නුවර පෙරහැරේ අලි හැඩ කරන්නාගේ වතගොත
නුවර පෙරහැරේ අලි හැඩ කරන්නාගේ වතගොත
සටහන සහ ඡායාරූප
සුජාතා ජයරත්න
දෙස් විදෙස් සුපතළ ඓතිහාසික ශ්‍රී දළදා රන්දෝලි මහා පෙරහැර මෙම 17 වැනි පුන්පොහෝ දින සෙංකඩගල පුරවරයේදී පැවැත්වේ. ශ්‍රී දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩම කරවන හස්තිරාජයා කෙරෙහි කාගේත් අවධානය යොමු වන්නේ එම හස්තියා සරසා ඇති ඇඳුම් ආයිත්තම් සහ හස්තිරාජයාගේ ප්රෙෘඨත්වය නිසාය. කාලයක් මුළුල්ලේ මෙම දළදා කරඬුව වැඩම කරවන මංගල හස්තිරාජයා ඇතුළු සෙසු හස්තීන්ගේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය පිළිබඳව තොරතුරු සොයා ඉකුත් සතියේ අපි සෙංකඩගල පුරවරයට ගියෙමු.
ඇත්තටම මේ අලි ඇඳුම් නිර්මාණකරණය පිළිබඳව ඇත්තේ අපූරු කතාවකි. මේ ඒ කතාවයි.
මෙම අලි ඇඳුම් නිර්මාණකරණයෙහි යෙදී සිටින්නේ බොදුනුවකු නම් නොවේ. ඔහු හින්දු ජාතික මවකට හා පියෙකුට දාව මහනුවරදී උපත ලද ක්රිෂ්වන් තදානි (78) මහතාය. මාලිගාවේ අලි ඇතුන් සඳහා තමන් සිදු කරන මෙම භාරධූර කටයුත්ත පිළිබඳව අදහස් දැක් වූ ඒ මහතා.
මට වයස අවුරුදු 13 දී තමයි මාලිගාවේ සේවය සඳහා යොමුවන්නේ. මගේ පියා මහනුවර ප්‍රදේශයේ මැහුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරත වෙලයි හිටියේ. ඉතින් මටත් අවස්ථාව ලැබුණා, ඒ ව්‍යාපාරයේ වැඩවලට උදව් වෙන්න. ඒ අතරවාරෙදි මම දවසක් දැක්කා, වසරක් පාසා පවත්වන දළදා පෙරහැර මංගල්‍යයේ පෙරහැරේ යන ඇත්රාජයාගේ පිටට සැරසිලි කරන ලද රෙද්දක් එලලා ලණුවලින් බැඳලා තියෙනවා. ඉතින් මේ හස්තියා මේ ලණු නිසා බෙහෝම අමාරුවෙන් තමයි ගමන් කළේ. ඒක දැක්කට පස්සේ මට හිතුණා හස්තියාට කරදරයක් නොවන ආකාරයට ඇඳුමක් නිර්මාණය කරන්න. මේ වන විට මමත් ටේලරින් වැඩ ඉගෙන ගෙනයි තිබුණේ. ඒ අනුව මම 1965 අවුරුද්දේ ලැමා කියන ටිෂූ රෙද්ද අරගෙන ඒක වටේට මහලා එම්බෝස් කරලා පුළුන් යොදලා ලංකාවෙන් අමුද්‍රව්‍ය හොයාගෙන ලස්සනට ඇඳුම නිර්මාණය කළා. සමහර අය පුදුම වුණා. මේ ලස්සන ඇඳුම දැකලා. ඒ වගේම තවත් වාසනාවක් මට උදාවුණා. ඒ තමයි, මල්වතු මහා විහාරයේ ස්වාමින්වහන්සේලා ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා. එය මගේ මෙම නිර්මාණයට මහත් රුකුලක් වුණා. ඒ වගේම බෞද්ධාගම අදහන්නන් සිංහල හොඳට ඉගෙන ගන්නත් අවස්ථාව උදා වුණා. මගේ අම්ම තාත්තා දෙන්න හොඳ හින්දු භක්තිකයෝ. මම හාමුදුරුවරු ඇසුරු කළාට ඒ අය විරුද්ධ වුණේ නැහැ.
ඒ වගේම මුලින්ම මම කළේ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන අලි ඇඳුමට ගැළපෙන බ්ලොක් එකක් හදාගෙන ඩමි එකක් හදලා අලියෙකුගේ පිටේ තියලා බැලුවා. ඒ වැඩේ ඉතාමත් සාර්ථක වුණා. මගේ තාත්තා කළේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරය නිසා මගේ වැඩෙත් ඒ හරහා කරගන්න හැකි වුණා. අලි ඇඳුම අපේ පවුලේ පරිත්‍යාගයක් ලෙස දළදා මාලිගාවට පූජා කළා. ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවන හස්තියාට අන්දවන්නයි ඒ පරිත්‍යාගය කළේ. එදා සිටම මේ දක්වා මෙම පරිත්‍යාගය වසරක් පාසා කරගෙන යනවා. මෙම අවුරුදු 45 ක් තිස්සේ මෙය මහා පුණ්‍යකර්මයක් ලෙස සලකා මාලිගාවට පරිත්‍යාග කරන්නේ ඉතාමත්ම බුද්ධාලම්භන ප්රීතියකිනි.
මෙම අලි ඇඳුම් නිර්මාණය කරන්න. රෙදි මීටර් කීයක් අවශ්‍ය වෙනවද? හස්තියාගේ ප්‍රමාණය අනුව රෙදි සොයන්න වෙනවා.
වෙල්වට් 22, ෙµdම් රබර් 22, එක්ක සේරම රෙදි යාර 66 ක් අවශ්‍ය වෙනවා.
කොපමණ අලි ඇඳුම් ප්‍රමාණයක් මේ වන විට නිර්මාණය කරලා තිබෙනවාද?
එය නම් කීමට අපහසුයි. මාලිගාවේ පමණක් නෙමෙයි රත්නපුර සමන් දේවාලය, කතරගම දේවාලය, ආදී දේවාලවල, පන්සල්වල පෙරහැරවලට ගොඩක් ඇඳුම් නිර්මාණය කරනවා. ඒ වගේම එක ඇඳුමක් නිර්මාණය කරලා ඉවරවෙන විට ලක්ෂ එකහමාරක් පමණ වැය වෙනවා.
ඔබෙන් පසු මේ ව්‍යාපාරය සඳහා යොමු වන්නේ කවුද?
බොහෝ විට මගේ ලේලිය මේ සඳහා යොමුවේවි කියලා මා විශ්වාස කරනවා. ඇය ගුරුවරියක්. ඇය මේ කලාවට බොහෝම ළැදිකමක් දක්වනවා. නමුත් මට හරියටම කියන්න අමාරුයි එයා මොන තීරණයක් ගනීවිද කියලා.
ඔබගේ බිරිඳත් මේ කටයුත්තට දායක වෙනවාද?
එයා බොහොම කැමැතියි මේ ව්‍යාපාරයට මාව දිරිමත් කරමින් නිරන්තරයෙන් මා ළඟ සිටිනවා. නමුත් එයා සෘජුවම මෙයට සහභාගි වන්නේ නැහැ.
දහස් සංඛ්‍යාත නරඹන්නන්ගේ නෙත් සිත් සනසවමින් මෙවරද ගම්පහ නැදුන්ගමුවේ රාජා හස්තියා තදානි මහතා විසින් නිර්මාණය කරන ලද අලි ඇඳුමෙන් සැරසී මෙම රන්දෝලි මහා පෙරහැරේ ප්රතාපවත් ලෙස ගමන් කරනු ඇත.
http://www.divaina.com/2016/08/14/feature12.html