නොනගතේ නැකත්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක්ද යකෝ මේ හුට්ටප්පර නැකත් හැදිල්ල..
    මන් නන් අහල තියෙන විදිහට නොනගතේ කියන්නේ නැකත් නැති වෙලාව කියන එක...එවුනාට මේ පාර ඔක්කොම වැදගත් නැකත් ටික තියෙන්නෙ, නොනගතේනේ..ලිප මොලවන එක,අනුභවේ,ගණුදෙනු කරන එක,වැඩ අල්ලන එක....ඉස්සර නන් මට මතක විදිහට නොනගතේ වෙලාවේ පන්සල් ගියා නැත්තන් ආතල් එකේ නින්දක් දැම්මා...ඒක ඉවරවුනාම තමා අවුරුද්ද ලැබුවේ...දැන් ඔක්කොම කනපිට ගහල..
    :rofl::rofl::P
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    "

    සිංහල අවුරුද්ද ගැන කොතරම් ලිව්වත් වැඩක් නැහැ. තවමත් සිංහලයන් නොනගතේ දි කිරිබත් උයලා කනවා. කවුරු හරි කියන්න පුළුවන් නැහැ එහෙම නො වෙයි කියලා. ඒත් නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් පවතිනවා. එහි පූර්ව අර්ධයෙහි දී අප පන්සල් යනවා. අපර අර්ධයෙහි දී නැකැත් ගන්නවා. බොහෝ දෙනා තවමත් හිතන්නෙ නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි. නැකැත් නැත්නම් නොනගතයෙ අපරාර්ධයෙහි ගණුදෙනු කිරීම අපරාධයක් නොවන්නේ ද? "

    -Prof Nalin de Silva

    Full Article --- >
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සිංහල අවුරුද්ද ගැන කොතරම් ලිව්වත් වැඩක් නැහැ. තවමත් සිංහලයන් නොනගතේ දි කිරිබත් උයලා කනවා. කවුරු හරි කියන්න පුළුවන් නැහැ එහෙම නො වෙයි කියලා. ඒත් නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් පවතිනවා. එහි පූර්ව අර්ධයෙහි දී අප පන්සල් යනවා. අපර අර්ධයෙහි දී නැකැත් ගන්නවා. බොහෝ දෙනා තවමත් හිතන්නෙ නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි. නැකැත් නැත්නම් නොනගතයෙ අපරාර්ධයෙහි ගණුදෙනු කිරීම අපරාධයක් නොවන්නේ ද?

    නැහැ සිංහල මිනිසුන් එහෙම හිතන්නේ නැහැ. සංගත වීම කියන එක සිංහලයන්ට අඩුවෙන් තියෙන්නෙ. සිංහල විරෝධී පඬියන්ට ද සංගත වීම අඩුයි. ඔවුන් බටහිර කතන්දර කියෙව්වට සංගත වීම පිළිබඳ කතන්දරේ කියවලා නැහැ. සාමාන්‍ය සිංහලයන් සංගත නැති වීම තේරුම් ගන්න පුළුවන්. එහෙත් සිංහල විරෝධී පඬියන් සංගත නොවන්නේ ඇයි? ඔවුන්ට තමන් කෙතරම් සිංහල විරෝධී වුණත් සිංහල සංස්කෘතියෙන් සම්පූර්ණයෙන් ම මිදෙන්න බැහැ.

    සිංහල අවුරුද්දෙත් තියෙනවා පොඩි ප්‍රශ්නයක් වගේ පේන තැනක්. සිංහල අවුරුද්ද කියන්න චන්ද්‍ර මාසයක පටන් ගන්න සූර්ය වර්ෂයක්. අප කියනවා සූර්යයා මීන රාශියෙන් මේෂයට සංක්‍රමණය වන දිනය අවුරුද්දේ ආරම්භය කියා. දැන් පඬියන් අහවි සූර්යයා යන්නෙ කොහොම ද? ගමන් කරන්නෙ පෘථිවිය නේ ද කියා. ඒකෙත් ඇත්තක් තියෙනවා. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය යනවා. එහෙත් පොළොවට සාපේක්‍ෂව සූර්යයා යනවා. එහෙම යන හින්ද තමයි අපට අවුරුද්ද තියෙන්නෙ. අප ඉන්නෙ පොළොවෙ මිස ඉරෙ නෙවෙයිනෙ. මා මේවා කොළඹ විශ්වවිද්‍යාලයෙ තාරකා විද්‍යාව උගන්වන කාලෙත් කිව්වා. එක් බටහිර වෛද්‍ය පීඨයක පීඨාධිපතිවරයා කියා තිබුණා මට පීඨාධිපතිකමක් දීමෙන් ම විශ්වවිද්‍යාලවල පරිහානිය පේන බවත් මා සිටිය යුත්තේ මුල්ලේරියාවෙත් කියල. ඔහු බටහිර වෛද්‍ය විද්‍යාවට විශාල සේවයක් කොළඹ පෞද්ගලික රෝහල්වල කරනවා. ඔහුගෙ විශ්වවිද්‍යාලය තියෙන්නෙ කොළඹින් තරමක් ඈත. ඔහු ප්‍රසිද්ධ දේශපාලනඥයකුගෙ පෞද්ගලික දොස්තර හැටියටත් කටයුතු කරනවා.

    පහුගිය අවුරුද්දෙ මා අවුරුද්ද ගැන ලිපි දෙකක් ම ලිව්වා. ඒ එක් ලිපියක මෙසේ සඳහන් වුණා. “1685 දි පමණ රිබෙයිරො නම් පෘතුගීසි කපිතාන්වරයකු ඔහුගේ දෙවැනි පේදුරු රජුට පොතක් පිළිගන්නලා තිබෙනවා. එය කැලිස්ටස් නානායක්කාර මහතා විසින් සිංහල ද්වීපයේ ඓතිහාසික ඛෙදාන්තය ලෙස සිංහලට පරිවර්තනය කෙරී තිබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “ එහෙත් මේ සියලු දෙවියන්ට වඩා ඔවුන් ගරු කරන දෙවියෙක් වෙයි. ඔවුහු ඔහු බුධ නමින් හඳුන්වති. …….. .. ඔහු මෙම දිවයිනේ යහපත් ජීවිතයක් ගත කළ මහා දෙවියෙකැයි ඔවුහු කියති. ඔවුන් විසින් අවුරුදු නමින් හැඳින්වෙන ඔවුන්ගේ වර්ෂ (මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙන) ඔහු නැවතී දින සිටි දිනයේ සිට ගණන් ගනිති. ” මෙය ඉතා වැදගත්. මේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම ගැන සඳහනක්. බුදුන් වහන්සේ මෙරට නැවතී සිටි දිනයක් ගැන මෙහි දී කතා කෙරෙනවා. මේ වැඩම කිරීම මාර්තුවේ අමාවකින් පසු දිනය ලෙස සලකන්න පුළුවන්. අප මාසය පටන් ගන්නේ අමාවකින් පසුව. අලුත් .දවාල කියන්නෙ අමාවකින් පස්සෙ දවස. අපේ දවස පටන් ගන්නෙ රෑ දොළහට නොව ඉර උදාවත් සමග. රිබෙයිරො මේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ බක් මහ ලංකාවට වැඩම කළ දවස ගැන. එය අමාවක වූ බවයි මෙහි කියන්නේ. සමහරවිට ආදි සිංහලයන් යම් ආකාරයක වර්ෂයක් එදින පටන් ගන්න ඇති. ඒ කෙසේ වෙතත් බක් මහ උළෙලත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ දිනයක් සමග සම්බන්ධ කියලා හිතන්න පුළුවන්.”

    මා හිතන්න පුළුවන් කිව්වෙ සිංහල අවුරුද්දෙ ආරම්භය ගැන. එය හිතළුවක් තමයි. ඒත් ඒකෙ තවමත් කිසිවකු පරස්පරයක පෙන්නලා නැහැ. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙනවා පසළොස්වක පොහෝ දෙකක හා අමාවක පොහොයක. ඒක මහාවංසෙත් තියෙනවා බුදුන් වහන්සේ බක් අමාවක දවසෙ ලංකාවට වැඩම කළසේක කියා. එහෙත් අප මහාවංසයට පිටින් ගිහින් බුදුන් වහන්සෙ බක් පුර පසළොස්වක ලංකාවට වැඩි බවක් කියනවා. අපට මේ වගේ තැන්වත් නිවැරදි කරගන්න බැහැ.

    අපට බක් මාසය පටන් ගන්නෙ බක් අමාවකින්. ඉන්දියාවෙ එක එක ප්‍රාන්තවල චෛත්‍ර මාසය පටන් ගන්නෙ එකම දිනයක නොවෙයි. ඒ මාසය අමාවක දිනයක පටන් ගන්නවා ද පසළොස්වක පොහෝ දිනක පටන් ගන්නවා ද වැනි කරුණු පදනම් කරගෙන (මේ පිලිබඳ විස්තර පහුගිය අවුරුද්දෙ ලියූ ලිපිවල ඇති). ලංකාවෙ සමහරු අපේ අවුරුද්ද චෛත්‍ර මාසයට ගැට ගහන්න හදනවා! ඒ කොහොම වුණත් සිංහල අවුරුද්ද ලබන්නෙ බක් මාසයෙ (චන්ද්‍ර මාසයක්) සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන දින බව පෙනෙනවා. මේ දිනය එකල තිබුණෙ අස්විද නැකතින් රේවත නැකතට සූර්යයා සංක්‍රමණය වන දිනයෙ වෙන්න ඕන. ඒක සුළු ගණනයකින් පෙන්නන්න පුළුවන්. අප සූර්ය මාස ක්‍රමය අනුකරණය කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ චන්ද්‍ර මාසයක සූර්ය සංක්‍රාන්තිය ගැන කතා කරන්න වෙලා තියෙන්නෙ

    සූර්ය සංක්‍රාන්ති දිනය අවුරුදු හැත්තෑනවයකට එක දවසක් ඉදිරියට යනවා. මේ ගැනත් මා ලියලා තියෙනවා. එය පැත්තකින් තබමු. මෙවර අප සූර්ය සංක්‍රාන්තිය පවත්වන්නෙ බක් මාසෙ ද කියලා හරියට ම දන්නවා ද? මා නිකමට ඒ ගැන හොයලා බැලුව. බක් මාසය මෙවර අවසන් වන්නේ අප්‍රේල් 15 වැනි දා. එදාට වෙසක් මාසය ලබනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. සූර්ය සංක්‍රාන්තිය වෙන්නෙ වෙසක් මාසෙ නොවෙයි, බක් මාසෙ. දැන් කවුරු හරි කියයි ඒ අය ඕවට කලබල වෙන්නෙ නැහැ කියලා. ඕව ගැන හිතෙන්නෙවත් නැහැ කියලා. මුල්ලේරියාවෙ සිටිය යුතු මා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇදගෙන කලබල වෙන්නෙ කියලා. කමක් නැහැ. සියළු දෙනාට ම සුබ අලුත් අවුරුද්දක් වේවා!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Hindu agame kiyanne oya welawe ikmanata time eka yanawa kiyala.ekai kanna hoda ne kiyanne.kana ewa ikmanata narak wenawa.bade amaru hadenawa.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොකක්ද යකෝ මේ හුට්ටප්පර නැකත් හැදිල්ල..
    මන් නන් අහල තියෙන විදිහට නොනගතේ කියන්නේ නැකත් නැති වෙලාව කියන එක...එවුනාට මේ පාර ඔක්කොම වැදගත් නැකත් ටික තියෙන්නෙ, නොනගතේනේ..ලිප මොලවන එක,අනුභවේ,ගණුදෙනු කරන එක,වැඩ අල්ලන එක....ඉස්සර නන් මට මතක විදිහට නොනගතේ වෙලාවේ පන්සල් ගියා නැත්තන් ආතල් එකේ නින්දක් දැම්මා...ඒක ඉවරවුනාම තමා අවුරුද්ද ලැබුවේ...දැන් ඔක්කොම කනපිට ගහල..
    :rofl::rofl::P

    ඔව් අපි පොඩි කාලේ නොනගතය ඉවර වුනාම තමයි කැවේ බිව්වේ. දැන් ඔක්කෝම වෙනස් වෙලා. ඔය ප්‍රශ්නේ මටත් කාලෙක ඉදලා තියෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද නොනගතේ කියන්නෙ නැකැත් නැති වෙලාව කිව්වෙ ? :sorry: ඔයාව කවුරු හරි රවට්ටල :(
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කව්ද නොනගතේ කියන්නෙ නැකැත් නැති වෙලාව කිව්වෙ ? :sorry: ඔයාව කවුරු හරි රවට්ටල :(

    mechchara kal nan thibbe na...
    නො නැ ගතේ
    නැකත් නැතිව ගත්වෙන කාලය...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඔව් අපි පොඩි කාලේ නොනගතය ඉවර වුනාම තමයි කැවේ බිව්වේ. දැන් ඔක්කෝම වෙනස් වෙලා. ඔය ප්‍රශ්නේ මටත් කාලෙක ඉදලා තියෙනවා.

    නැහැ බන් මේ විදියට තමයි හැමදාම තිවුනෙ
    පොඩි කාලෙදි කෑවට පස්සෙ නොනගතය කියන එක ඒ තරම් සලකන්නෙ නැහැ ඒකයි සීන් එක

    මමත් ගොඩක් පොඩි කාලෙ හිතන් හිටියෙ එහෙම තමයි ඒත් මට අවුරුදු 14ක් 15ක් වගේ උනාට පස්සෙ තේරුනෙ ඔය නැකැත් තියෙන්නෙ නොනගත කාලෙ ඇතුලත කියලා ඊට කලින් අපි ඔය ලිත් කියවන්නෙ නැහැනේ ගෙදර මිනිස්සු කියන වෙලාවට කනවනේ :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    awurudu 2da wayasa
    giya parai me paraiy witharai mehema
    :rofl:

    නෑ යකූ පරණ ලිත් තියනවනම් බලපන්
    අපේ තාත්ත ලිත් එකතු කරනවා ඉදපන් බලන්න ගෙදර පෙරලන්නෙ නැතුව හොයාගන්න තිවුනොත් ෆෝටෝ දාන්නම් පරන ඒවයෙ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    නෑ යකූ පරණ ලිත් තියනවනම් බලපන්
    අපේ තාත්ත ලිත් එකතු කරනවා ඉදපන් බලන්න ගෙදර පෙරලන්නෙ නැතුව හොයාගන්න තිවුනොත් ෆෝටෝ දාන්නම් පරන ඒවයෙ

    balamu net eke unath athi search ekak dammoth time limit eka deela
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo

    නෑ යකූ පරණ ලිත් තියනවනම් බලපන්
    අපේ තාත්ත ලිත් එකතු කරනවා ඉදපන් බලන්න ගෙදර පෙරලන්නෙ නැතුව හොයාගන්න තිවුනොත් ෆෝටෝ දාන්නම් පරන ඒවයෙ

    අවුරුද්ත් එක්ක ගූගල් කරාම පරණ නැකැත් එනවා සේරම තියෙන්නෙ මේ අවුරුද්දෙ තියන විදයට තමයි

    නිකමට 2012 අවුරුදු නැකැත් කියලා ගූගල් කරා

    පුන්‍ය කාලය

    අප්‍රේල 13 වන සිකුරාදා අපර භාග 12.56 සිට 14 වන දින පූර්ව භාග 1.44 දක්වා පුන්‍ය කාලය බැවින් අප්‍රේල මස 13 වන දින අපරභාග 12.56 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැණවි.

    ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

    අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 7.42 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ලිප් බැද ලිප ගිණි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි ‍ආහාරයක් පිළයල කරගැනීම මැනවි.

    වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය

    අප්‍රේල් 13 වන සිකුරාදා අපරභාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

    මේ 2013 දී

    පුණ්‍ය කාලයඅප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය

    ආහාර පිසීමඅප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 04.06 ට නිල් පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

    වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවයඅප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.05 ට තඹ (රතු සහ කහ මිශ්‍ර) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    lol .. Sihalaya hamadaama varadiyatada nakath allala thiyenne... haha
    ratata kela vena ekak ahanna deyakda hahaha
    ps: man joke ekata kivve... eeth maath danna vidiyata nan nonagathe velaawata monaath karanna honda naa kiyala thama thiyenne..
    mee thread eka dakkama thama mathak une.. adee api nonagathe velaawe needa mee nakath samaranne kiyala.. anee manda ...

    :rofl::rofl::rofl: