකුත් අදිනවා. වේලාව නම් දන්නේ නෑ
ගමන්මාර්ගය නම් මතක විදියට නුවර - පේරාදෙණිය - නුවරඑළිය - වැළිමඩ - ඇල්ල - වැල්ලවාය - බුත්තල - කතරගම.
බස් කීපයක යනවා නම් හොදම විසදුම නුවර - ඇඹිලිපිටිය බස් එකක ගිහින් කතරගම බස් එකක් ගන්න එක. යාපනය - කතරගම Semiයක් තියනවා මේ පාරෙන්ම යන. දවසක් රැ 11.30 ට විතර ගොකරැල්ලෙන් යනවා දැක්කා. ඒ බස් එය ගලිගමුවට එන වෙලාව හොයා ගන්න පුඵවන් නම් නුවරින් ගලිගමුවට ඇවිත් එකේ යන්න පුඵවන්.
නැත්නම් කඩවතට ඇවිත් හයි-වේ එකෙන් මාතරට ගිහින් එතනින් කතරගම බස් එකක් ගන්න. මේකට නම් ඉතින් හොද වටයක් ගහන්න වෙනවා. හම්බන්තොට හරහා තමයි යන්න වෙන්නේ.
කෙටිම මාර්ගය තමයි නුවරින් මහියංගණය හරහා මොණරාගලට ගිහින් එතනින් කතරගමට යන එක. බස් තියන වේලාවන් නම් ෂුවර් නෑ. මහියංගණයෙන් කෙලින්ම කතරගම බස් කීපයක් යනවා වෙන්න ඕනේ ත්‍රිකුණාමළය - කතරගම / අනුරාධපුරය - කතරගම වගේ දුර බස් සේවාවනුත් මම දන්න විදියට මහියංගණය - මොණරාගල හරහා තමයි දුවන්නේ.