මමත් බන් මට දැනුම් තේරුම් තියෙන කලේ ඉඳලා කෙට්ටුයි.. කෙට්ටු එක මට මුලින්ම අවුලක් උනේ නෑ, ඒවුණාට පස්සේ හම්බෙන හැම එකාම "අනී කෙට්ටුයි ඇදිල ගිහිල්ල" වගේ talk දෙනකොට නම් පට්ට මලක් තිබ්බේ.. ඒත් එක්කම ආත්ම විශ්වසේත් නැතිවුණා..
Campus ඇවිල්ලත් කෙට්ටුයි අවුරුදු දෙකක් විතර යනකන්.. පස්සේ කොරෝන නිසා ගෙදර ඉන්න set උනා නේ.. ඊටපස්සේ ටික ටික මහත් වෙන්න පටන් ගත්තා.. මං හිතන්නේ ගොඩක්ම මට උනේ stress නැති වෙච්ච එක.. මං campus යද්දී හැමතිස්සෙම මගේ පෙනුම ගැන හිතනවා.. පොඩිකාලේ වගේ මිනිස්සු මට හිනවෙයිද එහෙම කියලා.. මට campus එකේ canteen එකට ගියත් ඔය අවුල නිසා හරියට කෑමක් බීමක් නෑ.. ගෙදර හිටියත් කන්න fit එකක් නෑ ඕවා කල්පනා කරලා පුරුදු වෙළා.. හැබැයි කොරෝන එක්ක ඒ stress ටික ටික නැතිවෙලා ගිහින් ගානට මහත් වෙළා ආවා..
මං මේ හෑල්ලක් කිව්වේ බන් උඹට කන්න බැරි ව ඇත්තේ ඔහොම mental scn එකක් නිසා ද දන්නෑ.. එහෙම එකක් නම් එකට focus කරපං.. කෑම ප්රශ්න හරිගිහින් ඉබේම මහත් වෙනවා naturally...