නූතන අවිවල ආදිතමයෝ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නූතන අවිවල ආදිතමයෝ

    Hfg5HPL.jpg

    නූතන සංග්‍රාමික අවි දුටු විට ඒවාහි ඉතිහාසය මෙම ශත වර්ෂයකටත් අඩු කාලයකට දිව යන බව බොහෝදෙනාට සිතෙන දෙයකි.නමුත් සමහර අවිවල ඉතිහාසය අප සිතනවාට වඩා ඈතට දිවයයි.මෙම අවිවල නිර්මාණකරුවන් තමන් ජීවත් වූ කාලයට වඩා ඉදිරියෙන් සිතූ පුද්ගලයින් බව මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබට අවබෝධ වේවි.



    ඩ්‍රෝන් යානා පැවතගෙන එන්නේ 1940 දශකයේ පටන්ය

    tpflP5F.jpg

    පසුගිය දශක දෙකක පමණ කාලය තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක ප්‍රශ්න විසඳීමට භාවිතා කලේ ටර්මිනේටර් චිත්‍රපටවල එන මිනිමරු රොබෝවන් හා සමාන ආයුද සන්නද්ධ මිනිසුන් රහිතව ගමන් කරන ගුවන් යානාය.මේවා ප්‍රසිද්ධියට පත්වූයේ ඩ්‍රෝන් යන නමින්ය.මේවා ඇමෙරිකානු අවි සංචිතයේ තිබෙන තාක්ෂණයේ දියුණු මනාව පෙන්වන සංකේතයක් බදුය.ඔබ දෙවන ලෝක් යුද සමයේ චිත්‍රපටයක් නරඹද්දී ඩ්‍රෝන් යානා දුටුවේ නම් චිත්‍රපටයේ තිරරචකයාගේ විකාර වැඩක් යැ‍යි සිතනවා නොවනුමානය.

    ඔබ එසේ සිතුවේ නම් එහි වරද තිරරචකයාගේ නොව යුද ඉතිහාසය නොදත් ඔබගේය.මෙහි දැක්වෙන්නේ නූතන ඇමෙරිකානු ඩ්‍රෝන් යානයේ ආදිතමයාය.​

    ci3VQdc.jpg
    TDR-1​

    දෙවන ලෝක යුද සමයේ රටවල් එකිනෙකා කෙරෙහි අධි වේගයෙන් ගමන් කරන්න උණ්ඩ එල්ල කරගන්නා විට සංග්‍රාම සඳහා යොදාගත් පළමු සන්නද්ධ මිනිසුන් රහිත ගුවන් යානය නිපදවන්න ඇමෙරිකාව සමත් විය.මෙම යානය TDR-1 නමින් හැඳින්විය.1940 දශකය වන විට චන්ද්‍රිකා හෝ අනෙකුත් තාක්ෂණයන් දියුණු වී නොතිබූ නිසා මෙම ඩ්‍රෝන් ප්‍රහාරක යානය පාලනය කලේ ඒ ආසන්නයෙන් ගමන් කල තවත් යානයක හුන් නියමුවෙක් විසිනි.මෙම අරුම පුදුම ගුවන් යානයේ හැකියාව දුටු ඇමෙරිකානු නාවික හමුදාව එවැනි යානා 2000ක් සඳහා අවසර ලබාදුන්නද නිපදවන ලද්දේ 195ක් පමණි.ඒවා සියල්ල දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සටනේදී ජපනුන්ට එරෙහිව භාවිතා කරන ලදි.

    SYYL3ne.jpg
    TDR-1​

    TDR-1 යානයට ලබාදී තිබූ මෙහෙයුම වූයේ ගුවන් ගත වී ලබාදුන් ඉලක්කය වෙත ලගාවී බෝම්බ කිහිපයක් හෝ ටෝර්පිඩෝවක් හෙළීමයි.​

    EpHv0CM.jpg
    TDR-1 ඩ්‍රෝන් යානයේ යටිපස පෙනුම​

    1944 වසරේදී නාවික හමුදාවට හඳුන්වාදුන් මෙම ඩ්‍රෝන් යානය මාස කිහිපයක් තිස්සේ භාවිතා කල අතර ඒවා යොදාගෙන පැසිෆික් සාගරයේ ජපන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.මෙහෙයුම් 37 කින් 21ක්ම සාර්ථක විය.එනම් සාර්ථක වීමේ ප්‍රතිශතය 57%ක් විය.නමුත් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල නූතන ඇමෙරිකානු ඩ්‍රෝන් යානා සිදුකල ප්‍රහාරවල සාර්ථකත්වය 2%ක් බව වාර්තා වේ.කෙසේවෙතත් 1944 ඔක්තෝම්බර් මාසයේ දී ඇමෙරිකානු නාවික හමුදාව මෙම ඩ්‍රෝන් යානා යොදාගැනීම අතහැර දමන ලදි.





    රාත්‍රියේ දැකීමේ තාක්ෂණය සොයාගත්තේ දෙවන ලෝක යුද සමයේදීය

    jXANYLw.jpg

    රාත්‍රියේ දැකීමේ ඇස්පැළඳුම්/කණ්නාඩි හෙවත් Night vision goggles උපකරණ නූතන හමුදා සුලභව භාවිතා කරයි.තවද ක්‍රියාදාම චිත්‍රපටවල සහ පරිගණක ක්‍රීඩාවලද මේවා නැතුවම බැරි උපකරණ වේ.සියල්ල කොළ පැහැයෙන් නොපැහැදිලිව පෙනෙන්නේ මෙම නයිට් විෂන් උපාංග පැළඳිවිටයි.වර්තාමනයේදී මෙතරම් සුලභව භාවිතා වුවද රාත්‍රීයේ දැකීමේ තාක්ෂණය සංග්‍රාම භුමියේ භාවිතා කිරීම දෙවන ලෝකය යුද සමය තරම් පැරණිය.

    aWT2TkG.jpg

    1930 දශකයේදී නාසි ජර්මනිය විසින් පළමුවරට නයිට් විෂන් තාක්ෂණය සංග්‍රාම සඳහා සුදුසු පරිදි සංවර්ධනය කරන ලදි.මෙම උපකරණය{Solution A - Sperber FG 1250 (Sparrow Hawk)} ජර්මන් යුද ටැංකිවලට සවි කර භාවිතා කර තිබේ.ජර්මානුවන්ගේ නවතම තාක්ෂණය ගැන ඇමෙරිකා එක්සත් ජනපදයේද අවධානය යොමුවු අතර ඔවුන්ද සටන් බිමේදී යොදාගත හැකි රාත්‍රීයේ දැකීමට හැකි උපකරණයක් නිපදවන ලදි.එය Sniperscope නමින් හැඳින්වීය.Sniperscope රයිෆලයකට සවි කර තිබූ නිසා පහසුවෙන් භාවිතා කල හැකිවිය.

    dc6hizn.jpg
    ජර්මන් යුද ටැංකියකට සවිකල Solution A - Sperber FG 1250 (Sparrow Hawk) නයිට් විෂන් පද්ධතිය​

    මෙහි සවිකර තිබෙන පිරික්සුම් පහනෙන් නිකුත් වන ආලෝකය පියවි ඇසට නොපෙනේ.නමුත් රයිෆලය මුදුනේ සවිකර තිබෙන දුරදක්නය තුලින් බලද්දී අඳුර පරදා දැකීමට පුලුවනි.එකල මෙවැනි තාක්ෂණයක් තිබූ ජාතීන්ට සතුරන් සමග රාත්‍රීයේ වුවද සටන් වැදීමේ වාසිය හිමිවිය.සැබවින්ම එය සංග්‍රාම භුමියේ වෙනසක් ඇතිකල තාක්ෂණයකි.

    iDiNZ16.jpg
    ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවියක්​

    නමුත් ඇමෙරිකානු Sniperscope උපාංගය සහිත අවි 1944 වසර තෙක් සංග්‍රාම භූමියට පැමිණ තිබුණේ නැත.එහි අරුත එය සතුරන්ට එරෙහිව යොදවන්නට අවස්ථාව නොලැබුණු බව නොවේ.ඔකිනාවා සටනේදී Sniperscope සහිත අවි භාවිතා කල අතර ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඇතුලුවීමට ප්‍රයත්න දැරූ ජපනුන් මැඩලීමට ඒවා ප්‍රයෝජනවත් විය.මෙවැනි Sniperscope 500ක් පමණ ඔකිනාවා සටනේදී ඇමෙරිකානුවන් යෙදවූ අතර එම සටනේ මුල් සතියේ ජපනුන්ට සුළු අවිවලින් සිදුවූ හානියෙන් 30%කට වගකිවයුත්තේ Sniperscope සහිත අවියයි.

    mVNeYXy.jpg
    ZG 1229 Vampir (Vampire)​

    ජර්මනියද සිය නයිට් විෂන් තාක්ෂණය සටන් බිමේ සිටින සාමාන්‍ය සෙබලෙකුට භාවිතා කල හැකි අයුරින් සංවර්ධනය කලේය.1945 වසරේදී නිපදවූ ZG 1229 Vampir (Vampire) නම් අවි පද්ධතිය,ඇමෙරිකානු Sniperscope එකට සමාන අයුරින් ක්‍රියා කරන ලදි.නාසීන්ගේ Vampire නයිට් විෂන් පද්ධතිය දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණේ සටන් සඳහා යොදාගෙන තිබේ.නමුත් Vampire පද්ධති සුලු ප්‍රමාණයක් පමණක් නිපදවා තිබේ.MP44 / StG 44 රයිෆලයකට සවිකල පිරික්සුම් පහනක් සහ දුරදක්නයක් මීට ඇතුලත්ය.බල සැපයුම සෙබලා කරේ එල්ලාගෙන යා යුතුවේ.





    ගුවන් යානා පැමිණිමට පෙරත් ගුවනින් බෝම්බ හෙළීම පැවතිණි

    rSsX3Y8.jpg

    1849 අගෝස්තු 22 දා ඕස්ට්‍රියාව වැනිසිය වටලෑ අතර ඊට සමගාමීව නගරයට බැලූන් යොදාගෙන බෝම්බ හෙළීමට උත්සාහ කරන ලදි.නමුත් බෝම්බ හෙළීම සිතූ තරම් සාර්ථක නොවීය.කෙසේවෙතත් ඕස්ට්‍රියානු හමුදා දින දෙකක් වැනිසිය වටලාගෙන සිටියහ.

    89IFSS9.jpg

    බැලූන යොදාගෙන බෝම්බ හෙළීමේ අදහස ඉදිරිපත් කලේ ඕස්ට්‍රියානු කාලතුවක්කු බලකායේ ලුතිනන් ෆ්‍රෑන්ස් වොන් යුකේච්ස් විසිනි.වැනිසියේ ආරක්ෂක විධි විධාන ඉතා ශක්තිමත් වීමත් මුහුදු මාර්ග නොගැඹුරු කලපු වලින් යුක්ත වීමත් හේතුවෙන් බර අවි සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට ආසන්න දුරකට ගෙන යාමට ඕස්ට්‍රියානු හමුදාවන්ට නොහැකි නිසා ඔවුන් මුහුදින් සහ ගොඩබිම් වැනිසිය වටලාගෙන සිටියහ.1849 ජූලි 12 දා බැලූන් යොදාගෙන වැනිසියට බෝම්බ හෙළීමට දැරූ ප්‍රථම උත්සාහය ව්‍යර්ථ වී ගියේ සුළඟ ඕස්ට්‍රියානුවන්ට වාසි පැත්තට නොහැමූ නිසාය.

    fRIir34.jpg


    එහිදී බැලූන් අඩි 4500 පමණ උසකට ගමන් කල අතර සමහරක් අහසේදී පිපිරීගිය අතර සමහරක් මුහුදට සහ ගොඩබිමට කඩා වැටිණි.ඕස්ට්‍රියානුන්ගේ දෙවන උත්සාහය 1849 අගෝස්තු 22දා ක්‍රියාවට නංවන ලදි.මෙවර බෝම්බ සහිත බැලූන නිකුත් කලේ මුහුදේ තිබූ ස්ථායි වේදිකා මත සිටි බවයි කිය වෙන්නේ.මෙහිදී බැලූන් 200ක් පමණ රාත්තල් 33 පුපුරණ ද්‍රව්‍ය සමග ගුවන් ගත කලේ පැ‍ය භාගයක කාලයකට සරිලන සේවා නූලක්ද සහිතවයි.නමුත් මෙම බෝම්බ හෙළීම අසාර්ථක විය.සමහර බැලූන ඕස්ට්‍රියානුවන් වෙතම පැමිණ පුපුරාගොස් තිබේ.

    lsqeLbp.jpg




    දෙවන කොටසින් හමුවෙමු​



    Source:cracked.com

    -HarshaLulzSec-
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම වගේ පට්ට ත්‍රෙඩ් එකක්. :cool: රොකට් තාක්ෂණේ ගැනත් දාන්න මචෝ වෙලාවක් ලැබුනොත්. ගොඩක් අය දන්නෙ නෑ දෙවෙනි ලෝක යුද්ද කාලෙ කරපු අත්හදා බැලීම්. බැලස්ටික් මිසයිල විතරක් නෙමේ. එයාර් ටු එයාර් එයාර් ටු ග්‍රවුන්ඩ් ඒවත් හදනවනෙ ඒ කාලෙදිම. තව රේඩියෝ කන්ට්‍රෝල්ඩ් අනම් මනම් එහෙමත් හදල තියනව. :yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හැමදාම වගේ පට්ට ත්‍රෙඩ් එකක්. :cool: රොකට් තාක්ෂණේ ගැනත් දාන්න මචෝ වෙලාවක් ලැබුනොත්. ගොඩක් අය දන්නෙ නෑ දෙවෙනි ලෝක යුද්ද කාලෙ කරපු අත්හදා බැලීම්. බැලස්ටික් මිසයිල විතරක් නෙමේ. එයාර් ටු එයාර් එයාර් ටු ග්‍රවුන්ඩ් ඒවත් හදනවනෙ ඒ කාලෙදිම. තව රේඩියෝ කන්ට්‍රෝල්ඩ් අනම් මනම් එහෙමත් හදල තියනව. :yes:
    Thanks

    බාගෙට ලියපු ලිපි නම් සෑහෙන්න තියෙනවා.යුද්ධ,ඉතිහාසය,අවි ආයුද ඕවාට දැන් එළකිරියේ ඉල්ලුමක් නෑනේ,කියවන්නේ නැත්නම් දාලා මොකද නේද :dull:.. මටත් කම්මැලි බන් ඕවා දාන්න. කම්මැලිකම පැත්තකින් තියලා ඉස්සරහට අලුත් දේවල් ටිකක් දාන්න බලමු .:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks

    බාගෙට ලියපු ලිපි නම් සෑහෙන්න තියෙනවා.යුද්ධ,ඉතිහාසය,අවි ආයුද ඕවාට දැන් එළකිරියේ ඉල්ලුමක් නෑනේ,කියවන්නේ නැත්නම් දාලා මොකද නේද :dull:.. මටත් කම්මැලි බන් ඕවා දාන්න. කම්මැලිකම පැත්තකින් තියලා ඉස්සරහට අලුත් දේවල් ටිකක් දාන්න බලමු .:dull::dull:

    දාමු දාමු. කියවන අය ඉන්නවා.. :cool:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Thanks

    බාගෙට ලියපු ලිපි නම් සෑහෙන්න තියෙනවා.යුද්ධ,ඉතිහාසය,අවි ආයුද ඕවාට දැන් එළකිරියේ ඉල්ලුමක් නෑනේ,කියවන්නේ නැත්නම් දාලා මොකද නේද :dull:.. මටත් කම්මැලි බන් ඕවා දාන්න. කම්මැලිකම පැත්තකින් තියලා ඉස්සරහට අලුත් දේවල් ටිකක් දාන්න බලමු .:dull::dull:

    Hemadama uba dana ewa hoyan kiyawana aya innawa. Eka hinda dapan machan one magulak :)
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    blog ekak hadala ekatath dapan machan. ethakota lesiyen ekathanaka indan balanna puluwan wena kenekuta unath.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    patta ban TFS :cool:
    Thanks

    good post:):):):)
    Thanks

    Ela bro.digatama me wage ewa danna.
    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Hemadama uba dana ewa hoyan kiyawana aya innawa. Eka hinda dapan machan one magulak :)
    බලමුකෝ ඉස්සරහට

    ela machan
    Thanks

    Thanks

    ela bn..
    keep it up mchn..
    Thanks
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thanks

    බාගෙට ලියපු ලිපි නම් සෑහෙන්න තියෙනවා.යුද්ධ,ඉතිහාසය,අවි ආයුද ඕවාට දැන් එළකිරියේ ඉල්ලුමක් නෑනේ,කියවන්නේ නැත්නම් දාලා මොකද නේද :dull:.. මටත් කම්මැලි බන් ඕවා දාන්න. කම්මැලිකම පැත්තකින් තියලා ඉස්සරහට අලුත් දේවල් ටිකක් දාන්න බලමු .:dull::dull:
    දාපිය කෝ කුකුළෝ වස්ත්‍රයක් කියවන්නේ නැතුව.......:growl:
    රෙප් දෙන්න විදියක් නෑ වටේ ඇරල එන්න කියල කියනව ඇඩ්ඩිං අයියා.....:dull::dull:
     

    Similar threads