ප්‍රධානම දේ දැන් ඉන්න එවුන්ට පරිසරය ගැන නිසි අවභෝධයක් නැති වීම. සාමාන්‍ය ජිවන පැවැත්මකට අදාළ මුලික දැනුම අධ්‍යාපන ක්‍රමය තුලින් හෝ එදිනෙදා ජීවිතය තුලින් රැස් කරගැනීමට හැකිවෙලා නෑ. ඒ නිසා ඉස්සර මිනිස්සු වගේ සුලියක්, වක්කලමක් අදුරගන්න හැකියාවක් දැන් ඉන්න බහුතරේකට නෑ. දිය ඇල්ලක පාමුල මොකද වෙන්නේ (Density), ජල පහරේ හැසිරීම (flash flood), දියවැල් හදුනා ගැනීම වගේ කරනා වල දැනුම බින්දුවයි. ඉස්සර පොඩි එකෙක්ට පවා වන පලතුරු මොනවද, විෂ ගෙඩි මොනවද, විසකුරු සර්පයා මොකාද / නිර්විෂ සතා මොකාද, සතෙක් කෑවම මොකද කරන්නේ ගැන හොද දැනුමක් තිබිල තියනවා. දැන් බොහෝවිට වෙන්නේ හමුවුන සර්පයා නිරපරාදේ මරා දැමීම. සියගණනක් පලතුරු තියන රටේ වන පලතුරු 10ක නම් කියන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මුලික ජිවන කුසලතාවයන් නැති උනාම අනතුරු වලින්, රෝග වලින් මැරෙන ගාන වැඩිවීම පුදුමයක් නෙමෙයි.