~ නොදෙනීම ඇහැට කදුලක් අවා ~

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ~ නොදෙනීම ඇහැට කදුලක් අවා ~

    36188094_1906645029388475_9115327710707580928_n.jpg

    ජීවිතේ හරි පුදුමාකාරයි . ඒ වගේම ජීවිතයේ ලෙඩ දුක් කරදර හැමෝටම පොදුයි.

    මේ කතාව නෝමේරූ ළදරුවෙක් ගැනයි. විදෙස් රටක රෝහලකදී සිදුවූ මෙම සිදුවීම ගැන තරුණියක් මුහුණු පොතට එක්කර තිබුනා.
    එම සටහන පහතින්.

    ඔහු ඉපදුනේ නොමේරූ ළදරුවෙක් ලෙසයි
    මාගේ බිරිඳ දරු ප්රසූතිය සිදුකරද්දී මා සිටියේ රැකියා ස්ථානයේය.

    මාගේ බිරිඳගේ සුවදුක් බැලූ වෛද්යවරයා හදිසි තත්වයක් ඇති වී ඇති හෙයින් වහාම රෝහල වෙත එන්නැයි පවසා සිටියේය.

    මා එහි යත්ම දරුවා එහි සිටිනු දුටුවෙමි. මාගේ උගුරේ යමක් හිරවෙන්නා සේ මට හැඟුනි. මාගේ හිස ඇදුම්කන්නට පටන්ගත්තේය.

    මා එහි හිඳගත් පසු දරුවා දැකීමෙන් පසු මාගේ බිරිඳ ඒ ඇගේ දරුවා නොවේයැයි පවසා හඬමින්, දරුවා රෝහලේ අත්හැර දමා ගොස් තිබුනේය.

    දරුවා පත්ව සිටි තත්වය සහ දරුවාට ඇය අවශ්යමබව ඇය විසින් නොසලකා හැර තිබුනේය.

    දරුවා වෙනුවෙන් මා හට අවශ්ය වන්නේ කුමක්දැයි වෛද්යවරයා මාගෙන් විමසීය. තත්පරයක පමාවක් නොමැතිව මා දරුවා හදාගන්නට තීරණය කර ඇතැයි ඔහුට පැවසීමි.

    මා හට කුඩා ප්රමාණයේ ඉඩපහසුකම් සහිත ස්ටෝරුවක් තිබුණි.

    දරුවා දිවා රෑ රැක බලාගැනීම වෙනුවෙන් මම ඒ ස්ටෝරුව සම්පූර්ණයෙන්ම විකුණා දැමීමි.

    මාගේ ඉතුරුකල මුදල් සියල්ලත් වෙනත් දෑ සඳහා මා සතුවු මුදලුත් මා මාගේ නොමේරූ ළදරුවා රැක ගැනිමට වැය කලෙමි.

    මම මාගේ හදවතත්, මාගේ ඉවසිලිවන්තකමත්, ආදරය සහ මාගේ ඉතුරු කළ සියලු ධනයත් ඔහුට දුන්නෙමි.

    වෛද්යවරයාගේ හැර වෙනත් කිසිවෙකුගේ සහය නොමැතිව මම ඔහුව රැක බලා ගත්තෙමි. දරුවන් බලාගන්නා සේවිකාවක් හෝ කුළියට නොගත්තෙමි.

    මාගේ කුඩා දරුවා අද දින අවුරුද්දක් වයසැති කඩවසම් කොලු පැටියෙක් වෙනතෙක්ම මා රැකියාවට නොගොස් ජීවත් වීම සඳහා මාගේ ඉතුරුම් වැය කරමින් ඔහු වෙනුවෙන්ම රැදී සිටියෙමි.

    ඔහු හුරුබුහුටිව හොඳින් වැඩුනේය.
    අත්හැර දමන ලද දරුවා රැක බලාගැනීම සඳහා දරුවා වෙත පැමිණිමට ඔහුගේ මවට අවශ්ය වුයේ එවිටයි.

    ඇය සමාව ඉල්ලීම සඳහා මා වෙත පැමිණියාය.
    දරුවා කෙතරම් වෙනස්වීදැයි දැක ඇය ඇඬුවාය.

    මා ඇයව තේරුම් ගතිමි. දරුවාට මවක් අවශ්ය හෙයින් ඇය දරුවාට වරදක් කර තිබුන් නමුත් ඇගේ අත්වැරැද්දට මා ඇයට සමාව දුන්නෙමි.

    මා මධ්යම රාත්රියේ අන්තර්ජාලය ඔස්සේ රැකියාවක් සඳහා අයදුම් කරන විට කෑම සඳහා වියදම් කිරිමට කිසිදු මුදලක් මා සතුව තිබුනේ නැත.

    පසුදා උදේ 8ට මා හට අනියම් කොන්තාත් පදනම යටතේ රැකියාව කිරීමට එන්නැයි ඇරයුම් ලැබුනේය.

    දෙවියන් වහන්සේ කටයුතු කරන්නේ එලෙසිනි.
    කුමන හෝ හේතුවක් නිසා දරුවෙක් අත්හැර නොදමන්නැයි ඔබට කියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි...

    36267240_1906644956055149_7561512708856610816_n.jpg


    36293162_10155360751331956_452552741110153216_n.jpg


    36294334_10155360751356956_7122768360617541632_n.jpg