~~නූර්ති නාඩගම් ගී ~~

Siyaathu

Member
May 21, 2010
393
31
0
ලස්සන වැඩක්. හුඟක් අගය කරන්න ඕන :yes:


ඒත් මාතෘකාව ටිකක් විතර වෙනස් වුණොත් හොඳයි. දාල තියන හුඟක් ගීත නූර්ති හෝ නාඩගම් ගීත නෙමේ. මෑත කාලවලදි ජනප්‍රිය වුණ වේදිකා නාට්‍ය ගීත.
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුවඳ පද්ම

    නාට්‍යය - දුටු ගැමුණු (නීතිඥ ජෝන් ද සිල්වා)
    සුවඳ පද්ම
    ගායනය - විශාරද නන්දා මාලිනී


    සුවඳ පද්ම ඕලු ආදි
    නොයෙක පුෂ්පයෙන් සැදී
    සරණ හංස සේරු බෝම
    පොකුණු සීත පැන් පිරී

    වතුර නාන නෙක් දනෝ
    පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
    මමද නාග ලෝකයෙන්ම
    මෙපුර ආමි නාන සේ


    පෙනෙන තූප මේ පුරේ
    වඳිති ඊට දීප වාසි
    රකිති ධර්ම සාක්‍ය වංස
    මුනිඳු දේශනා ලෙසේ

     
    Last edited:

    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    මචං, මේකනම් එළකිරියේ නෙවෙයි web මුළු අවකාශයේ තියෙන සිංහල වලින් හොඳම එකක්. මං එහෙම කියන්නේ experience එකෙන්.මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් campus එකේ drama වැඩ වලට මේ වගේ songs හොයන්න කාපු කට්ටක්.අන්තිමට ටවර් හෝල් පදනමට ගිහිල්ල හොයා ගත්තේ. උඹ මේ කරලා තියෙන වැඩේ හින්ද මේ වගේ songs හොයන කට්ටියට වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. සිරාවටම ELAKIRI