ඉදපු හොදම අය සේරම මැරුවේ ඇයි මංදා ඊසි වත් එච් අයි වී ඉන්ජෙක්ට් කරලා මැරුවා කියලා නේ කියන්නේ.......
මම නම් හිතන්නේ යූ එස් ආණ්ඩුව රැපර්ස්ලා මර්ධනය කරනවා.. උන් උන් මරාගත්තා වගේ පේන්න අන්තිමේදී මොනවා හරි කරනවා මිනිස්සුන්ගේ මොළ හෝදලා
![]()
------------
![]()
වසර ගණනාවකට පෙර දකුණු පලාතම කැළඹූ ලංකාවෙ බිහිසුණු පාතාල කල්ලියක් ලෙස සූරියවැව රත්නවීර කල්ලිය නම් කල හැක.
සුනිල් රත්නවීරගේ නායකත්වයෙන් ඇරඹි එම කල්ලියේ අපරාධ අතුරින් කුලියට මිනී මැරීම ප්‍රධානය.
එහිදී සුනිල් රත්නවීර තම කොන්ත්‍රත් බොහොමයක් ලබා දී තිබුණේ නෙළුවේ ප්‍රියන්ත නම් තැනැත්තෙක් හටයි.
අවි පුහුණුවකට හැගීම් දැනීම් නොදැනෙන කුරිරි මිනිසෙකු යොමු කලහොත් එහි ප්‍රතිපලය භයානකය.
ප්‍රියන්තට කිරි දී හදා වඩා ගත් ජනතා විමුක්ති පෙරමුණට වරදින්නේ එතනය.
ප්‍රියන්ත කුඩා කල දුප්පත් කම නිසා දැඩි ලෙස පීඩා විදි දරුවෙකි.
උසස්පෙළද හොදින් සමත්වුවත් දරිද්‍රතාවය ඔහුට ඉහල අධ්‍යාපනය ලබා ගැනීමෙ මග අහිමි කරන ලදී.
උපතින් කිසිවෙකුට කුරිරු සිතුවිලි ඇති නොවේ. එය හොද හෝ නරක සිතුවිලි ඇතිවන්නේ තමා ජීවත්වන සමාජය අනුවයි.
ප්‍රියන්ත ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙන්නෙ ඉන් අනතුරුවයි.
ඒ 1980-90 කාලයයි.
එකල ජනතා විමුක්ති පෙරමුණ විසින් තම පක්ෂයට බැදෙනා තරුණයන් හට අවි පුහුණුව ලබාදෙමින් පැවතුන කාලයකි.
ඒ අරගල සදහායි.
ස්වයංක්‍රිය ගිනි අවි භාවිතය පිලිබද ප්‍රියන්ත මනා පුහුණුවක් ලබන්නේ මෙහිදීයි.
පසු කල පරික්ෂණ වලදී හෙලි වී ඇති පරිදි ප්‍රියන්ත ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වී ඇති කාලයේදීද ඝාතන කිහිපයක් කර ඇත.
ඒ ජනතා විමුක්ති පෙරමුණ පිලිබද යුද හමුදාවට ඔත්තු සැපවූවන්ය.
භීෂණ කාලය අවසන් වූ පසු ප්‍රියන්තගේ මනස තුල සමාජවාදය යන්න තව දුරටත් රැව් දුන්නේ නැත.
ඔහුට අවශ්‍යව තිබුණේ කුඩා කල සිටම තමාට බැට දුන් දුප්පත්කමට සමුදිය හැකි මාර්ගයක්ය.
සොත්ති උපාලි , නාවල නිහාල් , ගෝනවල සුනිල් නැමත්තන්ගෙ ජීවන කතා ඇසු ප්‍රියන්තත් අවසානයේ ජීවිතය දිනා ගැනීමට තොඅරා ගන්නේ පාතාලයයි.
හොද අවවාදයක් නොලද සමාජයක ජීවත් වූ ගුරුසිංහගේ ප්‍රියන්ත , නෙළුවේ ප්‍රියන්ත නමින් අපරාධ ලොව අකුරු කියවන්නේ එලසිනි.
පෙරකී ලෙස සුරියවැව රත්නවීර කල්ලියෙ මුදලට කරන ලද ඝාතන රැසක පෙරමුණගෙන සිටියේ නෙළුව්වේ ප්‍රියන්තයි.
පසුකලෙක ඔහු ගංජා ව්‍යාපාරයට අතගසයි. තුවක්කුවෙන් මිනිසුන් බියගන්වා නීතිවිරෝධි ලෙස ගංජා ව්‍යාපාරයෙ
යෙදුණු නෙළුවේ ප්‍රියන්ත ඉතා ඉක්මනින් තණමල්විල සිට කොලඹට ගංජා ප්‍රවාහනය කරන
ජාවාරමේ ඉහලට පැමිණ ඇත.
මෑතක සිට පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක නිරත වී සිටි විශේෂ කාර්ය බලකායට නෙළුවේ ප්‍රියන්ත
පිලිබද තොරතුරු ලැබෙන්නේ බොහෝ කලක පටන්ය.එහෙත් වාසය කරන ස්ථාන පමණක්
නොව හැඩරුවද කලින් කලට වෙනස් කර ගන්නා නෙළුවේ ප්‍රියන්ත මෙලස කට්ටි පනිමින් සිටියදී ඉකුත්
මැයි මස ඇරඹි මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන් දෙණියාය මෝනින් සයිඩ් වතුයායේදී විශේෂ
කාර්ය බලකායට කොටු වුණි.
සරමකින් සහ කමිසයකින් සැරසුණු අහිංසක ගැමියෙකු ලෙස පෙනී සිටියත් මේ මිනීමැරුම් 84කට
වගකිව යුතු ඒ කුරිරු පාතාල නායක නෙළුවේ ප්‍රියන්ත බව හදුනා ගැනීමට විශේෂ කාර්ය බලකායට අපහසු වුයේ නැත.
මිනී මැරුම් 84කට ආසන්න ප්‍රමාණයකට වගකිවයුතු නෙළුවේ ප්‍රියන්ත හට එවන විට අක්කර ගණනක
ගංජා වතු රැසක් හිමිව තිබුණි. බොහෝ පාතාල කෙරුමන් හට අත්වන ඉරණමම නෙළුවේ ප්රියන්තටත්
හිමි වන්නේ , සැගවූ ආයුද පෙන්වීමට යාමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හට ප්‍රහාරක් එල්ල
කිරීමට තැත් කල විටය. පොලිස් වෙඩි පහරින් එලෙස මරුමුවට පත්වන්නේ පාතාලයේ තවත් කෙරුමෙකි.
ඔහුගේ මරණයත් සමග දකුණේ ඌවේ ජනතාව පත්තු කල රතිඥ්ඥාවල හඩ නෙළුවේ ප්‍රියන්ත විසින්
මිනිසුන් ඝාතනය කිරීමට පත්තු කරනා පිස්තෝලවල හඩට වඩා ප්රබලව නැගුණේය.
මූ ඉස්කෝලෙ ගියාට පස්සේ කවමදාකවත් කලිසමක් ඇඳලා නෑලු. ඉස්කෝලෙන් නැවතුන දවසේ ඉඳලා මූ සරම තමයි ඇඳලා තියන්නේ. ඒ වගේම තමයි මුගේ වැඩීම බුලත් විට හපන එකලු. කුඩුකාරයොන්ට කුඩු ඕන වගේ මූට මුලත් කන්න ඕනලු. මේ වැටලීම කරපු විශේෂ කාර්ය බලකායේ මගේ අයියා කෙනෙක් ඉන්නවා. STF එකේ සමහර අය ඉන්නවානේ බුලත් විට හපන. බුලත්කන අය දකිනකොට, බුලත් විට දකිනකොට මූට ඉන්න බෑලු. මට වෙන මොකවත් එපා බුලත්විටක් දෙන්න කියලා බුලත් ඉල්ලගෙන කනවාලු. මේ වැටලීම කරපු STF එකේ සහෝදරයන් හැමෝටම අපේ ප්‍රනාමය පුද කරන්නට ඕනා.

මිනිස්සු 84ක් මරනකම් බලාගෙන හිටපු පාහර බලවතුන්ට හෙනම ගහපිය
ප්‍රියන්ත පිලිඅරගෙන තියෙන්නෙ එයා මිනීමැරුම් 25කට සම්බන්ධයි කියලලු ,84 මැරුවේ කොහොමද කියලා හිතාගන්න බෑ.
නමුත් මම කැමති නෑ මිනි මරණවට.
නමුත් පතාලේ අයට විසදුමක් නෑ. මොකද එළියට ආවත් අනෙක් අය එයාව මරනවා. කොහොමත් මැරෙනවා.
One way job එකක් නැවතුම මරණය. පොඩි කාලෙට ළමයින්ට හදාගන්න කියන්නේ ඕක තමයි. පස්සේ ඒක කරන්න බෑ.
ඇයි එයාව මීනි මරුවෙක් කරපු ජේවිපි එකට ඉස්සරහම හෙණ ගහපිය කියලා කියපන්

මේ පාතාල කාරයන්ට මානව හිමිකම් කියලා දෙයක් දෙන්න අමාරුයි.මොකද පොලිසිය මුන්ට ගැහුවෙ නැත්නම් මුන් ඇත්ත හෙලි කරන්නේ නෑ. හිර ගෙවල් වල සැප දුන්නොත් මුන් හිරේ ජොලියේ ඉන්නවා.අද එංගලන්තෙට වෙලා තියෙන්නේ ඒක.අපරාධකරුවන්ට පහර දෙන්න පොලිසියට තහනම්.හිර ගෙවල් ෆයිව් ස්ටාර් හොටල් වගේ.ප්‍රියන්ත පිලිඅරගෙන තියෙන්නෙ එයා මිනීමැරුම් 25කට සම්බන්ධයි කියලලු ,
ඒත් එක හොයා ගත්ත තොරතුරු අනුව ප්‍රියන්ත මිනීමැරුM 84කට සෘජුවම හරි වක්‍රාකාරව හරි සම්බන්ධයිලු.
නෑ . ඒ කතාව බොරුවක් මචන්. Easyම පිලිගත්තා එයා ආශ්‍රය කරපු කෙල්ලෙක්ගෙන් තමා එඩ්ස් හැදුනේ කියලා.
even his last msg to his young fans was , be safe from Aids.
හැබැයි ගොඩාක් හොද rappersලා අද නෑ like Big L , Easy E , Tupac , Biggi , Big Pun and the list goes on
රීසන් එක නම් දන්නේ නැහැ -2 ක්.. තොරතුරුවලට ස්තූතියි මචන්.“I never wish death on nobody, cause there ain’t coming back from that.”
~Biggie Smalls~
1972-1997
ඔඋ ඌත් ඉවරයි මේකෙන් පස්සේ ඔය හුයන්න ලගදි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා බය හිතෙන හින්දි ෆිල්ම් තියනවානම් කියන්න කියලා ඕකට හින්දි වලටත් බය හිතෙනවද දන්නේ නෑමූ නේද අර පිස්සු හුයන්නෙක් වගේ ත්‍රෙඩ් දදා හිටියේ..
හොද වැඩේ..
Thanks for sharing machan..


මූ නේද අර පිස්සු හුයන්නෙක් වගේ ත්‍රෙඩ් දදා හිටියේ..
හොද වැඩේ..
Thanks for sharing machan..
ඔඋ ඌත් ඉවරයි මේකෙන් පස්සේ ඔය හුයන්න ලගදි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා බය හිතෙන හින්දි ෆිල්ම් තියනවානම් කියන්න කියලා ඕකට හින්දි වලටත් බය හිතෙනවද දන්නේ නෑ![]()
