නයිට් රයිඩර් තරං ප්‍රසිද්ධ උනේ නැහැ නේද?
මේ නේරංජනා කියන කතාවේ දැවැන්තයා කියලා කෙනෙක් ඉන්නවා කියපු නිසා මට මම ඉස්සර කියවපු සිංහල නවකතා පොතක් ගැන මතක් උනා. එකදාස් නමසිය අනූ ගණන් වල මුල් හරි කියෙව්වේ. එතකොට ඒ පොතේ පිටු ගැලවිලා බොහොම පරණ පොතක්.
පරණ සුට්කේස් එකක තිබිලා හම්බුනේ.
අර මතකද ඒ කාලේ යකඩ/ඇල්මිනියම්ද මන්දා සුට්කේස් තියෙන්නේ.
පොතේ නම 'අඩි දහතුනේ මිනිහා' හරි ඒ වගේ එකක්.
ශරීරයේ ප්‍රමාණය බෙහෙත් මගින් ක්ෂණිකව දැවැන්ත කර ගන්න පුළුවන් කෙනෙක් ගැන.
ඒ මිනිහට සල්ලි නැහැ. අම්මාට හොදටම අසනීප වෙනවා. බෙහෙත් වලට සැහෙන්න වියදම් යන නිසා මිනිහම එක එක බෙහෙත් හදලා පොරම ඒවා බොනවා. ඒවා අම්මගේ අසනීපයට හරි යයිද වගේ බලන්න.
ඔහොම එක දවසක් බෙහෙතක් හදලා බිව්වම ඒ කෙනා අඩි 12-13 ක් උස දැවැන්ත කෙනෙක් වෙනවා.
ඔන්න ඔහොම කතාවක්.
ඒකෙමද මන්දා තව එකක් තිබ්බා වයසක ගෑනු මරණ කෙනෙක් ගැන.