පච්චය සහ අපේ නිවටයෝ

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පච්චය සහ අපේ නිවටයෝ

    Thread එක දාන්න හිතුනේ පසු ගිය දිනක තම අතේ බුදු රැව පච්ච කොටාගෙන හිටපු විදේශික කාන්තාවක් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයකට මැදි වී එම සිද්ධිය වැරදියි කියමින් එම කාන්තාව අප මහා ගෙෘතමයන් වහන්සේ අතේ ගසාගෙන සිටීම සාධාරණීකරනය කරන්න වෙර දරන සිංහල නිවටුන් පිරිසටයි.

    මෙහිදී අන්‍යාආගමිකයින් ගැන කතා නොකරන්නේ ඔවුන්ට කොහොමත් එය අදාළ නොවන නිසා.

    lord-buddha-tattoo-nethfm-1.jpg

    බුදුරජාණන් වහන්සේ යනු බෙෘද්ධ අප සැමගේ ශාස්තෘවරයාණන් වනවා පමණක් නොව අප සැම උන්වහන්සේට අසීමිත ගෙෘරවයක් දක්වන්නෙමු. එවන් උතුම් වූ බුදුන් වහන්සේගේ රැව තම ශරීරයේ කොටා ගැනීම උන්වහන්සේට කරන විශාල අගෙෘරවයක් වනවා පමණක් නොව සියලු බෙෘද්ධයින්ටද ගෙනෙන්නේ අගෙෘරවයකි.

    දැන් බලමු අපේ සිංහල නිවටුන් මේ කාන්තාව සාධරණීකරනය කරන්න ගෙනෙන ගොන් තර්ක කිහිපයක්. ප්‍රධාන එකක් තමයි වෙන රටවල් වල දෙවිවරැ, නොයෙකුත් ආගම් ශාස්තෘවරැන් පච්ච කොටාගන්නේ ඔවුන්ට තියෙන ගෙෘරවයට කියන එක. එවැනි අයට මුලින්ම කියන්න තියෙන්නේ ගිහින් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එක තමයි. පච්ච කෙටීම සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හීනමානය අනික තමයි බෙලහීනතාවය. හීනමානය කියන්නේ තමන් සමාජයේ එතරම් කැපීපෙනෙන්නේ නැහැ කියන එක හිත තුල තියාගෙන ඉන්න එවුන්. මුන් කරන්නේ තමන්ට අනිත් අයගේ අවදානය යොමු කරගන්න කරන්න පුලුවන් දෙයක් කරන එක. ඉතින් කාටත් පෙන්න පච්චයක් කොටා ගත්තම හරි කියලා තමයි මුන් හිතන්නේ. හැබැයි කියන්නේ fashion එක කියලා. හෝව් හෝව් ගෙෘරවයට කියලත් කියනවනේ දැන්. අනික තමයි බෙලහීනතාවය. තමන්ගේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවනම් ඒක ලෝකයට වසන් කරලා තමන් නියම පොරක් කියලා පෙන්නන්නත් එක ක්‍රමයක් තමයි පච්චයක් කොටා ගන්න එක. එතකොට දැන් හැමෝටම පෙනෙයි පච්ච කොටන අයගේ මානසික පැත්ත කොහොමද කියන එක.

    හොදයි දැන් අපි හිතමු මේ ගෑනි අතේ පච්චේ කොටාගෙන ආවේ ගෙෘරවයට කියලා අපි පිළිගත්තා කියලා. එහෙම කරලා රට ඇතුලට එන්න ඉඩ දුන්නා කියමුකෝ. දැන් මේ ගෑනි රට ඇතුලේ බුදු රැව කොටාගත්තු පච්චෙකුත් එක්ක රවුම් ගහනවා දැක්කම මේ නිවට සිංහල්ලු ටික මොකද කරන්නේ. උන්ට අනුව මේක ලොකු ගෙෘරවයක්නේ. එතකොට තව ටික කාලෙකින් හැමෝටම බලා ගන්න පුලුවන් බුද්ධ රෑපය තම ශරීරයේ අවයව වල කොටාගෙන රටේ එක එක තැන ගැවසෙන සිංහල බෙෘද්ධයෝ ටිකක්. මොකද මේ කොහෙවත් යන විදේශිකයෙක් බුදු රෑපේ පච්ච කොටාගෙන රට ඇතුලට එන්න දුන්නනම් අපි කෙටුවම මොකද කියන තර්කය තමයි මේ හරක් ටික ඊට පස්සේ අහන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මුන්ගේ ඔය බොරැ නරිවාදං කටින් විතරයි. අසීමිත ගෙෘරවය කියලා බුදු රෑපේ පච්ච කොටාගන්න ගිහින් මුන්ව ගෙවල් වලින් ගහලා පන්නනවා :lol::lol:.

    දැන් ඒ වගේම ඔය ශරීරයේ එක එක තැන්වල බුදු රෑපේ කෙටුවම automatically ගෙෘරවය ලැබෙනවා. ඒ ගැන මම කියන්නම්. දැන් ඔය බුදු රෑපේ පච්ච කොටාගත්තු එවුන් පෘථග්ජන පුද්ගලයොනේ. අපි හිතමු මේ එකෙක් තව කා එක්ක හරි යහන් ගත වුනා කියලා, අනේ අපේ බුදු හාමුදුරැවොත් automatically මුන්ගේ අවයව එක්ක ඇදට යනවා. ලොකු ගෙෘරවයක් නේද ?? දැන් මේ පච්ච කාරයෙක් සූර වෙන්න බීලා වැටුනා කියමුකෝ අනේ අපේ බුදු හාමුදුරැවොත් කොහේ හරි ශරීරයේ එල්ලිලා ඉන්නවා. ඔය වගේ මේ පච්ච කාරයෝ කරන ඔක්කෝම දහ දුරා වැඩ වලට අපේ බුදු හාමුදුරැවොත් automatically සම්බන්ධ වෙනවා. හරි ශෝක් නේද :oo::oo: ඔන්න ගෙෘරවය උපරිමයෙන්ම ලැබුනා.

    හොදයි දැන් ඊළග තර්කය, අපේ රටේ ඕනේ තරම් බුදු හාමුදුරැවන්ට අගෙෘරව සිද්ධ වෙන වැඩ වෙනවලු ඉතින් මේ ගෑනි අතේ පච්චේ කෙටුවම මොකද කියලා අහනවා. මේක තමයි ලොකුම ගොන් තර්කය. මේක අර දේශපාලුවන්ගේ දේශපාලන තර්කයක්. කවුරැ හරි විපක්ෂෙක කෙනෙක් අනිත් පැත්තේ වැරැද්දක් පෙන්නපු ගමන් අනිත් පැත්තෙන් කියන්නේ ඇයි ඔයගොල්ලේ අර කාලේ මෙහෙම කලේ අරෙහෙම කලේ කියලා. මේ නොකියා කියන්නේ මොකක්ද ?? නොකියා කියන්නේ විපක්ෂය ඒ කාලේ ඒ දේවල් කලානම් අපි මේ කාලේ කලහම මොකද කියලා අහන්නේ. එතකොට උනුත් එකයි මුනුත් එකයි. වැරැද්ද හැමදාම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි ඔය නිවටුන්ගේ තර්කය. රටේ බුදු රෑපෙට අගෙෘරව වෙනවලු ඒක නිසා මේ ගෑනි අතේ කොටාගත්තම මොකද කියලා අහනවා. අන්තිමේදි දෙකින් එකක්වත් නවතින්නේ නෑ දෙකම වෙනවා. අනේ මෙහෙම එවුන් හොදයි එක රෑනට බැදලා හාන්න ගන්න.

    තවත් තර්කයක් තමයි මේකෙන් ආර්ථිකයට බලපෑමක් වෙනවලු, රටට අවනම්බුවක් වෙනවලු. තමන් බෙෘද්ධ වුන පමණින් වැඩක් නෑ වැරැද්ද දැක්කම ඒක පෙන්නලා දෙන්න බැරිනම්. මේ ගෑනිට ඔය පච්චෙත් එක්ක රට ඇතුලට එන්න දීලා රට ඇතුලෙදි මිනිස්සු මේක දැකලා විරැද්ධ වුනානම් මිනිස්සු ප්‍රචණ්ඩව හැසිරැනානම් මොකද වෙන්නේ ?? එතකොට රටට කීර්තියක් හම්බ වෙනවද ?? මේ ගෑනි රටින් යැව්ව කියලා සංචාරක කර්මාන්තය බිද වැටෙනවද ?? අනේ මම දැකලා නෑ මේ වගේ ගොන් තර්ක ගේන නිවටයෝ ටිකක්. මේ ගෑනිගේ අතේ එල්ලෙන බුද්ධ රෑපේ සාධාරණීකරනය කරන්න මේ වගේ දුර්වල තර්ක ගේන මුන් ඔක්කෝම එක්කෝ මේ ගෑනිත් එක්ක නිදි වදින්න ඇති නැත්තම් අර අන්තවාදී කණ්ඩායම් වලට කඩේ යන මහත්තුරැ ටික වෙන්න ඕනේ.

    අවසානයේද කියන්න ඕනේ මේක තායිලනතයවත්, ඇමෙරිකාවවත්, ජපානයවත් නෙවෙයි. අනාදිමත් කාලෙක ඉදලා අපේ සිංහල බෙෘද්ධයෝ රැකගෙන ආපු සභ්‍යත්වයක් තිබ්බා. අපේ බුදු හාමුදුරැවන්ට අපි අපේ උපරිම ගෙෘරවය හැකි හැම විටම පෙන්නුවා. බුදු හාමුදුරැවන්ට නිසි ගෙෘරවය පුද කරන්න උන්වහන්සේගේ රෑපේ ශරීරයේ අවයව වල නෙවෙයි පච්ච කොටන්න ඕනේ තමන්ගේ හදවතේ. ඒක නිසා එක එක ගෑනුන්ගේ මිනිස්සුන්ගේ අතේ පයේ, යට ඇදුම් වල නෙවෙයි, බුදු හාමදුරැවෝ උන්වහන්සේට නියමිත තැන නියමිත ස්ථාන වල වැඩ හිදියි.
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    bump.... agreed..!!

    බුදුහාමුදුරුවෝ පිරිනිවන පාල අවුරුදු 500-1000 ක් යනකම් බුද්ධප්‍රතිමා හදන්න මිනිස්සු බය උනා. ඒ තියන ගෞරවයට. බුද්ධ ප්‍රතිමා වෙනුවට තමයි ස්ථූප ගොඩ නැගුනේ. පසු කාලීනව හින්දු බලපෑම එක්ක බුදු පිළිම නෙළුවත් ඒ දේ කරේ ඉතාමත් අර පරිස්සමින් සහ භක්තියකින්. අදටත් බුදු පිළිමයක් නෙලද්දී පන්සල් වල නේත්‍රා මංගල්‍යක් තියනවා. නිර්මාණ කරුවා කණ්නාඩියකින් බලාගෙන තමයි ප්‍රතිමාවට නේත්‍රා තියන්නේ. එහෙම සිරිත් විරිත් තියන රටක මේක ඇත්තටම නිගාවක්.
    මේදේ කරන්න ඉඩ දුන්නොත් දැන් බුදුපිළිම වලට වෙලා තියන දේම තමයි වෙන්නේ. දැන් ලාෆින් බුද්ධා කියල ප්‍රතිමා තියනවා. (ඇත්තටම බුදු රූපේ කියල හිතල නෙවෙයි වෙන්න පුළුවන් ඒ තියන්නේ. නමුත් නම යොදාගෙන තියනවා.) ඒ වගේම දැන් තියන බුදු පිළිම වල දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ගෑවිලා වත් නැහැ. අපේ අනාගත පරපුර මේවා ගැන දැනගන්න එකකුත් නැහැ.:(:(:(
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුද්ධියෙන් තොර ශ්‍රද්ධාව විතරක් තියෙන මිනිස්සුන්ට මේ ත්‍රෙඩ් එක හොඳයි:rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මුලින්ම ඔකේ වරදක් නෑ කියලයි මටත් හිතුනේ. නමුත් ටිකක් කල්පනා කලාම පේනවා අවුලක් තියනවා කියලා. අතේ ගහන පච්චය කාලයත් එක්ක ශරීරයේ වෙන තැන්වල ගහන්නත් එහෙම ගහනකොට එහෙම කමක් නැත්තන් ඇඳුම්වල ප්‍රින්ට් කරන්නත් ඒවා අන්තිමේට යට ඇඳුම් දක්වා එන්නත් පුලුවන්. හොඳම දේ ඒ තත්වෙට යන්න ඉස්සෙල්ලා මෙතනින්ම නවත්තන එක තමයි. ඒ ගෑනු කෙනා ශ්‍රද්ධාවට කලා වෙන්න පුලුවන් නමුත් ඒකෙන් හානියක් වෙනවනම් ඒක තෙරුම් කරලා දෙන්න ඕන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඩ පෝස්ට් එකේ කියන තියරිය ඒ විදියට ක්‍රියාත්මකවුවොත්

    පච්ච ඇඳීම නැවැත්වීම
    පෝස්ඩ් කාඩ් තහනම් කිරීම
    පුවත්පත් වල මුද්‍රනය තහනම් කිරීම
    සියලුම රූපවාහීනිවල, චිත්‍රපටවල බුදුරුව ප්‍රදර්ශනය තහනම් කිරීම
    බුදුරුව නිර්මානය තහනම් කිරීම*

    සියලු නීති දැමූ පසු අල්ලා දෙවියන් රූපයට නැගීම නැවැත්වීම සහ බුදුරූප රූපයට නැගීම තහනම් කිරීම සමාන අඩියටකට වැටේ*
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඩ පෝස්ට් එකේ කියන තියරිය ඒ විදියට ක්‍රියාත්මකවුවොත්

    පච්ච ඇඳීම නැවැත්වීම
    පෝස්ඩ් කාඩ් තහනම් කිරීම
    පුවත්පත් වල මුද්‍රනය තහනම් කිරීම
    සියලුම රූපවාහීනිවල, චිත්‍රපටවල බුදුරුව ප්‍රදර්ශනය තහනම් කිරීම
    බුදුරුව නිර්මානය තහනම් කිරීම*

    සියලු නීති දැමූ පසු අල්ලා දෙවියන් රූපයට නැගීම නැවැත්වීම සහ බුදුරූප රූපයට නැගීම තහනම් කිරීම සමාන අඩියටකට වැටේ*

    ඇයි බං උඹලට මොළයක් නැත්තේ රෑපවාහිනී වල බුදු රැව පෙන්නන එකයි පත්තර වල බුදු රෑපේ මුද්‍රනය කරන එකයි තමන්ගේ අතේ කකුලේ බුද්ධ රෑපේ ගහන එකයි වෙනස් කියලා තේරැම් ගන්න ?? මම ඒකට දක්වලා තියෙන හේතුම ඇති ඒක තේරැම් ගන්න තවත් නොතේරෙනවනම් ඒ වෙනම ප්‍රශ්නයක්. දැන් උඹෙන් ප්‍රශ්නයක් අහනවා උත්තරයක් දීපන්

    ඔය ගෑනි (කවුරැ හෝ බුදු රැව පච්ච කොටපු එවුන්) කවුරැ හෝ එක්ක යහන් ගත වෙනවා එතකොට ඔය ශරීර අවයව වල බුදු රෑපේ තියෙන එකෙන් බුදු හාමුදුරැවන් ලොකු ගෙෘරවයක් වෙනවද ?? අර දේශපාලන තර්ක ගේන්නේ නැතුව උත්තරයක් දෙමුකෝ බලන්න.

    දැන් අතේ බුදු රෑපේ කොටන එක අවුලක් නෑ කියලා බුරැලක් ලැබුනම උඹ සහතික වෙනවද හෙට ශරීරයේ වෙනත් තැන් වල බුදු රෑපේ නොගහයි කියලා ??

    මෙහෙමයි, සමහර අන්තවාදී අන්‍යආගමිකයින් ඉන්නවා මේ වගේ වෙනකොට හරිම සතුටින් ඔය ගැන කතා කරන මොකද උන්ට උන්ගේ මහ එවුන්ගේ ඉදලා උගන්නන්නේ වෙනත් ආගමකට ගරහන්නේ, අපහාස කරන්නේ කොහොමද කියන එක. එතකොට මේ වගේ දේකට උල්පන්දම් දීමෙන් වෙන්නේ නොදැනුවත්වම උන්ට කඩේ යන එක. ඒක හොදට මතක තියා ගනින්.
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    Uba me inna hama ekatama wiruddawa nagi hitapan ban :lol:

    Code:
    https://www.google.lk/search?q=buddha+tattoos&source=lnms&tbm=isch
     
    Me waliyakata enawa neme. Uba Buddhist ne. eka nisa Meththa Karuna Muditha upadawagena argue karapan.

    Dan onna paththareka Buddha rupe print karanawa. Nodanna ekek oken bath othanawa.
    Wikunune nathi paththara puchchanawa, kunu godada danawa. bima watenwa.
    ethakota?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Uba me inna hama ekatama wiruddawa nagi hitapan ban :lol:

    Code:
    https://www.google.lk/search?q=buddha+tattoos&source=lnms&tbm=isch

    උන් හැමෝම කරා කියලා ඇයි උඹත් එකක් කොටා ගන්නද යන්නේ ?? මම විරැද්ධ වෙනවා නෙවෙයි මම වැරදි දේ වැරදියි කියලා තියෙන්නේ. උඹලා බුදු හාමුදුරැවන්ව පච්ච කොටන එක සාධාරණීකරනය කරද්දී මම ඒක වැරදියි කියලා කියනවා. ඒ මම බෙෘද්ධයෙක් නිසා. උඹලට ඕනේ තව ටික කාලෙකින් ඔය රෑප වල ඉන්නවා වගේ නිවටයෝ ටිකක් මේ රටේ පාරවල් වල උදේ හවස දකින්නද ?? ඒකනේ මෙච්චර උනන්දුවෙන් google search කර කර මට පෙන්නන්නේ. උඹලා ඕකෙන් කියන්න යන්නේ මොකක්ද කියලා මම අහන්නේ. පැහැදිලි පිළිතුරක් දියන් බලන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Me waliyakata enawa neme. Uba Buddhist ne. eka nisa Meththa Karuna Muditha upadawagena argue karapan.

    Dan onna paththareka Buddha rupe print karanawa. Nodanna ekek oken bath othanawa.
    Wikunune nathi paththara puchchanawa, kunu godada danawa. bima watenwa.
    ethakota?

    ඔන්න දැන් උඹ අර හැමෝම ගේන දේශපාලන තර්කය ගෙනාවා. හොදයි ඔය හැම දේම වෙනවා. එහෙම දෙයක් වෙන තැනක උඔ හිටියොත් මොකද කරන්නේ ?? පැහැදිලි පිළිතුරක් දෙන්න.

    හරි ඊට පස්සේ උඹ මේ නොකියා කියන්නේ පත්තර පුච්චනවා, කුණු ගොඩේ දානවා (මම දන්න කිසිම බෙෘද්ධයෙක් දැනුවත්ව බුදුරැව තියෙන පත්තර කෑල්ලක් පුච්චන්නේනම් නෑ ඒ උඹලගේ මතේ) ඒක නිසා මේ ගෑනියෙක් අතේ පච්චයක් කොටාගෙන ආවම මොකද වෙන්නේ කියන එකනේ. මම හරිනේ. අපේ ප්‍රධාන තර්කය ඒකනේ. උඹ ඒක සාධාරණීකරනය කරන්න යන්නේ ඔය කාරණාත් එක්ක. මම කිව්වනේ ඒවත් වැදරි එතකොට ඒ වැරදි වෙන නිසා මේ වැරැද්දත් කරාම මොකද වෙන්නේ කියලා තමයි උඹ මේ අහන්නේ.

    මහත්තයෝ කොහේ හරි වැරැද්දක් වෙනකොට ඒක ඒ වෙලාවේ වැරදියි කියලා නිවැරදි කරන එකයි ක්‍රමය නැතුව අනේ ඕක මොකක්ද තව වැරදි කොච්චර වෙනවද කියන එක නෙවෙයි.
     
    waligamaya

    Well-known member
  • මටත් මුලින් මේගන පැහැඩිලි අදහසක් තිබුනෙනැහැ.
    මට හිතෙන්නෙ පත්තරවල සහ විවිඩසුබපැතුම්පත්වලත් බුදුරුව පිටපත් කිරීම සුදුසුනහැ. මොකද පත්සේමෙව තැන්තැන්වල විසිකරනව විවිදකටයුතුවලට බවිතාකරනව.

    bump
     
    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    ඔන්න දැන් උඹ අර හැමෝම ගේන දේශපාලන තර්කය ගෙනාවා. හොදයි ඔය හැම දේම වෙනවා. එහෙම දෙයක් වෙන තැනක උඔ හිටියොත් මොකද කරන්නේ ?? පැහැදිලි පිළිතුරක් දෙන්න.

    හරි ඊට පස්සේ උඹ මේ නොකියා කියන්නේ පත්තර පුච්චනවා, කුණු ගොඩේ දානවා (මම දන්න කිසිම බෙෘද්ධයෙක් දැනුවත්ව බුදුරැව තියෙන පත්තර කෑල්ලක් පුච්චන්නේනම් නෑ ඒ උඹලගේ මතේ) ඒක නිසා මේ ගෑනියෙක් අතේ පච්චයක් කොටාගෙන ආවම මොකද වෙන්නේ කියන එකනේ. මම හරිනේ. අපේ ප්‍රධාන තර්කය ඒකනේ. උඹ ඒක සාධාරණීකරනය කරන්න යන්නේ ඔය කාරණාත් එක්ක. මම කිව්වනේ ඒවත් වැදරි එතකොට ඒ වැරදි වෙන නිසා මේ වැරැද්දත් කරාම මොකද වෙන්නේ කියලා තමයි උඹ මේ අහන්නේ.

    මහත්තයෝ කොහේ හරි වැරැද්දක් වෙනකොට ඒක ඒ වෙලාවේ වැරදියි කියලා නිවැරදි කරන එකයි ක්‍රමය නැතුව අනේ ඕක මොකක්ද තව වැරදි කොච්චර වෙනවද කියන එක නෙවෙයි.

    වැඩිය පුප්පන්න එපා මොලේ නහරයක් පුපුරයි තොගේ :lol:
     
    Meh, Uba Sanjiva Senananayake ne?? Isipathaneta giya ne??

    Dan ubane patalo gaththe.
    Man ahanne Buddhist kenek oka wena thana innwada kiyana eka nemene.

    Dan athe gahan innawa tattoo eka.
    Eki sex karanawa thawa suddek ekka, Ethakota Buduhamuduruwanta apahasa wenawa.
    Ekai uba kiyanne

    Dan paththarayk print karanawa buddha rupe ekka.
    Eka puchchanwa nathnam wisi karanawa mokada eka thama job eka.
    Paththarra laksha ganaka pinthure witharak kapala thiyaganan ekada ube wisaduma?

    Oka waraddak neme. Ekai kiyanne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    හරි හරි දැන් ලේ කොප නොකර කියපන්කො මේ ගැනිට දුන්න දඩුවම මොකක්ද කියලා.. බිස්නස් ක්ලාස් ටිකක් එක දඩුවමක්ද? සොරි නොනා ආයේ එන්න අපි ෆ්‍රී ඔක්කොම ද්හෙන්නම් කියලා ප්ලේන් එකට නග්ගලා කියන එක දඩුවමද? උබේ ශද්‍රාව ගැන කිසි ගැටලුවක් නැ මල්ලි. ගැටලුව තියෙන්නේ, ඉස්සෙලා ඩිටෙන්ශන් කරලා නඩු දාලා, පස්සේ සොරි කියන එක.. ඒක සින්හලකමද? ඔකට අපි කියන්නේ ඉල්ලගෙන නානවා කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Meh, Uba Sanjiva Senananayake ne?? Isipathaneta giya ne??

    Dan ubane patalo gaththe.
    Man ahanne Buddhist kenek oka wena thana innwada kiyana eka nemene.

    Dan athe gahan innawa tattoo eka.
    Eki sex karanawa thawa suddek ekka, Ethakota Buduhamuduruwanta apahasa wenawa.
    Ekai uba kiyanne

    Dan paththarayk print karanawa buddha rupe ekka.
    Eka puchchanwa nathnam wisi karanawa mokada eka thama job eka.
    Paththarra laksha ganaka pinthure witharak kapala thiyaganan ekada ube wisaduma?

    Oka waraddak neme. Ekai kiyanne

    මම ගියේ නුවර නුගවෙල විද්‍යාලයට. මාවතගම පාරේ. මම කියන්නේ ඒක තමයි මචං පත්තරයක් print කරලා ඒක පුච්චන එක වැරදියි කියනවා වගේම බුදු රෑපේ ශරීරයේ එක එක තැන් වල කොටා ගන්න එකත් වැරදියි කියන එකයි මම කියන්නේ. උඹ කිව්වේ පත්තර වලට එහෙම වෙන නිසා මේක කරාම මොකද කියන එකනේ. ඒක තමයි උඹේ තර්කය. බුදු රෑපේ තියෙන පත්තර අඩුම ගානේ මොකක් හරි දහම් කරැණක්, ගාථාවක් හරි තියෙනවා. එතකොට මෙහෙම ගනිමු. දැන් බුදු රෑපේ පච්ච කොටන එක වැරැද්දක් නෙවෙයි කියමු. ඔන්න දැන් බෙෘද්දයොයි අබෙෘද්ධයොයි ඔක්කෝම අතේ කකුලේ ශරීරයේ තව තව තැන් වල බුද්ධ රෑපේ කොටාගෙන ලංකාවේ පාරවල් වල යන්න පටන් ගන්නවා. මුන් කරන ඔක්කෝම දහ ජරා වැඩ වලට බුදු හාමුදුරැවෝ auto සම්බන්ධ වෙනවා අතක කකුලක එල්ලිලා. උඹ කියන්නේ ඒක හරිද ??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි හරි දැන් ලේ කොප නොකර කියපන්කො මේ ගැනිට දුන්න දඩුවම මොකක්ද කියලා.. බිස්නස් ක්ලාස් ටිකක් එක දඩුවමක්ද? සොරි නොනා ආයේ එන්න අපි ෆ්‍රී ඔක්කොම ද්හෙන්නම් කියලා ප්ලේන් එකට නග්ගලා කියන එක දඩුවමද? උබේ ශද්‍රාව ගැන කිසි ගැටලුවක් නැ මල්ලි. ගැටලුව තියෙන්නේ, ඉස්සෙලා ඩිටෙන්ශන් කරලා නඩු දාලා, පස්සේ සොරි කියන එක.. ඒක සින්හලකමද? ඔකට අපි කියන්නේ ඉල්ලගෙන නානවා කියලා.

    උඹ පොලීසියෙද වැඩ කරන්නේ දඩුවම් දෙන්න. මමනම් කාටවත් දඩුවම් දෙන්නේ නෑ. දඩුවම් දිය යුතු අයට ඒ දඩුවම සුදුසුයි කියලා කියනවා. අපිට උඹලා වගේ කාටවත් දඩුවම් දෙන්න බලයක් නෑනේ. උඹලනේ අර සහජීවන අමාරැවෙන් බෙෘද්ධයින්ව අමාරැවේ දාන්නේ. මහත්තයෝ ඉස්සෙල්ලා රටින් පිටුවහල් කලේ මම නෙවෙයිනේ. මම කිව්වේ ඒ ගෑනී වැරදියි රටින් යවපු එක හරි කියලා. දැන් ආපහු ගෙන්න ගන්නෙත් මම නෙවෙයිනේ. දැන් මම කියන්නේ එහෙම එන්න දෙනවනම් ඒක වැරදියි කියලා. ඊට පස්සේ වෙන දේවල් ඒ ගෑනි නැවත රටට ආවම බලමු.