නොදන්නා තැන් වල නැම !!!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්නාසි වල කියන්නේ මොකක්ද බං...අදමයි අහුවේ..
    ගොඩක් ඇලි වල තියෙන්නේ කළ ගෙඩි වල වල්.. ඒ කියන්නේ කට පුංචියි.. ඇතුලේ මහා වල.. ගියොත් ගියා මයි.. උඩින් ලස්සනට දිය පාර ගලනවා,.
    නේවි එකෙන් ඇවිත් කඹ දාලා කිමිදිලා ගන්නේ.. බුලත්සිංහල මාකෙලි ඇල්ල දැන් 45 ක් මැරිලා තියෙනවා.. කළ ගෙඩි වල වල් වලට ප්‍රසිද්ධ තැනක්..
    ithin ova goda karannna berida?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    අන්නාසි වල කියන්නේ මොකක්ද බං...අදමයි අහුවේ..
    ගොඩක් ඇලි වල තියෙන්නේ කළ ගෙඩි වල වල්.. ඒ කියන්නේ කට පුංචියි.. ඇතුලේ මහා වල.. ගියොත් ගියා මයි.. උඩින් ලස්සනට දිය පාර ගලනවා,.
    නේවි එකෙන් ඇවිත් කඹ දාලා කිමිදිලා ගන්නේ.. බුලත්සිංහල මාකෙලි ඇල්ල දැන් 45 ක් මැරිලා තියෙනවා.. කළ ගෙඩි වල වල් වලට ප්‍රසිද්ධ තැනක්..

    අපේ පැත්තේ කියන්නේ අන්නාසි වල කියලා
    ගල් අස්සේ තියෙන වලවල් තමා. කැලණි ගගේ සෑහෙන්න ඕවා තියෙනවා
    තද කොළ පාටයි ඒ හරියේ වතුර
    දිය සුළි වගේකුත් තියෙනවා
    අනික වැලි ගොඩ දාපු තැන්වල වලවල්

    ithin ova goda karannna berida?

    කවුද කරන්නේ. ?
    ------ Post added on Feb 5, 2022 at 9:54 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    ගමේ එවුන්ට ඔතනට යන්නම විනාඩි 10ක් වගෙ යනවා, ආසන්නම මනුස්ස වාසෙ ඉදන්
    එතකොට බඩු හරි.

    තනිකර නොසැලකිල්ල, පාවෙන ප්ලාස්ටික් වලල්ලකින් සේෆ් ඒරිය එක සලකුනු කරල තියනව
    එතනින් එහාට යන්න එපා කියල බෝඩ් ගහල තියනව
     
    Sen-lu

    Well-known member
  • මහවැලි ගඟේ නාන්න ගිහින් වැලි ගොඩදාපු තැනක ගිලෙන්න ගිහින් මාරම අමාරුවෙන් බේරුනේ. අවුල වුනේ මට පීනන්න පුළුවන් වුනාට පිටිපස්සෙන් හිටපුඑකා ගිලෙන්න යනකොට මගෙ බෙල්ලෙ එල්ලුන එක.වෙලාවට ගලක් සෙට්වුනා. එදා ඉඳන් ඕවගෙ නාන්න යන්නෙ නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ගංගා වැවු සත පහකට ශුවර් කරන්න බෑ....
    පළවෙනිම දේ වළවල් තියෙනව. පීනන්න පුලුවන් කෙනෙන් උණත් එක පාර කකුල ගිහින් කලබලවෙලා වතුර පෙවුනොත් හරි මඩක එරුනොත් හරි සොරි තමයි.

    අනිත් එක කිඹුල්ලු...

    අපි දැන් එහෙම හිතුවට, තරුණ වයසේදී ඔය වගේ දේවල් කරන කොට ඒකේ භයානක කම තේරෙන්නේ නැහැ.

    මේ ලියන මමත්, බයිසිකල් වලින් ට්‍රිප් එකක් යනකොට, "ගුරුගොඩ ඔය" (රුවන්වැල්ල කිට්ටුව) කියන ගඟට බැස්සා. නාන්න ඇඳුම් නැති නිසා, මිනිස්සු නැති හරියක තමයි ගඟට බැස්සේ. අපිට පේන දුරින්, ගඟ හරහා මිනිස්සු (ගැහැණු පවා) ඇවිදගෙන එගොඩ වෙනවා. ඒ තරම් නොගැඹුරු යි.

    නමුත්, අපි බැහැලා තියෙනේ කවුරුවත් ගඟට බහින්නේ නැති වක්කලමක් තියන තැනකටයි. අපි ගඟේ එගොඩට ගියාම හැඩ පාර සැරයි, වතුර පොව්වන්නේ නැති තරමට ගැඹුරුයි, ඉවුරේ වේ වැල් (කටු සහිත වැල්) නිසා ඒ පැත්තේ ඉවුරට ගොඩ වෙන්නත් බැහැ. ඉවුරේ ගස් අතු වල එල්ලිලා සෑහෙන වෙලාවක් ඉඳලා හොඳටම පීනන්න පුළුවන් කෙනෙකුගේ උදව්වෙන් තමයි ආපහු ගොඩට එන්න පුළුවන් උනේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116

    වක්කලම කියන්නේ මොකක්ද බන් ?? ගැඹුර වැඩිම තැන කියන එකද ?? වතුර සුලියක් විදියට කැරකෙන තැන්ද ??
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,573
    13,535
    113
    34
    ෆින්ලන්ඩ්
    සැරයක් මම බලාගෙන හිටියා හොදට ම ගංවතුර ගලනවා. පාලම උඩින් වතුර එන්න තව අඩි 2 ක් වගේ. අඩුම අඩි 50 ක් වත් වතුර. හෙන වේගෙන් වතුර පාර. කොල්ලො කිසි බයක් නැතුව පැනලා පීනනවා.

    වටේ ඔක්කොම බලන් ඉන්නවා.
    මෙන්න මේ වගේ.

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    වක්කලම කියන්නේ මොකක්ද බන් ?? ගැඹුර වැඩිම තැන කියන එකද ?? වතුර සුලියක් විදියට කැරකෙන තැන්ද ??

    වක්කලම කියන නම කිව්වේ ඒ ගමේ මිනිස්සුයි. මාත් ඒක මොකක්ද කියන එක 100% හරියටම දන්නේ නැහැ.

    ඒ වක්කලම කියලා හඳුන්වන තැන, ගඟේ වංගුවක් තියනවා. ගඟ පටුයි. ඒ වංගුවේ දිය සුලියක් තියනවා. ඒ නිසා වන්ගුවේ පිට පැත්ත හෑරීලා ගැඹුර වෙලා. ඒ හැර එතන පටු නිසා වතුර වේගයෙන් ගලනවා. ඔය කියන දේවල් එකතු උනාම ඒකට වක්කලම කියනවා ඇති.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    ප්‍රධානම දේ දැන් ඉන්න එවුන්ට පරිසරය ගැන නිසි අවභෝධයක් නැති වීම. සාමාන්‍ය ජිවන පැවැත්මකට අදාළ මුලික දැනුම අධ්‍යාපන ක්‍රමය තුලින් හෝ එදිනෙදා ජීවිතය තුලින් රැස් කරගැනීමට හැකිවෙලා නෑ. ඒ නිසා ඉස්සර මිනිස්සු වගේ සුලියක්, වක්කලමක් අදුරගන්න හැකියාවක් දැන් ඉන්න බහුතරේකට නෑ. දිය ඇල්ලක පාමුල මොකද වෙන්නේ (Density), ජල පහරේ හැසිරීම (flash flood), දියවැල් හදුනා ගැනීම වගේ කරනා වල දැනුම බින්දුවයි. ඉස්සර පොඩි එකෙක්ට පවා වන පලතුරු මොනවද, විෂ ගෙඩි මොනවද, විසකුරු සර්පයා මොකාද / නිර්විෂ සතා මොකාද, සතෙක් කෑවම මොකද කරන්නේ ගැන හොද දැනුමක් තිබිල තියනවා. දැන් බොහෝවිට වෙන්නේ හමුවුන සර්පයා නිරපරාදේ මරා දැමීම. සියගණනක් පලතුරු තියන රටේ වන පලතුරු 10ක නම් කියන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මුලික ජිවන කුසලතාවයන් නැති උනාම අනතුරු වලින්, රෝග වලින් මැරෙන ගාන වැඩිවීම පුදුමයක් නෙමෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    වක්කලම කියන්නේ මොකක්ද බන් ?? ගැඹුර වැඩිම තැන කියන එකද ?? වතුර සුලියක් විදියට කැරකෙන තැන්ද ??
    වක්කළම කියන්නේ දිය සුළි කැරකෙන වලක්..කවුරුත් නාන්න යන්නේ නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    වැව් ගංගා වල නාන්නම හොඳ නෑ තමන්ට "හොඳට" පීනන්න බැරි නම්.අනිත් එක පුහුණුවක් නැතුව ගිලෙන එකෙක්ට උදව් කරන්න යන්නත් හොඳ නෑ.උන් මරු විකල්ලෙන් ඇඟේ එල්ලුනාම ආයෙ අතාරින්නෙ නෑ.දෙන්නම ගිලෙනවා.ගිලෙන එකක් ගොඩ ගන්න හොඳම ක්‍රමේ තමා උගෙ ලඟට යන්නෙ නැතුව අත දික් කරලා කොන්ඩෙන් අල්ලගෙන ඇදගෙන එන එක.හැබැයි කොන්ඩෙ නැති කෙනෙක් නම් මොනව කරනවද කියල මං දන්නෙත් නෑ
     
    • Like
    Reactions: NRTG

    මොකක් හරි ලී දණ්ඩක් දිගු කරන්න. එහෙම නැත්නම් වෙලාවේ හදියට ශක්තිමත් කඹ කෑල්ලක්, අවටින් සොයාගන්නා ලද වැල් කැබැල්ලක් වැනි දෙයක් (හැබයි ඉතින් ගිලිච්ච කෙනාට පොඩ්ඩක් හරි සිහිය තිබුනොත් විතරයි ඕවයේ එල්ලිලා ගොඩට ගන්න පුළුවන් වෙන්නේ).
     
    • Like
    Reactions: NRTG

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    godak welawata galana wathure kibullu na ban. oya prasidda gagawal 2-3ka thama inne.
    :lol::lol: ලංකාවේ ප්‍රධාන ගංගා 4ම කිඹුල්ලු වාර්තා වෙනවා. ඊට අමතරව නිල්වලා, ගිංගඟ, බෙන්තර, මාදු, බොල්ගොඩ වගේ ප්‍රසිද්ද ඒවා විශාල ගණනක කිඹුල්ලු ඉන්නවා.