එහෙත් මැරී යන ස්වභාවයට අයිති මේ දේවල් එසේ නොවේවා! කියමින් සත්වයෝ නොමැරී පවත්වන්නට කැමති වෙති එය පවා අයත් වන්නේ දුකට යි.
සාදු! සාදූ!! සාදූ!!!
බොහොම පින් මිතුරනි, මේ දහම් සාකච්ඡාච ඉදිරියට ගෙන යාම ගැන...
දහම නොදත් අය සිතන්නේ ලැව්ගිනි, ගං වතුර, සොර සතුරු උවදුරු ආදිය "අමාතාපුත්තික භය" ලෙසින්. එනම්, අම්මාට පුතා ව නැති වී යන; පුතාට අම්මා ව නැති වී යන උවදුරු ලෙස...
එහෙත්, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඔවුන් එසේ කියන්නේ අවබෝධයක් නැතිව ම බවයි... ඒ මක් නිසාද යත්, එසේ මඟ නො ඇරෙන්නට ඉඩ ඇති බැවින්...
එහෙත්, අම්මාට පුතාව කිසි සේත් ගලවා ගත නොහැකි, පුතාට අම්මාව කිසි සේත් ගලවා ගත නොහැකි බය උන්වහන්සේ පෙන්වා දෙනවා..
එනම්, සසරෙහි යන සත්වයන්ට ගැලචීගත නොහැකි වූ ජරා, ව්‍යාධි, මරණ යන භය යි.
එතැනින් නො නවතින උන්වහන්සේ භයෙන් මිදෙන ආකාරයත් කියා දෙනවා...
ඒ ගැන කියවෙනවා මෙම දෙසුමේ...
http://www.gautamabuddha.ca/bana/sinhala/078_Amathaputtika_Bhaya_Maha_Chattarisaka_Suttas.mp3
තෙරුවන් සරණයි!


