නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්


    නූඩ්ල්ස් කිව්වම අපිට මතක් වෙන එකම දේ එළවළු බිත්තර දාලා තෙම්පරාදු කරපු නූඩ්ල්ස් එකක්. මස් හෝ බිත්තර කරියක් එක්ක කන මේ නූඩ්ල්ස් වලින් අපිට වෙන මුකුත් හදන්න බැරිද? පුළුවන්, අනිවා අපි අද අරගෙන ආවේ හැමදාම තෙම්පරාදු කරල කන නූඩ්ල්ස් වලින් වඩා රසවත් වගේම වෙනස්ම ආකාරයේ කෑම වර්ග 5ක් හදාගන්න හැටි. මේ සෑම රෙසපි එකකටම ඔබට කැමති නූඩ්ල්ස් වර්ගයක් යොදාගන්න පුළුවන්. ස්පැගටි වුනත් භාවිතා කරන්න පුළුවන්.

    නූඩ්ල්ස් වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? කියවලම බලන්නකො මේ රස වෑහෙන රෙසිපි ටික.




    1. Chicken Noodle soup :rofl::rofl::rofl:



    Noodles-recipes-aniwa-01.jpg







    Source – taste.com.au
    අවශ්‍ය ද්‍රව්‍ය
    කටු සහිත කුකුළු මස් 500
    කොටු කපාගත් කැරට් ගෙඩියක්
    ලොකුවට කපාගත් ළූණු ගෙඩියක්
    සුදු ළූණු බිකක්
    කොල ඉවත් කරගත් සැලරි ඉත්තක් (සැල්දිරි.)
    බේ ලීෆ් 1
    තම්බාගත් නූඩ්ල්ස් 200
    චොප් කරගත් පාස්ලි
    ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    ඉඟුරු කැබැල්ලක්


    චිකන් සෝදා තරමක කැබලි කපාගන්න. එය භාජනයකට දමා එයට ළූණු, කැරට්, සැලරි, සුදු ළූණු, ඉඟුරු , ලුණු එක් කර වතුර ලීටර් 1 1\2ක් පමණ එක් කර අඩුම ගින්දරේ පැයක් පමණ ඉදෙන්න හරින්න.
    එය නිවුනු පසු චිකන් කැබලි ටික ගෙන එහි මස් පමණක් ඉවත් වෙනම ගලවා ගෙන කටු ඉවත් කරගන්න. චිකන් තැම්බූ වතුර පෙරා එළවලු ටික ඉවත් කරගන්න.
    චිකන් තැබුනු වතුරට ගලවාගත් චිකන් ටික, නූඩ්ල්ස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර නැවත රත් කරගන්න.
    චොප් කරගත් පාස්ලි උඩින් ඉස පිළිගන්වන්න.


    2. Noodles Muffins :):):):):)



    Noodles-recipes-aniwa-02.jpg





    Source – simplemost.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බාගත් නූඩ්ල්ස්
    මොසරැල්ලා චීස්
    තම්බාගත් ග්‍රීන් පීස් කප්
    චොප් කරගත් අමු මිරිස්
    ගම්මිරිස් කුඩු
    තම්බා අඹරාගත් මස් (ඔබ කැමති මස් වර්ගයක්)
    රස අනුව ලුනු
    දෙහි යුශ ස්වල්පයක්
    සෝයා සෝස් මේස හැන්දක්
    තක්කලි සෝස්
    බිත්තර 2


    නූඩ්ල්ස් සහ චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
    තම්බාගත් නූඩ්ල්ස් මදක් පොඩි කර බටර් ගාගත් මෆින් ට්‍රේ වලට දමා ලේයර් එකක් සාදාගන්න.
    සාදාගත් මිශ්‍රනය එය මැදට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 170ට පෙර රත් කරගත් අවන් එකක් විනාඩි 10ක් 15ක් බේක් කරගන්න.

    3. Noodles Pie :lol::lol::lol::lol::lol:



    Noodles-recipes-aniwa-03.jpg




    Source – sargento.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බාගත් නූඩ්ල්ස් 200g
    බිත්තර 2
    චෙඩාර් චීස් කප් 1\3
    ක්‍රීම් චීස් කප් 1
    ගාගත් මොසරල්ලා චීස්
    බටර් මේස හැඳි 2
    අඹරාගත් මස් 400g (ඔබ කැමති මස් වර්ගයක්)
    චොප් කරගත් ළූණු ගෙඩියක්
    චොප් කරගත් මාලු මිරිස් හෝ බෙල් පෙපර් කප් 1\4
    චොප් කරගත් තක්කලි කප් 1
    තක්කලි සෝස් කප් 1\2
    ලුණු
    වියළි ඔරිගානෝ
    තලාගත් සුදු ළූණු


    අවන් එක සෙල්සියස් 175ට රත් වෙන්න තබන්න. නූඩ්ල්ස් ටිකට බිත්තර, චෙඩාර් චීස් සහ බටර් එක් කර හොඳින් මිශ්‍ර කර ස්ප්‍රින්ග් ෆෝම් තැටියක තුනී කරගන්න.
    එයට උඩින් ක්‍රීම් චීස් ටික අතුරන්න. වෙනම පෑන් එකක බටර් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු, මස් සහ බෙල් පෙපර් එක් කර මස් ටික තරමක් ඉදෙන තුරු තෙම්පරාදු කරගන්න.
    එයට තක්කලි, තක්කලි සෝස්, ඔරිගානෝ, රස අනුව ලුණු දමා මිශ්‍ර කර චීස් අතුරාගත් නූඩ්ල්ස් ඩෝ එකට උඩින් අතුරාගන්න. මෙය මිනිත්තු 30ක් කලින් රත් කරගත් අවන් එකට දමා බේක් කර එළියට ගෙන මොසරැල්ලා චීස් උඩින් දමා නැවත විනාඩි 10ක් බේක් කරගන්න.


    4. Noodles Cheese Pudding :shocked::shocked::shocked:



    Noodles-recipes-aniwa-04.jpg



    Source – eatwisconsincheese.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බාගත් නූඩ්ල්ස් 200
    බටර් කප් 1\2
    සීනි කප් 1 1\2
    කිරි කප් 1
    හෙවි ක්‍රීම් කප් 2
    වැනිලා ස්වල්පයක්
    බිත්තර 12
    ක්‍රීම් චීස් 300


    අවන් එක සෙල්සියස් 160ට රත් වෙන්න තබන්න. සියළුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර බටර් ගා ගත් තැටියක දමා පැයක් බේක් කරගන්න.
    මැදට කූරකින් ඇන බේක් වී ඇති දැයි බලා පිටතට ගෙන සීත කර පිළිගන්වන්න.


    5. Noodle Pattie :love::love::love::love::love:



    Noodles-recipes-aniwa-05.jpg




    Source – productsector.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    තම්බාගත් නූඩ්ල්ස්
    තම්බා පොඩි කරගත් අල
    චොප් කරගත් ළූණු
    චොප් කරගත් අමු මිරිස්
    ලුණු
    ගම්මිරිස්


    සියල්ල හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සාදාගන්න. හැඩය සාදාගැනීමට අවශ්‍ය තරම් අල එක් කරගන්න.
    එය අතින් පැතලි කර තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං උබ ඔවා හදලා කාලා ඔතනින් කන්න පුළුවන් එක මට පීඑම් එකක් දාන්න හොදේ දවසක් පත්තරයක් බලන් ඒකේ තියන කෑමක් හැදුවා බලු බල්ලෙක්ට කටේ තියන්නෑ ඉතින් විසික්කලා:baffled::baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං උබ ඔවා හදලා කාලා ඔතනින් කන්න පුළුවන් එක මට පීඑම් එකක් දාන්න හොදේ දවසක් පත්තරයක් බලන් ඒකේ තියන කෑමක් හැදුවා බලු බල්ලෙක්ට කටේ තියන්නෑ ඉතින් විසික්කලා:baffled::baffled:

    dwse paththare wageda bn mm kyna ewa uba bya nathuwa kapan mn blgnnm aye ekenma :lol::lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    dwse paththare wageda bn mm kyna ewa uba bya nathuwa kapan mn blgnnm aye ekenma :lol::lol::lol::lol:

    ඔන්න උබ කියන නිසා හෙට එකක් හදලා බලනවා රෑට! බලමු කන්න බැරි උනොත් බඩ ගින්නේ තමයි නිදා ගන්න වෙන්නේ:baffled::baffled: