තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා
වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\
-ඉන්දික\kingdewi
(මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)